Coss Ear2
lakbima.lk
COSS Ear 1

බුදු දහමින් ඉගැන්වෙන දරු සෙනෙහසේ මහිමය

ලොව හටගන්නා සෑම ජීවියෙකුටම මවක් හා පියෙක් සිටිති. ඒ අය හඳුන්වන නාමය දෙමව්පියන්ය.
 දෙමව්පියන් යන්නට යෙදෙන අන්වර්ථ නාම රාශියකි. බ‍්‍රහ්ම, පුබ්බ දේව, පුබ්බ චරිය, ආහුන්‍යෙ, පූර්ව දෙවි, පූර්ව ආචාර්යවරු, මව්පිය ආදී සුදුසු අය. (අ.නි.ආහුන්‍යෙ සූත‍්‍රය, දසක වර්ගය* මෙම වචන වලින් කියවෙන්නේ මව්පියන් යන අර්ථයයි. මනුෂ්‍ය වර්ගයාගෙන් සෑම කෙනෙකුගේම රැුකවරණය, ආදරය, සෙනෙහස, දයාව, කරුණාව ලබා දෙන්නේ දෙමාපියන්ය. කිසිවක් කර කියා ගැනීමට නොහැකිව මෙලොවට පහළවන කුඩා දරුවා ඇති හැකි කෙනෙක් බවට පත් කරනුයේ අන් කිසිවෙක් නොව දෙමාපියන්ය. සෑම දරුවකුගේම  වගකීම අම්මාට හා තාත්තාට සම සමව ලැබේ. ඒ දෙදෙනාගේ එකතුවෙන් ලැබෙන උත්තුංග ඵලය දරුවා වන නිසාය.
 අම්මා හා තාත්තා යන්න වෙන වෙනම හඳුනා ගැනීම වැදගත් වේ. අම්මා යනු කවුද යන පැනයට ඔබේ සිතෙහි පිළිතුරක් සකසාගෙන හෝ සෑදී තිබෙනු ඇත. පරියාය වචන සමූහයකින් අම්මා හඳුන්වා ඇත. මාතා, මව, මාතෘ, සුහදා, ජනයන්තී, පොසෙන්තී, ආදී වචන ගණනාවකින් පැහැදිලි කරන්නේ අම්මා යන අකුරු තුනයි. දරුවන්ට වඩාත් සමීපම තැනැත්තිය අම්මායි. ඒ සෑම මවක්ම තම දරුවන්ට දස මාසයක් තම කුස පූජා කළ නිසාය. සෑම අම්මා කෙනෙක්ම එම කාලය තුළ නොවිදනා දුක් කන්දරාවක් විදින්නේ දරු සෙනෙහසේ මහිමය නිසාය. දරුවා කුසට පැමිණි මොහොතේ සිට සෑම මවක්ම ඒ වෙනුවෙන් කරන පරිත්‍යාගය වචන වලට නෑගීම දුෂ්කරය. මෙලොව එළිය දකින දරුවා කෙරෙහි උපන් දාරක සෙනෙහස නිසා මහා  ආශ්චර්යමත් සිදුවීමක් එම ශරීරාභ්‍යන්තරයෙහි සිදු වේ. එනම් රක්තවර්ණ රුධිර ධාරාව සේතවර්ණ ස්වරූපයට පෙරළී කිරි බවට පරිවර්තනය වීමයි. මේ හා සමාන විශ්මිත සිදුවීමක් මේ ලෝකධාතුවේම නැත. කිසිදාක රතුපාට තීන්ත එකකට සුදුපාට කලවම් කිරීමෙන් රතුපාට නැතිකළ නොහැක. එහෙත් මව් කිරිවල එසේ කලවම් බවක් නැතිව දරුවා ඉල්ලන අඬන සෑම වේලාවකම උතුම් සෙනෙහසේ මහිමයෙන් දරුවාට කිරි එරෙයි. මෙම විශ්වව්‍යාපී සිද්ධාන්තය මනුෂ්‍ය  අම්මාටද තිරිසන් ගත අම්මාටද වෙනසක් නැත. මව් පදවිය තරම් උත්තරීතර පදවියක් ලොව තවත් නැත. මුළු ලොව සුවපත් කරන මුළු ලොව තත්වාකාරයෙන් දැන දැක පසක් කර වදාළ බුදුරජාණන් වහන්සේ නමක් පවා බෝසත් අංකුරයක් සේ ලොවට දායාද වන්නේ මවකගේ කුසිනි. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ වැනි උදාර උතුමන් වහන්සේ නමක් ලොව අන් කිසිවෙකුට සමාන නොකලත් ඒ හා සමාන ස්වභාවයක් මවට ලබාදී ඇත්තේ ඒ හේතුවෙනි. ගෙදර බුදුන් අම්මා යන ප‍්‍රසිද්ධ පාඨය පවා සමාජ ගත වූයේ මවට කරන සැලකිල්ලක් ලෙසය. සෑම ගෙදරකටම මිණි පහනක් සේ මව ඉටුකරන උදාර සේවය අති මහත්ය. දරුවන්ගේ සහා තම ස්වාමියාගේ සියලූ‍ වගකීම් සිය කරට ගෙන බැ?රුම් කාර්යයක් ඇය ඉටු කරන්නේ කෙසේදැයි අප කල්පනා කළ යුතුය. නමුත් මෙම ප‍්‍රසිද්ධ පාඨය කාලීන වශයෙන් වෙනස් විය යුතුය. ගෙදර බුදුන් දෙමව්පියෝ යනුවෙන් ප‍්‍රති නිර්මාණය කීරීම කාලීන අවශ්‍යතාවයකි. මෑත කාලයේදී ජර්මනියේ කරන ලද පර්යේෂණයකින් පැහැදිලි කර ගෙන ඇත්තේ මවක් එක් දවසක් තුළ දරුවන්ගේ, ස්වාමියාගේ හා ගෙදර වැඩ වෙනුවෙන් ඇවිදින දුර ප‍්‍රමාණය දිගු කොට ඒ ප‍්‍රමාණය පුරුෂයෙක් ඇවිද්ද හොත් ඔහු ක්ලාන්ත වන බවයි. එසේම මව් පදවිය නැමැති උත්තරීතර පදවිය ලබන මොහොතේ (දරුවා බිහි කිරීමේදී* මවගේ පිටවන රුධිරය පිරිමියෙක්ගෙන් පිට වුවහොත් ඔහු ජීවිතක්ෂයට පත්විය හැකි බව පෙන්වා දී ඇත. මවක් ලෙස ඇය සිදුකරනු ලබන පරිත්‍යාගයට ඇයට සාධාරණය ඉටුවී ඇද්දැයි අප කල්පනා කළ යුතු.
බුදුරජාණන් වහන්සේ වැනි ජ්‍යෙෂ්ඨත්වයට පත් වූ උතුමන් පවා මවගේ වටිනාකම ලොවට වදාරා ඇත්තේ ඇය පූජාව පූජනීයානං යන මංගල වදනට එක් කරමිනි. මහා බ‍්‍රහ්ම සංකල්පය තුළ විද්‍යාමාන වන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන උතුම් ගුණාංග දෙමව්පියන් තුළ ද ඒ ආකාරයෙන්ම සමන්නාගත බව සූත‍්‍ර පිටකයේ විවිධ සූත‍්‍ර, ආශ‍්‍රයෙන් පැහැදිලි වේ.
මෛත‍්‍රී සිතුවිල්ල හෙවත් මිතුරුකම සැබෑ ලෙස සකල සත්වයා කෙරෙහි පතලා වූ හිතවත් භාවය, සියලූ‍දෙනා නිරෝගී වේවායි සිතන ස්වභාවය මෙත්තා ගුණය ලෙස දැන් විය හැකි අතර (සං.නි.* මෙත්ත සූත‍්‍රය, (අ.නි.* මෙත්තානිසංස සූත‍්‍රය ආදියෙන්ද කරණීය මෙත්ත සූත‍්‍රයේද මෙම සැබෑ මිතුරුකම අර්ථ ගන්වා ඇත. තම දරුවන් කෙතරම් ප‍්‍රමාණයක් වුවත් ඒ සියල්ලන්ට භේදයකින් තොරව පතලා වූ මෙත් සිතුවිල්ලෙන් යුක්ත ලොව එකම දෙපළ වන්නේ දෙමාපියන්ය.
‘‘පරදුක්ඛේ සති සාධූනං හදය
කම්පනං කරොතීති කරුණා’’ යනුවෙන් දුකට පත් වූ අයෙක් දැකීමෙන් හදවතේ කම්පන ස්වභාවය කරුණාවයි. අම්මා දරුවන් කෙරෙහි පතල මහා කරුණාවෙන් යුක්ත ගුණය නිසා ලේ කිරිකර පොවා දරුවන් පෝෂණය කරයි.
 මුදිතා ගුණය නම් සතුටු වීමේ ගුණයයි. දරුවන්ගේ දියුණුව දැක අවංකවම සතුටු වන්නේ දෙමාපියන්ය. ‘‘නන්දති පුත්තේහි ප්ත්තිමා’’ (ස.නි.* නන්දති සූත‍්‍රයේ සඳහන් වන්නේ අම්මා තාත්තා දෙදෙන දරුවන් වෙනුවෙන් නොකරන දෙයක් නැති තරම්ය. තම දරුවන්ගේ දියුණුව,
අපේක්ෂාව, සතුට වෙනුවෙන් ඇතැම් දෙමාපියන් මනුෂ්‍ය ඝාතන, සොරුන් නිදහස් කර ගැනීම්, පවා කර ඇති බවට ජාතක කතා පාලිය සාක්ෂි දරනු ඇත.
උපේක්ෂාවනම් මධ්‍යස්ථ ස්වභාවයයි පන්ති කාමරයේ සිටින දරුවන් තිස් පහට ගුරු මවකට හෝ පියෙකුට එක සමානව සෙනෙහස දයාව දැක්විය නොහැකිය. එහෙත් දරුවන් පස්දෙනෙක් සිටින දෙමාපියන් ඒ පස්දෙනාටම සිත නොරිදෙන ආකාරයෙන් සමසේ සියල්ල බෙදාහදා දීමේ සිට සෙනෙහසේද අඩුවක් නොකොට ඉටු කරති.
මේ ගුණ හතරෙන් යුතු සැබෑ දෙමාපියන් කවුද යන්න දරුවන්ද තේරුම් ගත යුතුය.
දරුවන් බිහිකරන දෙමාපියන් මේ  ලෝකයට දරුවන් තුන් ජාතියක් බිහිකරන්නේය.  අතිජාත, අනුජාත, අවජාත වශයෙනි. අතිජාත යන්නෙන් අදහස් කරන්නේ එම දරුවන් තම දෙමාපියන්ටත් වඩා ගුණ නුවණින් පිරිපුන් දරුවන්ය. අනුජාත දරුවන්නම් තම දෙමාපියන් හා ගුණ නුවණින් යුතු දරුවන්ය. අවජාත නම් තම දෙමාපියන්ටත් වඩා පහත් ලෙස ගුණ නුවණ යන දෙයාන්ෂයම පිරිහුණු දරුවන්ය. ඒ ඒ අයගේ කර්ම ශක්තීන් අනුවද පින්වත් දරුවන් හා පාපකාරී, අකීකරු දරුවන්ද ලැබෙනු ඇත. ඇතැම් දරුවන් සංසාරයේ පතාගෙනම  විත් මව පියාගෙන් පලිගැනීමේ චේතනාවෙන්ම මව් කුස පිළිසිඳ ගනී. නවීන ලෝකයේ සිදු කරනු ලබන විවිධ පර්යේෂණ මගින් එසේ පලි ගැනීමේ චේතනාවෙන් මව් කුස පිළිසිඳගත් දරුවන් පිළිබඳ වාර්තා හමුවී තිබේ.
බෞද්ධ සාහිත්‍යයේද මව්පියන් හා දරුවන් අතර පවත්නා අවියෝජනීය සම්බන්ධතාවය විවරණය වන ජාතක කතා රාශියක් හමුවේ. මාතු පෝසක ජාතකය, සාම ජාතකය, පිය ජාතික සූත‍්‍රය ආදියෙන් ඒ බව මනාව පැහැදිලිය.

කිරිඳිගල්‍ලේ ඤාණරතන හිමි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.