Coss Ear2
lakbima.lk
COSS Ear 1

මතක ශක්තිය වැඩි කර ගැනීමේ උපක්‍රම

මතක ශක්තිය මුළු ජීවිතය පුරාම අපට අත්‍යවශ්‍යය. ‘මේ ගන්න දේ මේ මතක නෑ. මේ කියුව දේ මේ මතක නෑ’
සමහර අවස්ථාවල කිසියම් කෙනෙක් එහෙම කියනවා ඔබ අනන්තවත් අසා ඇතුවාට සැක නෑ. 
එහෙම නැත්නම් ඔබටත් මේ වගේ දේවල් සිදුවෙලා ඇති.
විශේෂයෙන් ඉගෙනුම ලබන දරුවන්ට මතක ශක්තිය රඳවා ගැනීම අතවශ්‍ය කරුණක්. 
එහෙමනම්  ඔබේ මතක ශක්තිය වැඩිකර ගැනීමට  ඔබටත් අවශ්‍යයි. මනෝ විද්‍යාත්මක පර්යේෂණ ඇසුරෙන් හෙළිදරව් කරගෙන ඇති  පහත සඳහන් කරුණු ඔබට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනු ඇති.
මේ සම්බන්ධයෙන් ඔබේ දරුවන් දැනුවත් කිරීමට ද ඔබට පුළුවනි.
 
* දිගු කාලීනව මතකයේ රඳවාගත යුතු දේ පිළිබඳව හොඳින් හා වැඩිපුර සිතන්න.
* ඔබ මතක  තබාගන්නට උත්සාහ දරන නවතම තොරතුරු පිළිබඳව මනසින් විධාණාත්මක ප්‍රශ්න නැගීම හා ඒ අරුත් සොයමින් (විමසමින්) යම් කාලයක් ගත කරන්න.
* මතක තබාගත යුතු වැදගත්ම දේවල් ඔබ දැනටමත් දන්නා ඊට අදාළ තොරතුරු සමග සම්බන්ධකරමින් පවු‍ලේ සාමාජිකයන් සමගින් කතාබහ කරන්න. නැතිනම් තනිවම  එවැනි තොරතුරුවල ඇති සම්බන්ධකම් මෙනෙහි කරන්න. මෙමගින් එකිනෙකට සම්බන්ධ බොහෝ තොරතුරු රාශියක්ම දිගුකාලීනව මතකයේ රඳවා ගන්න ඔබට පුළුවන්. 
* මතක තබාගත යුතු කරුණු ගැන දැඩි අවධානයක් විශේෂ සැලකිල්ලක් යොමු කරන්න.
 
ඔබ යම් දෙයක් පිළිබඳ නිතර සිතුවද, එය භාවිතයට ගනු ලැබුවද ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු නොකළහොත් එය මතකයේ රඳවා ගැනීම එතරම් පහසු නොවනු ඇත.
මේ සඳහා ඔබට පුංචි උදාහරණයක් කියන්නම්. ඔබ දිනපතා හෝ සමහරවිට දිනකට කීප වරක් හෝ භාවිත කෙරෙන මුදල් නෝට්ටුවක ඇති රූප සටහන් ඔබට මතකයෙන් කිව හැකිද? 
පසුගියදා අපේ රටේ අලුතින් ව්‍යවහාරයට එක් වූ රුපියල් දහසේ නව මුදල් නෝට්ටුවක් අතට අරන් මේ පියවර අරඹන්න. මෙහිදී අපේ රටේ අලුතින් රුපියල් දහසේ නෝට්ටුවක් සංසරණයට  එකතු වූ බව මුලින්ම ඔබ මතක තබා ගන්න. ඊළඟට එම තොරතුරු ඔබේ පවු‍ලේ අය, අසල්වැසියන්, සේවක ස්ථානයේ අය සමග මේ ගැන කතා  කරන්න. දැනට භාවිතයේ පවතින රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුව ගැන ඔබට මතකද?  එහි ඇති විශේෂ රූප සටහන් ඔබට මතකයෙන් කිව හැකිද?. එහි ඔබේ මතකයේ නොමැති බවඔබට පැහැදිලි වුණා නේද? නෝට්ටුවේ ඇති රූපවලට ඔබ අවධානය යොමු කර නොමැති නම් එය ඔබේ මතකයේ නොමැති  බව පැහැදිලිය.
මතකයේ මුල් පාඩම ‘අවධානය’ බව දැන්  ඔබ පිළිගන්නවා ඇති
මීට අමතරව මතක තබාගත  යුතුදේ පිළිබඳව ඔබට මනසින් චිත්‍රයක් ( රූපයක්) ඇඳ ගත හැකියි.  ‘රූපයක් වචන දහසකටත් වඩා අගනේය’ යන කියමන ඔබ අසා ඇති. සත්තකින්ම රූපයකට නගාගත් කරුණු හොඳින් මතකයේ රැදෙනවා. ඔබ දන්නවාද මියගිය විශේෂ පුද්ගලයන් උදෙසා  ස්මාරක තනා ඇත්තේද ඒ නිසයි.
ඇතැම් විට මතක තබාගත් සමහර දේ නැවත සිහිකරන විට අපට මතක නැත. ‘අනේ  ඒකේ උත්තරය දිව අග තිබුණා’ යැයි අප කියන්නේ එවන් අවස්ථාවලය. මෙයට පිළියම වන්නේ මතක තබාගත යුතු තොරතුරු ඔබට  හොඳින් මතක තිබෙනා වෙනත් දෙයක් සමග ඇදා තබා ගැනීමයි.
එමෙන්ම  මතක තබාගත යුතු කරුණු ගොනුකර කාණ්ඩ ලෙස වෙන්කර සංවිධානාත්මක තබා ගැනීම ඔබට කළ හැකි දෙයකි. එලෙසම අලුත් තොරතුරු එයට එකතුකර ගැනීමද ප්‍රයෝජනවත්ය.
නමුත් කවර හෝ උපක්‍රමයක් භාවිතා කළද ඔබගේ හෝ ඔබේ දරුවාගේ මතකය දියුණු කර ගැනීමට නම් ඒ සඳහා සුවිශේෂ වූ වෑයමත්  දැරිය යුතු බවය.
 
අන්තර්ජාලය ඇසුරිනි සටහන රඹුක්කන කීර්ති කුමාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.