Coss Ear2
lakbima.lk
COSS Ear 1

සිඟිති දරුවන් සඳහා ගීත නිර්මාණය කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු බේ. ඒවා අතරින් සමහරක් මෙසේ පෙන්වා දීමට පුළුවන.

  • ගීත වඩාත් දීර්ඝ නොවිය යුතුය.
  • සරුල වචන සහිත විය යුතුය.
  • ළමා ලෝකයට අදාල දේවල් සම්බන්ධයෙන් සකස් විය යුතුය.
  • දරුවන්ට ගීතයේ අර්ථය අවබෝධ කර ගැනීමට පහසු විය යුතුය.

පහත දැක්වෙන්නේ සිඟිති දරුවන් සඳහා නිර්මාණය වූ එවන් ගීත කිහිපයකි.

හා හාමි
 

පුළුං වගේ සුදු පාටයි

හා හාමී මං

උඳුපියලිය කැරට් කන්න

හරි ආසයි මං

හයියෙන් පැන පැන යන්නට හපන වුණත් මං

ඉබ්බ එක්ක රේස් දුවල

පැරදුනානෙ මං

පුංචි ළමයි හරි සතුටින් පාසල් යනවා
 

පාට පාට මල් පිපිලා           - සුවඳ හමනවා

සමනළයෝ මලින් මලට    - පියඹා යනවා

පුංචි පුංචි කුරුළු පැටව්    - ගීත ගයනවා

පුංචි ළමයි හරි සතුටින්     - පාසල් යනවා

හොඳ දරුවකු වෙන්නම්

 

සාදු සාදු මල් අරගෙන

පන්සල් යන්නම්

පෝය දාට සුදු ඇඳගන

සිල් අරගන්නම්

පුංචි සාදු කියනා බණ

පද අහගන්නම්

බණ අහලා කීකරු හොඳ

දරුවකු වෙන්නම්

හඳහාමී
 

රෑ උනාම ආකාසේ        -  බබලන හඳහාමී

පෝයදාට වටකුරුවී      - හිනැහෙන හඳහාමී

උදෑසනට හැංගෙන්නේ - ඇයිදෝ හඳහාමී

පුංචි අපට කිරියි පැණියි දෙනවද හඳහාමී

පාරේ යන විට
 

පාරේ යද්දී පාර පුරා

දුවන්නෙ නෑ මං

සෙල්ලම් බඩු ඉල්ල ඉල්ල

අඬන්නෙ නෑ මං

අම්මගෙ හරි තාත්තගෙ හරි

අත අල්ලන් මං

හැම වෙලේම පාරෙ යන්නෙ

දකුණු පැත්තෙ  මං

 

ජලදිනී සේනානායක

  1. කුඩා කල දඟ දරුවන් වැඩිහිටි වියේදී චණ්ඩින් විය හැකිද?
  2. සමහර බිලිඳුන් හේතුවක් නැතිව මහ හඩින් අඬන්නේ ඇයි?
  3. අනාගත දරු පරපුර වෙනුවෙන් අපෙගේ ගැමි ජනකතා සුරකිමු !
  4. දරුවන් මානසික රෝගීන් වීමට වාචික හා ශාරීරික දඬුවම් සෘජුවම බලපානවා
  5. සංඛ්‍යාත්මක අගය පිළිබඳව දරුවන්ට අවබෝධය ලබා දෙන්නේ කෙසේද?
  6. දරුවන්ට කතන්දර කියාදෙමු
  7. සිඟිති දරුවන්ට ළමා ගී හුරු කරමු
  8. ඔබේ සිඟිත්තාගේ ආරක්ෂාව පිළිබඳව ඔබට සෑහීමට පත්විය හැකිද?
  9. සමහර වැඩුණු දරුවන් ඇඳ තෙමන හේතු සොයා බලමු
  10. 'සංගීත පුටු' සිඟිති මනැස සංවර්ධනයට උදව්වකි
  11. සිඟිති දත් රැකීමත් වැදගත්
  12. ඔබේ දරුවාත් අනාගතයේ දක්ෂ ලේඛකයෙක්
  13. පෙර පාසල් යාමට දරුවාගේ මනැස සකසමු
  14. දරුවාට සුන්දර ලොවක් තනා දීමට කැප වෙමු

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.