lakbima.lk

වෙසක් සුබ පැතුම් පතක් හදමු

මෙහි පෙන්වා ඇත්තේ දරුවන්හට පහසුවෙන් නිර්මාණය කළ හැකි වෙසක් සුබ පැතුම් පතකි.

මේ සඳහා අවශ්‍ය වන්නේ පාට කිහිපයක දිය සායම් භාවිතයෙන් ඉවත් කළ දත් බුරුසුවක් හා කාඩ්බෝඩ් කැබැල්ලක් පමණි.

සාදා ගන්නා ආකාරය

ඔබට අවශ්‍ය වෙසක් සුබ පැතුම් පතෙහි ප්‍රමාණයට කාඩ්බෝඩ් කැබැල්ලක් කපා ගන්න. තවත් ගනකම් කාඩ්බෝඩ් කැබැල්ලක් ගෙන වෙහෙරක අච්චුවක් හා රවුමක් කපා ගන්න. ( රවුම කපා ගන්නේ ස‍ඳේ රූපය සඳහයි)

දැන් මෙම අච්චු දෙක සුබ පැතුම් පත සඳහා ගන්නා ලද කාඩ්බෝඩ් කැබැල්ල මත තබන්න. ඒවා ඉවත්ව නොයන ලෙස හා නොසෙලවෙන ලෙස ඒ මත බරක් තබන්න. දිය සායම් පාට වෙන වෙනම දිය කර ගන්න. මෙයද තරමක් ගනකමට තිබිය යුතුවේ. දැන් දත් බුරුසුවේ කෙඳි කොටස දිය සායම් වල පොඟවා එය ඉහත කාඩ්බෝඩ් එක වෙතට ළං කර දිය සායම් විසිරී යන ආකාරයට දත් බුරුසුවේ කෙඳි මත ඇඟිල්ල එහා මෙහා ගෙන යන්න. එවිට එහි ඇති සායම් කාඩ්බෝඩ් එකට විසිවී ඒ මත විසිරී යයි.

මේ ආකාරයට පාට කිහිපයක සායම්  විසිරුවන්න. වියළීම සඳහා අවශ්‍ය වේලාවක් තබා වෙහෙර හා හ‍ඳෙහි අච්චු ඉවත් කරන්න එවිට මේ ආකාරයේ ශුභ පැතුමක් නිර්මාණය‍ වේ.

 

ජලදිනී සේනානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.