Coss Ear2
lakbima.lk
COSS Ear 1

 

දරුවකුට මුලින්ම පැමිණෙන දත් 'කිරිදත්' ලෙස හඳුන්වන බව අපි දනිමු. මේවා ස්ථිර නොවේ. මේවා වැටී දරුවන්ට ස්ථිර දත් පැමිණෙන්නේ වයස අවු: 07 ක් පමණ වූ විටය.

කිරිදත් ස්ථිර නොවන නිසා ඒවා ආරක්ෂා කර ගැනීම එතරම් වැදගත් නොවන බව ඇතැම් දෙමාපියන්ගේ මතයයි. නමුත් කිරිදත් ආරක්ෂා කර ගැනීම ඉතාම අවශ්‍යය.

කිරිදත් ආරක්ෂා කර ගත යුතු වන්නේ ඇයි?

වඩා වැදගත් වන්නේ රෝග වලට ගොදුරු වී ප්‍රතිකාර ගැනීම නොව රෝග වලින් ආරක්ෂා වීමය.

දත් වල වේදනාවක් ඇතිවීම දරුවන්ට දරා ගැනීමට අපහසුය. එමනිසා එවැනි තත්ත්වයක් ඇති නොවීමට සැලකිලිමත් විය යුතුය.

දරුවන්ගේ වර්ධනය සඳහා අවශ්‍ය පෝෂණ කොටස් ශරීරයට උරා ගැනීමට ආහාර කුඩා කැබලි වලට කැඩිය යුතුය. ඒ සඳහා දත් ශක්තිමත් විය යුතුවේ.

ස්ථිර දත් පැමිණෙන තෙක් ඒ සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය පවත්වාගෙන යාමට කිරිදත් අවශ්‍ය වේ.

දත් දුර්වර්ණ වීම, කැඩී යාම, මුහුණේ පෙනුම අඩුවීමට හේතුවන බැවින් දත් නිරෝගී වීම බාහිර අලංකාරය සඳහා ද අවශ්‍ය වේ.‍
 

දත් ආරක්ෂා කර ගන්නේ කෙසේද?

දත් ශක්තිමත් වීම සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථය කැල්සියම්ය. එම නිසා කැල්සියම් අඩංගු ආහාර දරුවන්ට ලබා දිය යුතුය.

නමුත් දත් දිරා යාමේ ප්‍රධාන හේතුව සීනි සහිත කෑම නිතර නිතර ආහාරයට ගැනීමයි. එම නිසා එවැනි ආහාර දරුවන්ට ලබා දීම අවම කළ යුතු අතර ඒ වෙනුවට පළතුරු වර්ග ආහාරයට ගැනීමට දරුවන්ට හුරු කළ හැකිය.

දත් නිසි ලෙස පිරිසිදු නොකිරීමද දත් දිරා යාමට ‍තවත් හේතුවක් වේ. එමනිසා කුඩා කාලයේ සිටම දරුවන්ට දිනකට දෙවරක් දත් මැදීමට හුරු කළ යුතුය. කුඩා දරුවන් රාත්‍රියට කිරි භීමෙන් අනතුරුවද දරුවන්ගේ දත් තෙත පුළුන් කැබැල්ලකින් පිස දැමීමට පුළුවන.

 

උපදෙස් -  දන්ත ශෛල්‍ය වෛද්‍ය දමයන්ති අදිකාරි

සටහන -  උලදිනී සේනානායක

 

 

  1. වතුර සමඟ ක්‍රීඩාව දරුවාගේ මොළය වඩන කදිම මං පෙතකි.
  2. ශාක පත්‍ර භාවිතා කරමින් සිඟිති දරුවන්ට ක්‍රියාකාරකම්
  3. කුඩා දරුවන් 'බඩ පිරෙන්න' බත්ම කෑ යුතු නැත
  4. පාස‍ලේදී ශාස්ත්‍රීය ආගම නොව ප්‍රයෝගික ආගම උගන්වමු
  5. ඔබට නොසිතෙන ආකාරයට දරුවා ඉගෙන ගන්නා පාඩම් මොනවාද?
  6. කුඩා දරුවන්ට ඉලක්කම් හඳුන්වා දීමේ නිවැරදි ක්‍රමය මෙසේයි
  7. ඔබේ දරුවාගේ යහපත් හැසිරීම් ගොඩනැගිය යුත්තේ මෙහෙමයි
  8. දරුවන්ට නිවැරදිව ගණන් කිරීමට උගන්වමු
  9. ඔබ කරන කියන දේ දරුවන් තේරුම් ගන්නේ කොහොමද?
  10. දරුවාට පාඩම් කරන්නට නිවසේ වෙනම කොටසක්
  11. ඔබේ සිඟිත්තාගේ ආරක්ෂාව පිළිබඳව ඔබට සෑහීමට පත්විය හැකිද?
  12. වැලි කෙළිය දරුවාගේ මොළය වර්ධනයට ප්‍රබල පිටුවහලකි
  13. සිඟිති දරුවන්ට ගායනය හුරු කරමු
  14. සිඟිති මතක ප්‍රබල කරමු
  15. දරුවාට පුහුණු කළ යුතු ආහාර ගැනීමේ නිවැරදි ක්‍රම

Page 1 of 17

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.