Coss Ear2
lakbima.lk
COSS Ear 1

සෙල්ලම් බඩු සමඟ දරුවන්ට ක්‍රියාකාරකම්

සිඟිති දරුවන් සෙල්ලම් වාහන වලට දක්වන්නේ නොමඳ ආශාවකි. වෙළඳපොලේ මේවා ඉතාම සුලබය.

එසේ දක්නට ලැබෙන කුඩා කාර්, බස්, බෝට්ටු, අහස්යානා ආදිය දරුවන්ට ලබා දීමට දෙමාපියන් මැළි වන්නේද නැත.

මේවා සමඟ ක්‍රීඩා කිරීම හරුණු විට මෙම සෙල්ලම් වාහන දරුවන්ගේ බුද්ධි වර්ධනය කිරීමෙහි ලා උපකාරීවන ක්‍රියාකාරකම් සඳහා ද ප්‍රයෝජනයට ගත හැකිය. මව්වරුන්ට තම විවේක කාලයේ දී දරුවන් සමඟ බිම වාඩි වී මෙම සෙල්ලම් වාහන සමඟ කරන ක්‍රියාකාරකම් වෙත දරුවාව යොමු කළ හැකිය.

පහත දැක්වෙන්නේ ‍එසේ කළ හැකි ක්‍රියාකාරකම් කීපයකි.

  • වාහන එක ගොඩකට තබා, දියේ යන වාහන.
  • අහසේ යන වාහන. ගොඩබිම යන වාහන ලෙස වාහන වර්ග කිරීම.
  • රෝද සහිත වාහන හා රෝද නොමැති වාහන ලෙස වෙන් කිරීම.
  • වාහන පේලියට තබා එකින් එක ගණන් කිරීම.
  • ස්ථානය පිළිබඳ අවබෝධය ලබා දීම සඳහා සුදුසු ක්‍රියාකාරකම්.

කාරය ගෙන එය බසයට ඉදිරියෙන් තැබීම. බසයට පසුපසින් බයිසිකලය තැබීම. බස්රිය හා කාරය අතරින් ට්‍රැක්ටරය තැබීම.

වාහන පේලියට තබා පහත සඳහන් ආකාරයකින් ප්‍රශ්න දරුවන් වෙත යොමු කළ හැකිය.

  • සීනුවක් තියන වාහනය පෙන්වන්න?
  • වැඩිම පිරිසකට ගමන් කළ හැකි වාහනය කුමක්ද?
  • වැඩිම රෝද ගණනක් ඇත්තේ කුමකටද?
  • බඩු ඇදීමට ප්‍රයෝජනවත් වන වාහනය කුමක්ද?

ඇතැම් විට දරුවෝද මව්වරුන් වෙත ප්‍රශ්න යොමු කිරීමට උත්සාය කරති. ඒ සඳහා ද දරුවන්ට අවස්ථාව ලබා දිය යුතුවේ.
ක්‍රීඩා හා ක්‍රියාකාරකම් අවසානයේ භාණ්ඩ සියල්ල නැවත එකතු කර නිසි ස්ථාන වල තැබීමටද දරුවන්ට පුරුදු කළ යුතුය. නමුත් මෙහිදී කළ යුතු වන්නේ දරුවාට අණදීම නොව දරුවාගේ ද සහය ලබා ගනිමින් මවගේ මූලිකත්වයෙන් එය සිදු කිරීමය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.