Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශීත දේශගුණයට දරුවන්ගේ සම වියළීම වළකන බාත් ඔයිල්

මේ දිනවල පවතින අධික ශීතල කුඩා දරුවන්ට තබා වැඩිහිටියන් වන අපටද දරාගත නොහැකිය. ඔරොත්තු නොදෙන සීතලත් සමග අපේ සමේ වියළි ස්වභාවයක් හටගන්නේය. ඇතැම් විට තොල්කට වියළීි යයි. තවත් විටෙක සම ඉරිතැලී වියළි ස්වභාවයක් පෙන්නුම් කරයි. එසේත් නොමැති නම් කකු‍ලේ විළුඹ හෝ අත්ල ඉරිතලායයි. මෙවැනි  තත්ත්වයන් වැඩිහිටි අපට දරා ගැනීමට හැකි වුවත් කුඩා දරුවන්ට එය දරා ගැනීමට නොහැකිය. ඔවුන් එයට ප්‍රතිචාර දක්වනු ලබන්නේ හැ¾ඩීමෙනි. 
දරුවන්ගේ සමේ තෙත ගතිය රඳවා ගැනීමට නම් දිනපතා නෑවිය යුතුය. එහෙත් මේ දිනවල පවතින අධික සීතල කුඩා දරුවන්ට හිතකර තත්ත්වයක් නොවන්නට පුළුවන. ඒ නිසාම බොහෝ මව්වරුන් දරුවන්ව මද උණු ජලයෙන් සෝදා බේබි ක්‍රීම් හෝ වෙනත් ආ‍ලේපනයන් ගැල්වීම කරනු ලබයි. මෙසේ කොතෙක් ආ‍ලේපන ගැල්වුවද එය රඳා පවතින්නේ කෙටි කාලයක් තුළපමණක් බව බොහෝ මව්වරු සඳහන් කරති.
මව්වරුන්ගේ මේ මැසිවිලිත් සමග රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ආරංචි වූ පුවත ඔවුන්ගේ මැසිවිලිවලට කදිම විසඳුමක් සැපයුවේය.
සීතල කාලයක හෝ වියළි කාලයක සමේ ඇතිවන වියළි ස්වභාවය නැතිකර ඒ වෙනුවට දවස පුරාම සිරුර තෙත් ගතියෙන් යුක්තව තබා ගැනීම සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ ඖෂධවේදියෙකු වන කොටුවේගෙදර  මහතා නවතම ආ‍ලේපනයක් සොයා ගෙන ඇති පුවතකි. මෙය රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ සමේ රෝග සායනය වෙත යන මව්වරුන්ට නම් අලුත් ප්‍රවෘත්තියක් නොවන්නේය. 
කොටුවේගෙදර මහතා මෙම නවතම ආ‍ලේපනය පිළිබඳව වසරක පමණ කාලයක් පුරා කාර්මික තාක්ෂණික ආයතනය තුළ අත්හදා බැලීම් සිදුකර එහි සාර්ථක භාවය හෙළි කර ගත්තේය. රුපියල් ලක්ෂ 8කට වැඩි ප්‍රමාණයක් තම පෞද්ගලික ධනය කැප කරමින් කොටුවේගෙදර මහතා මේ වන විට මෙම නවතම නිෂ්පාදනය රෝගී දරුවන් වෙනුවෙන් නොමි‍ලේ ලබා 
දෙමින් සිටින්නේය.
මේ අනුව ළමා රෝහ‍ලේ චර්ම රෝග සායනය වෙත යන දරුවන්ගේ සම වියළි ස්වභාවයක් ගෙන ඇත්නම් ඒ බව වෛද්‍යවරයාට පවසා මෙම ආ‍ලේපනයක් නොමි‍ලේ ලබා ගැනීමේ වාසිය කොටුවේගෙදර මහතා විසින් ලබා දී ඇත.
තමන්ගේ නවතම නිෂ්පාදනය පිළිබඳව ඔහු සඳහන් කළේ
“මම මේ ආ‍ලේපනය නම් කළේ “බාත් ඔයිල් “ යනුවෙන්. දරුවන්ගේ සම සෑම විටම තෙත් ගතියෙන් තියෙන්න ඕනේ . එහෙම නැතිනම් ඔවුන්ට එය අපහසුයි. 
මම නිෂ්පාදනය කරලා තියෙන මෙම බාත් ඔයිල් එකෙන් බිංදු කීපයක් දරුවා සෝදන වතුර බේසමට කවලම් කරලා දරුවාව ඒ වතුර බේසමේ විනාඩි 20ක් පමණ රඳවා තබන්න. ඉන් පසුව දරුවාගේ ඇඟ පිස නොදමා තෙත මාත්තු කරන්න. දවස පුරාම දරුවාගේ සම තෙල් ගතියෙන් පවත්වාගන්න පුළුවන්.”
කොටුවේගෙදර මහතාගේ මේ නව සොයා ගැනීම පිළිබඳ සමේ රෝග විශේෂඥ  ජයමිණි සෙනෙවිරත්න මහතා පවා ප්‍රශංසා කරනු ලබයි. 
අප අතර චර්ම රෝග 2200ක් පමණ තිබෙන බව ඔබ දන්නවාද? මෙය පුදුමයට පත් විය යුතු තත්ත්වයක් නොවේ. අනාදිමත් කාලයක සිට මෙම චර්ම රෝග පැවැති නමුත් ප්‍රතිකාර සඳහා හෝ ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒ පිළිබඳව බොහෝ දෙනා නොදත්හ. 
කෙසේ නමුත් සමේ රෝගයන්ට ප්‍රධානතම හේතුව වී ඇත්තේ සමේ පවතින වියළි ස්වභාවයයි. දවසේ පැය 24 පුරාම සමේ තෙත ගතිය රඳවා තබා ගැනීමට හැකියාව පවතින්නේ නම් සමේ රෝග බොහොමයක් සුවපත් කර ගැනීමට හැකියාව තිබේ.
කොටුවේගෙදර මහතාගේ නව සොයා ගැනීම බොහෝ මව්වරුන්ට සැනසිලිදායක ප්‍රවෘත්තියක් වනු නොඅනුමානය.
 
සටහන ශ්‍රියානි විජේසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1707

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1385

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 2193

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3506

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4292

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4458

Please publish modules in offcanvas position.