Coss Ear2
lakbima.lk
COSS Ear 1

දරුවන් සමඟ වෙසක් උත්සවය සමරමු

වෙසක් පොහොයට ඇත්තේ තව දින කිහිපයකි. අතීතයේ සිටම වෙසක් උත්සවය සැමරීමට කරන ලද දේ බොහෝය. ආගමික කටයුතු මෙන්ම තොරණ, වෙසක් සාරසිලි, වෙසක් කූඩු, වෙසක් සුබ පැතුම්පත් ආදිය සඳහා උනන්දු වන අය සිටිති.

අතීතයට සාපේක්ෂව මේවාගේ යම් අඩුවීමක් තිබුණද අදටද මේ සඳහා ‍උනන්දු වන පිරිස සිටීම පිළිබඳව සතුටු විය හැකිය.

වෙසක් උත්සවය වෙනුවෙන් කරනු ලබන බොහෝ දේ සිඟිති දරුවන්ගේ කුසලතා වර්ධනය සඳහා යොදා ගත හැකිය.

ඒ කෙසේදැයි බලමු,

දරුවන් සමඟ එක්වී වෙසක් කූඩු සෑදීම, සැරසිලි කිරීම, ආදිය කළ හැකිය. ඒවා ඔවුන්ගේ ඇඟිළි වල මාංශපේෂී ක්‍රියාකාරී වීමට උපකාරිවේ.

ඒ අතර වෙසක් කූඩු හා බකට් ආදියේ වර්ණය, හැඩය, ප්‍රමාණය යනාදී කරුණු පිළිබඳව කථා කිරීමට පුළුවන.

උදා -: තරුවට රතු පාටයි, කහ පාටයි අලවමු

           සුදු පාට අටපට්ටම, නිල් පාට අටපට්ටමට වඩා ලොකුයි

  • නෑදෑ හිත මිතුරන් වෙත යවන ශුභ පැතුම් පත්ද දරුවන් සමඟ එක්වී සකස් කිරීමට පුළුවන.
  • වෙසක් පොහොය වැදගත් වන්නේ ඇයි ද යන්න දරුවන්ට වටහා දෙන්න.
  • දරුවන් සමඟ එක්වී ආගමික කටයුතු වල නිරත වන්න.
  • දරුවන් සමග විහාරස්ථානයකට යාම අනිවාර්යයෙන්ම සිදු කරන්න.

    එමෙන්ම වෙසක් අසිරිය නැරඹීමට ද දරුවන් රැගෙන යාමට අමතක ‍කරන්න එපා.

 

ජලදිනී සේනානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.