Coss Ear2
lakbima.lk
COSS Ear 1

දරුවන් කලහකාරී වීමට හේතු

මාධවී සහ රංග ඔවුන්ගේ විවාහයේ දසවන සංවත්සරය වෙනුවෙන් මිතුරු මිතුරියන් පිරිසකට දිවා භෝජනය සඳහා නිවසට ආරාධනා කළහ. එම පිරිසෙන් ඇතැම් අයව වසර කිහිපයකින්ම ඔවුන්ට මුණගැසී තිබුණේ් නැත. එදිනට එම සියලු දෙනාගේම පවුල්වල සාමාජිකයන්ද දැක හඳුනා ගැනීමට ලැබෙන නිසා ඔවුන් ඒ සඳහා සූදානම් වූයේ ඉතා සතුටිනි. නමුත් එදින පැමිණි ඇතැම් මිතුරන්ගේ දරුවන් නිසා මාධවීට හා රංගට සිදුවූයේ එම සතුට උපන්ගෙයිම වළ දැමීමටයි. 
දරුවන් කිහිප දෙනෙකු විනෝද වූයේ නිවසේ පුටු මත තිබූ අලංකාර කුෂන් බිමට දමා ඒවා මත නිදා ගනිමිනි. තවත් දරුවන් දෙතුන් දෙනෙක් රාක්කයක තිබූ මාධවීගේ දරුවාගේ ක්‍රීඩා භාණ්ඩ ගෙන ඒවා සමග සිතේ හැටියට ක්‍රීඩා කළහ. ඒ අතරින් එක් දරුවෙකු කළේ සමහර ක්‍රීඩා භාණ්ඩ වල තිබූ අලංකාර ස්ටිකර් ගලවා තම ශරීරයේ අලවා ගැනීමයි. මිදු‍ලේ තිබූ ගල් කැට නිවස තුළට රැගෙන ඒම, අලංකාරයට සිටුවා තිබූ මල් ගස්වල මල් කඩා දැමීම ආදිය දරුවන් අතින් සිදුවූ තවත් දේවල් අතර විය. 
දරුවන්ගේ හැසිරීමට වඩා මාධවී සහ රංග පුදුමයට පත්වූයේ ඔවුන්ගේ හැසිරීම් දෙස සිනාසෙමින් බලා සිටින දෙමාපියන් දැකීමෙනි. ඒ අතර ඇතැම් මවුවරු හා පියවරු ඒවා නුදුටුවා සේ සිටියහ. 
මේ අතර තවත් දරුවෙකු තම මවට ගසමින් අඬමින් යමක් ඉල්ලන ආකාරය මාධවීට පෙණින. මද වේලාවකින් ඇය මාධවීගෙන් ඉල්ලා සිටියේ අනේ මාධවී මෙයා සුදු කඩදාසියයි, පාට පෙට්ටියකුයි ඉල්ලනවා දෙන්න පුළුවන්ද? එතකොටවත් එක තැනකට වෙලා මට කරදර නොකර ඉදියිනේ යනුවෙනි. 
මේ අවස්ථාවේදී තවත් කාන්තාවක මම අපේ පුතාව දාලා ආවෙම ඒකයි. මම දන්නවනේ ආවනම් මට සැනසිල්ලක් නැහැ කියලා යනුවෙන් පැවැසුවේ තමන් දරුවා රැගෙන නොඒම පිළිබඳවයි. 
මෙවැනි හැසිරීම් ඇති දරුවෝ සිටිති. එසේම ඉහත ආකාරයේ අදහස් දරන දෙමාපියෝද සිටිති. 
සමස්තයක් ලෙස ගත් කල දරුවන්ගේ දැඟලිලි ස්වභාවය අරුමයක් නොවන බව අපි දනිමු. පුංචි දරුවෝ ස්වභාවයෙන්ම දඟලන අය වෙති. නමුත් එය සීමාව ඉක්මවා පවතී නම් ඒ ගැන විමසිලිමත් විය යුතුය. 
පහත දැක්වෙන්නේ දරුවන් එසේ වීමට හේතු පාදක වන කරුනු කිහිපයකි. 
 
ශාරීරික හෝ මානසික දුබලතා 
 
උත්පත්තියෙන්ම ඇතිවන මෙවැනි තත්ත්වයන් මත දරුවන්ගේ අසාමාන්‍ය චර්යා රටාවන් දක්නට ලැබේ. එම චර්යා රටා අතර අසාමාන්‍ය ලෙස දඟලන ස්වභාවයද වේ. ඒ වෙනුවෙන් කළ යුතු වන්නේ අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීම හා ප්‍රතිකාර කරා දරුවා යොමු කරවීමයි. 
 
දරුවා කැමැති ඕනෑම ආකාරයකට සිටීමට ඉඩ දීම 
 
'ඕනෑ දෙයක් කරපුවාවේ' යන අදහස දරන මවුවරු වෙති. දරුවාට ඇති වඩාත් ආදරය නිසා හෝ තමාට කරදර කරන නිසා හෝ ඒ ආකාරයට මවුවරුන් හිඳීම නිසා දරුවාට තම කැමැත්ත මත හැසිරීමට නිදහස ලැබේ. එවැනි දරුවන්ට පිටස්තර තැනකට ගිය විටද එසේ හැසිරීම නුසුදුසු බව වැටහෙන්නේ නැත. 
 
නිවසේ ඇති අපිළිවෙළ
 
දරුවන්ට කුඩා අවදියේ සිටම පිරිසිදුකම පිළිවෙල හුරු කළ යුතු අතර ඒ සඳහා ආදර්ශය ඉතාම වැදගත්වේ. නිවසේ එම තත්ත්වය නොමැති නම් මෙන්ම තම දෙමාපියන්ද එවැනි තත්ත්වයක් පිළිබඳව සැලකිල්ලක් නොදක්වයි නම් දරුවන්ද ඊට හුරු වන්නේ නැත. එවැනි දරුවන් තවත් ස්ථානයකට ගිය විටද එම ස්ථානයේ පිළිවෙළ පිරිසිදුබව පිළිබඳව තැකීමක් කරන්නේද නැත. 
එම නිසා නිවසේ පිරිසිදුකම හා පිළිවෙල දරුවන්ට දැක ගැනීමට සැලැස්විය යුතු බවත් දරුවන්ගේද සහයෝගය ඇතිව එය කළ යුතු බවත් මවුවරුන් විශේෂයෙන් අවබෝධ කර ගත යුතුමය. 
 
දරුවාගේ අසාමාන්‍ය දැඟලීම, ප්‍රචණ්ඩකාරී බව පිළිබඳව පුරසාරම් දෙඩීම 
 
මෙවැනි දෙමාපියෝද අප අතර සිටිති. දරුවාගේ හැසිරීම ගණන් නොගෙන සිටීම මෙන්ම ඒවා හපන්කම් ලෙස දරුවා ඉදිරියේ පුරසාරම් දෙඩීමද ඔවුන් කරන විශාල වරදකි. එවිට ඒවා ඇසෙන දරුවන් උත්සාහ කරනුයේ තව තවත් වැඩියෙන් දඟකාරකම් කර වැඩි වැඩියෙන් ඒ පිළිබඳව අගයනු ඇසීමට උනන්දු වීමය. 
 
දරුවා ඇසුරු කරන අයගේ බලපෑම 
 
දරුවාට නිතර ඇසුරු කිරීමට සිදුවන තවත් දරුවන් මේ ආකාර නම් ඒවා දැකීමෙන්ද එවැනි හැසිරීම්වලට පෙළඹෙන දරුවෝ සිටිති. එමෙන්ම මව හා පියා දෙදෙනාම රැකියාවල නියුතු දරුවන් වෙනත් අය සමග වැඩිපුර කාලය ගත කරන විට ඔවුන්ගේ බලපෑම් නිසාද කලහකාරී වීමට ඉඩ ඇත. ඒ සඳහා කළ යුතු වන්නේ නිවසේ සිටින විට තමන් සමග දරුවා රඳවා ගැනීමට දෙමාපියන් කටයුතු කිරීම හා දරුවාට නිවැරදිව හැසිරිය යුතු ආකාරය පිළිබඳ ආදරයෙන් අවබෝධ කර දීමයි. 
 
දරුවා අපේක්ෂා කරන ආදරය නොලැබිම 
 
මෙම තත්ත්වයද බොහෝ විට දිවා කාලයේ නිවසේ වෙනත් අය සමග රැඳෙන (මාපියන් රැකියාවල නියුතු) ඇතැම් දරුවන්ට ඇතිවන තත්ත්වයකි. තවත් දරුවෙකු ලැබුණු පසුද මෙම තත්ත්වයට මුහුණ දෙන දරුවෝ සිටිති. 
ආදරය යනු දරුවන් පමණක් නොව වැඩිහිටියන් සතුන්, ගස්වැල් පවා අපේක්ෂා කරන්නකි. තමන් අපේක්ෂා කරන ආදරය නොලැබිම කෙනෙකු කනස්සල්ලට පත් කරන්නකි. මෙම තත්ත්වය පිට කිරීම සඳහා කලහකාරී හැසිරීම් පෙන්වන දරුවෝ සිටිති. පිට තැනකට ගිය විටද ඔවුන්ගේ එම ස්වභාවය වෙනස් නොවේ. 
 
තමා වෙත අන් අයගේ අවධානය යොමු කරවා ගැනීමට 
 
බහුතරයක් දරුවෝ මේ සඳහා ප්‍රිය කරති. සමහර දරුවන් උත්සාහ කරන්නේ කුමන හෝ ක්‍රමයකින් අන් අයගේ අවධානය තමන් වෙත යොමු කර ගැනීමටයි. ඒ සඳහාද මේ ආකාරයේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වන දරුවෝ සිටිති. 
මෙහිදී දෙමාපියන් විසින් කළ යුතු වන්නේ එවැනි දරුවන්ට කාගේත් ප්‍රසාදය හිමි නොවන බව දරුවන්ට වටහා දීමයි. 
 
නිවසේ ඇති නීතිරීති දරුවාට දරාගත නොහැකි වීම
 
දරුවන්ට කුඩා කාලයේ සිටම පිළිවෙලකට සිටීම පුරුදු පුහුණු කළ යුතු බව සැබෑය. නමුත් දරුවාගේ වයසට ඔරොත්තු නොදෙන ආකාරයේ නීතිරීති දැමීම සුදුසු නැත. 
මේ අතරම දරුවන්ගේ වැඩි ආරක්ෂාව තකා නිවස තුළම කොටුකර ගෙන සිටීමද සුදුසු නැත. එවිට පිටස්තර ස්ථානයකදී හැසිරෙන ආකාරය පිළිබඳව දරුවාට අවබෝධයක් නොලැබේ. ඒ සමගම දරුවන්ට සම වයසේ මිතුරු මිතුරියන්ගේ ඇසුරද අවශ්‍ය බවත් දෙමාපියන් අවබෝධ කර ගත යුතුමය.  
පුංචි දරුවන් දුව පනිමින් දැඟලීම අරුමයක් නොවේ. එසේ දඟලන දරුවන් සියලු දෙනාම නරක දරුවන්ද නොවේ. එසේම තැන්පත්ව සිටින සියලුම දරුවන් ඉතාම ගුණ යහපත් දරුවන්ද නොවේ. 
නමුත් දරුවෙකුගේ අසාමාන්‍ය දැඟලීම අන් අයට කරදරයක් හිරිහැරයක් නම් එය කිසිසේත්ම අනුමත කළ නොහැකිවේ. 
එම නිසා දරුවෙකු එලෙස හැසිරෙන්නේ නම් කළ යුතු වන්නේ ඊට හේතු බලා ඒ සඳහා විසඳුම් සෙවීමයි. ඒ සමගම දරුවා තමාට කරදර කරන බැවින් හා තමාගේ නිදහසට බාධා වන බැවින් දරුවන්ව පිටස්තර ස්ථානවලට ගෙන යාමෙන් වැළකී සිටීමද නොකළ යුතු බවත් දෙමාපියන් මතක තබා ගත යුතුමය. 
 
පෙර පාසල් ගුරු පුහුණු උපදේශිකා ජලදිනී සේනානායක 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1701

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1379

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 2188

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3501

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4288

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4453

Please publish modules in offcanvas position.