Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉවත දමන දේවල් වලින් කාඩ්පතක්

දරුවන්ගේ අත්කම් නිර්මාණ සඳහා ඉවත දමන බොහෝ දේවල් භාවිත කළ හැකිය.

මෙහි පෙන්වා ඇත්තේ එසේ ඉවත දමන දේවල් භාවිතා කර නිර්මාණය කරන ලද කාඩ්පතකි. උපන්දින සුබ පැතුම් තක්, අලුත් අවුරුදු සුබ පැතුම් පතක් හෝ ආරාධනා පත්‍රයක් වැනි දේ සඳහා මෙවැනි කාඩ්පත් සුදුසුය.

මේ සඳහා භාවිතා කර ඇති දේ -:‍‍

  • පැන්සල් උල් කිරීමේ දී ඉවත් වන කොටස්
  • පොල් මටුල්ලක කොටසක්
  • ඉරටු
  • බයිඩර් ගම්

මෙහි ඇත්තේ මල් බඳුනකි. මල් ලෙස ගෙන ඇත්තේ පැන්සල් උල් කර ඉවත් වන කොටස්ය. මලේ නඩු වලට ඉරටු අලවා ඇති අතර පොල් මටුල්ල බඳුනක හැඩයට කපා මල් දමා ඇති බඳුන ලෙස අලවා ඇත.

දරුවන්ගේ සිත එක අරමුණක තබා යමක් කිරීමට හුරු කිරීමටත්, නිර්මාණශීලී හැකියාවන් වර්ධනය වීමටත් මෙවැනි දේ සඳහා දරුවන්ව යොමු කරවීම සුදුසුය.

එසේම ඉවත දමන දේවල් ප්‍රයෝජනයට ගනිමින් විවිධ නිර්මාණ කළ හැකි බවද දරුවන්ට අවබෝධ වේ. එවිට තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට දරුවෝද පෙළඹෙති. එය ඔවුන්ගේ විවේක කාලය යම් ප්‍රයෝජනවත් කටයුත්තක යෙදවීමට ද මඟ පෙන්වන්නකි.

 

ජලදිනී සේනානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1098

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2205

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2708

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1104

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2801

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2088

Please publish modules in offcanvas position.