Coss Ear2
lakbima.lk
COSS Ear 1

දරුවන් ප්‍රිය කරන කෑම වර්ග කීපයක්

අද බහුතරයක්  දරුවන් නිවසේ සාදන ආහාර ගැනීමට ප්‍රිය නොකරති.  ඊට ප්‍රධාන හේතුව එම ආහාර වල ඇති ඒකාකාරී රසයයි. ආහාර වල රසයේ යම් වෙනසක් ඇති කිරීම දරුවන්ගේ ආහාර රුචිය වර්ධනය කිරීමට හේතු වේ. එමෙන්ම ආහාර වල බාහිර පෙනුමද සිත් ගන්නා සුළු වීම ඉතාම වැදගත් වේ.

සරල ආහාර වර්ග කිහිපයක් අපි බලමු.

  • බත් වර්ග සකසමු,

කැරට් අලයක් ගෙන සිහින්ව කපා ලුණු, ගම්මිරිස් කුඩු සහ කහ කුඩු මිශ්‍ර කර බටර් ස්වල්පයක් දමා තෙම්පරාදු කර ගන්න. කහපාට කලරිං ස්වල්පයක් ද මිශ්‍ර කර දරුවාගේ බත් සමඟ කලවම් කර දරුවාට දෙන්න. කැරට් තෙම්පරාදුවට ගසා ගත් බිත්තරයක්ද එකතු කර ගැනීමෙන් රස වැඩිවේ.

මේ ආකාරයටම ලීක්ස් හෝ බෝංචි සමඟ කොළ පාට කලරිං මිශ්‍ර කර ගත හැකිය. සිහින්ව කපන ලද ගොටුකොළ ස්වල්පයක් ද මෙයට එකතු කර ගත හැකිය.

බිත්තර වෙනුවට සිහින්ව කපන ලද මස්ද  කලවම් කිරීමට පුළුවන.

  • පාන් විවිධ අයුරින් සකසමු,

සැන්විචර්ස් සකස් කිරීම සඳහා බෙහෝ විට යොදා ගන්නේ බටර් සහ ජෑම්ය. බිත්තර හා සැමන් වලින් ද සැන්විචර්ස් සකස් කර ගැනේ.

නමුත් පාන් පෙති වල බටර් තවරා ඒ මත සූරා ගත් හකුරු තවරා ගැනීමෙන් ප්‍රණීත රසයක් ඇතිවේ. මිරිස් සැරට ප්‍රිය කරන දරුවන්ට හොඳින් තලා සකස් කරගත්  ලුණු මිරිස් එකතු කර ගැනීමෙන් ලැබෙන්නේ වෙනස්ම රසයකි.

  • වෙනත් ආහාර සකසමු,

රොටී සාදන විට එම මිශ්‍රණය බිත්තරයක් හා බටර් එකතු කිරීමෙන් රසය මෙන්ම ‍ගුණයද වැඩිවේ.

ඉඳි ආප්ප සාදන විට පිටි මිශ්‍රණයටද, කිරිබත් සාදන විට පොල් කිරි වලටද කලරිං මිශ්‍ර කර ගැනීමෙන් වර්ණවත් ඒවා සකස් කළ හැකිය.

බටර් හා අයිසිං සීනි මිශ්‍ර කර මිශ්‍රණයක් සාදා ගන්න. මාරි විස්කෝතුවක මෙම මිශ්‍රණය තවරා ඒ මත තවත් විස්කෝතුවක් තබා දරුවන්ට කෑමට දෙන්න. බනිස් ගෙඩියක් දෙකට පලා ඒ මැදට ද මෙම අයිසිං මිශ්‍රණය තැවරීමට පුළුවන.

මේ ආකාරයට විවිධ අයුරින් ආහාර සකස් කර දරුවාට දීමට උත්සාහ කරන්න. එසේම නිවසේ සකස් කරන දේ ආහාරයට ගැනීමට ශරීර සෞඛ්‍යයට හිතකර බව දරුවන්ට වටහා දෙන්න.

 

 

 

 

 

 

 

 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.