Coss Ear2
lakbima.lk
COSS Ear 1

සිඟිති දත් රැකීමත් වැදගත්

දරුවාගේ නිරෝගී බව පිළිබඳව සැලකිලිමත් වන විට මුඛ සෞඛ්‍යය සම්බන්ධයෙන්ද මව්වරුන්ගේ අවධානය යොමු විය යුතුමය. ස්ථිර දත් මෙන්ම කිරිදත්ද ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත්ය.

දරුවන්ගේ දත් දිරා යාමට හේතුව කැල්සියම් අඩුවීම බව බහුතරයක් මව්වරුන්ගේ අදහසය. දත්වල ශක්තිමත් බව රැක ගැනීමට කැල්සියම් අවශ්‍ය බව සත්‍යයකි.

නමුත් දරුවන්ගේ දත් දිරා යාමට ප්‍රධානම හේතුව වන්නේ සීනි සහිත ආහාර වැඩිපුර ආහාරයට ගැනීමයි. සීනි සහිත ආහාර මත මුඛයේ සිටින බැක්ටීරියා ක්‍රියා කිරීමෙන් ඇති වන අම්ල දත මතුපිට ක්‍රියා කිරීම නිසා දත් දිරායාම ආරම්භ වේ.

එම නිසා සීනි සහිත ආහාර නිතර දරුවන්ට ලබා නොදීමට දෙමාපියන් සැලකිලිමත් විය යුතුය. ඒ අතර ඒ වෙනුවට පළතුරු වැනි දෑ දරුවන්ට ලබා දීමට උනන්දු විය යුතුය.

බොහෝ දරුවෝ පැණිරස දේවල් ආහාරයට ගැනීමට ප්‍රිය කරති. නමුත් මෙමගින් දත් වලට සිදුවන හානිය මෙන්ම දත් දිරා යාමෙන් ඇතිවන වේදනාව ද දත් දිරා යාම නිසා අවලක්ෂණ පෙනුමක් ඇති වීම යනාදී දේවල් පිළිබඳව දරුවන් දැනුවත් කළ යුතුය.

මීට අමතරව දිනකට දෙවරක් දත් මැදීමට දරුවන්ට හුරු කළ යුතුය. බහුතරයක් දරුවෝ දත් මැදීමට මැලි වෙති.  එසේ වන්නේ එය ඔවුන්ට කරදයක් ලෙස දැනෙන නිසාවෙන් හා දෙමාපියන් ඒ සඳහා ඔවුන්ට බලපෑම් කරන නිසාවෙනි.

එම නිසා දරුවන් දත් මැදීමට අකමැති නම් ඒ සඳහා හුරු කළ යුතු වන්නේ එය දරුවන්ට කරදරකාරී දෙයක් ලෙස නොවේ.

දරුවාට කවියක්, කතන්දරයක් කියා දෙමින් දත් මැදීමට පුළුවන. එවිට දරුවාගේ අවධානය ඔබ විසින් පවසන දෙයට යොමුව ඇති බැවින් දත් මැදීමට අපහසු වන්නේ නැත.

දරුවා කැමති අයකු සමඟ දත් මැදීමට ඉඩ දිය යුතුය. කුඩා දරුවෝ වැඩිහිටියන් අනුකරණය කිරීමට කැමති වෙති. එමනිසා දරුවා සමඟ ඔබත් දත් මදින්නේ නම් එවිටද දරුවා කැමැත්තෙන්ම ඔබ හා එකතු වීමට පුළුවන.

 දරුවා කැමති පාටක හැටයක දත් බුරුසු ලබා දීමට කටයුතු කිරීමද දරුවාට දත් මැදීමට උනන්දු කරවීමට තවත් ක්‍රමයකි. 

දන්තාලේප යොදා දත් මැදීමට අකමැති දරුවන්ට මුලින්ම දන්තාලේප නොමැතිව දත් මැදීමට ඉඩ දී පසුව දන්තාලේප වලට හුරු කළ හැකිවේ.

එමෙන්ම දත් මදින අවස්ථාවල දී දරුවා අගය කිරීමට දෙමාපියන් අමතක කළ යුතු නොවේ.

(දන්ත ශල්‍ය වෛද්‍යවරියකගේ උපදෙස් ඇසුරිනි)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.