lakbima.lk

සෙල්ලම් බඩු සමඟ සිඟිති දරුවන්ට ක්‍රියාකාරකම්

සිඟිති දරුවෝ සෙල්ලම් වාහන වලට නොමඳ ආශාවක් දක්වති. මේවා දරුවන්ට අරගෙන දීමට දෙමාපියන්ද මැලි වන්නේ නැත.

මේවා ප්‍රයෝජනය ගත හැකි වන්නේ ක්‍රීඩා කිරීමට පමණක් නොවේ. දරුවාගේ බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් සඳහා ද මේවා භාවිතා කළ හැකිය. මව් වරුන්ගේ විවේක කාලයේ දී දරුවා සමඟ එක තැනක වාඩිවී මෙම ක්‍රියාකාරකම් වල යෙදීමට පුළුවන.

           පහත දැක්වෙන්නේ එවැනි ක්‍රියාකාරකම් කිහිපයකි.

  • වාහන සියල්ලම එක ගොඩකට දමා අහසේ යන වාහන, ගොඩබිම යන වාහන, ජලයේ යන වාහන ලෙස වෙන් කරන්න.
  • වාහන පේලියට තබා ගණන් කරන්න. එක් එක් වාහනයේ ඇති රෝද ගණන් කරන්න.

    ස්ථානය පිලිබඳ අවබෝධය ලබා දීම සඳහා පහත දැක්වෙන ක්‍රියාකාරකම් සුදුසුවේ.
     
  • බයිසිකලය කාරයට ඉදිරියෙන් තබන්න.
  • බසය කාරයට පිටුපසින් තබන්න.
  • බසය හා කාරය අතරින් ට්‍රැක්ටරය තබන්න.
  • ඉදිරියෙන්ම යන්නේ කුමක්ද?
  • පසුපසින්ම යන්නේ කුමක්ද?

මෙය දරුවා විසින් කළ යුතුවේ.

           වාහන පේලියට තබා පහත ආකාරයේ ප්‍රශ්න අසන්න

  • සීනුවක් ඇති වාහනය කුමක්ද?
  • වැඩිම රෝද ගණනක් ඇති වාහනය කුමක්ද?
  • අඩුම රෝද ගණනක් ඇති වාහනය කුමක්ද?
  • සතෙකුගේ ආධාරයෙන් යන්නේ කුමක්ද?


මෙසේ ප්‍රශ්න අසන විට දරුවාගේ චින්තන හැකියාව, තර්කානුකූලව සිතීමේ හැකියාව, දියුණු වේ. එම අවස්ථා වලදී දරුවන්ද ප්‍රශ්න ඇසීමට ප්‍රිය කරන අතර ඒ සඳහාද ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතුවේ. දරුවා විසින් යොමු කරන ප්‍රශ්න වලට මව විසින් පිළිතුරු ලබා දිය යුතුවේ.

අවසානයේ දී මේවා සියල්ල නිසි තැන් වලින් තැබීමටත්, ස්ථානය පිරිසිදු කිරීමටත් දරුවාට පුහුණු කළ යුතුයි. මෙහිදී කළ යුතු වන්නේ දරුවාට අණ දීම නොව දරුවාගේද සහයෝගය ලබා ගෙන මවගේ මූලිකත්වයෙන් එය සිදු කිරීමය.

 

ජලදිනී සේනානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.