Coss Ear2
lakbima.lk
COSS Ear 1

බිලිඳු අවධියේදී විවිධ ශබ්ද නිකුත් කරන තම දරුවා වචන පවසන තුරු දෙමාපියන් බලා සිටින්නේ ඉතා ආශාවෙනි. සමහර දරුවෝ වයස අවුරුදු 2 පමණ වන විට ඉතා හොඳින් වචන ගලපා වගන්ති පවා පවසති. නමුත් වයස අවුරුදු 3ට ආසන්න වුවද එසේ වචන ගලපා කතා කිරීමට අ‍පොහොසත් දරුවෝද සිටිති.
දරුවකු නිසි වයසේදී කතා නොකිරීම දෙමාපියන්ට වේදනාවකි. එම වයසේ වෙනත් දරුවන් හා සසඳා බලා තම දරුවා ඔවුන් මෙන් කතා නොකරන්නේ නම් දෙමාපියෝ බිය වෙති.
එවිට එය යම් රෝගී තත්ත්වයක් යයි සිතන දෙමාපියන් විසින් පියවර ගන්නේ තම දරුවා වෛද්‍යවරයකු වෙත යොමු කිරීමටය. දරුවාගේ ශ්‍රවණ හා කථන ඉන්ද්‍රියන්ගේ අඩුපාඩුවක් නොමැති බව වෛද්‍යවරයාද පැවසුවහොත් එය ග්‍රහ අපල නිසා සිදුවී ඇති බව අනුමාන කර නොයෙක් පුද පූජා ශාන්තිකර්ම යනාදිය වෙත යොමුවන අයද දුලබ නැත.  ඇත්තෙන්ම දරුවකුගේ ශ්‍රවණ හා කථන ඉන්ද්‍රියයන්ගේ ආබාධ නොමැති නම් දරුවා කතා නොකර සිටින්නේ නැත. එය ප්‍රමාද වන්නේ දෙමාපිය වැඩිහිටියන්ගේ නොදැනුවත්කම නිසාය.
ඕනෑම පුද්ගලයකුට කතා බහ කිරීමට නම් එම පුද්ගලයාගේ ශ්‍රවණ ඉන්ද්‍රියයන්ද නිරෝගී විය යුතු බව අපි දනිමු.
මෙම ශ්‍රවණ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වය ආරම්භ වන්නේ මව් කුස තුළ සිටින අවස්ථාවේදීමය.
අද ගර්භණී මව්වරුන්ට උපදෙස් ලැබෙන්නේ මිහිරි අර්ථවත් ගීත ආගමික දේශන හා වැඩසටහන්, දේශන ආදියට සවන් දෙන ලෙසය. එපමණක් නොව කුස තුළ සිටින දරුවා සමග කතා කරන ලෙසත් ඔවුනට උපදෙස් ලැබේ. එයින් පැහැදිලි වන්නේ කුස තුළ සිටින දරුවාගේ ශ්‍රවණ ඉන්ද්‍රියයන් ක්‍රියාකාරී බවය.
බිලිඳු දරුවෝ හැඩීම්, කෑ ගැසීම, විවිධ ශබ්ද නිකුත් කිරීම මගින් හැඟීම් පිට කරති. දරුවන්ගේ මෙම ක්‍රියාවන්ටද පිළිතුරු අවශ්‍යය. එම නිසා එවැනි අවස්ථා වලදීද දරුවන් සමග කතා කළ යුතුවේ.
දරුවන් නිදි කරවීමේදී නැළවිලි ගීත ගායනා කිරීම ඉතා වැදගත්ය. ඒවාට සවන් දීමෙන් දරුවන් වින්දනය ලබන අතර එය දරුවාට නිදා ගැනීමටද පහසුවකි.
කතා කිරීමට නම් වචන දැන ගත යුතුවේ. දරුවන් වචන ඉගෙන ගන්නේ වැඩිහිටියන් වෙතිනි. එම නිසා දරුවා බිලිඳු අවධියේ සිටම වැඩිහිටියන් දරුවා සමග කතා කිරීම ඉතාම අවශ්‍යය.
ක්‍රමයෙන් වැඩෙන විට දරුවාව පරිසරයට ගෙන යාමට පුළුවන.
මේ පුතේ ලස්සන මල් අර බලන්න කහ පාට සමනලයෙක් අන්න අඹ ගහ දිගේ ‍ලේනෙක් යනවා
මේ ආකාරයට දරුවා සමග කතා කළ හැකිය. මේවා දරුවන්ට නොවැටහෙන්නේ යයි ඇතැම් අය සිතන්නට පුළුවන. නමුත් මෙවැනි කතාබහ දරුවාට වචන ඉගෙන ගැනීමට මනා පිටුවහලක් වන බව අමතක නොකළ යුතුවේ.
කුඩා දරුවන් තුළ කුතුහලය තිබේ. ඔවුන් සෑම දෙයක්ම සොයා බැලීමට උනන්දු වන්නේත් නිතර ප්‍රශ්න අසන්නේත් ඒ ස්වභාවය නිසාය. ඇතැම් වැඩිහිටියන් දරුවන්ගේ මෙම ස්වභාවයට කැමති නැත. දරුවන්ගේ ප්‍රශ්න ඇසීම වළක්වන අවස්ථාද වේ. එවිට දරුවෝ බියවෙති. ඒ නිසාම ප්‍රශ්න ඇසීමට මැලි වනු ඇත. එවිට සිදු වන්නේ දරුවන්ට යමක් දැනගැනීමට ඇති අවස්ථා අහිමිවී යාමයි. එම නිසා දරුවන්ගේ ප්‍රශ්න ඇසීමේ ක්‍රියාවලියට බාධා කළ යුතු නොවේ. ප්‍රශ්න ඇසීමට අවස්ථාව නොලැබිම යනු කතාබහට තිබූ අවස්ථාවක්ද අහිමි වී යාමකි.
නිවසේ වැඩකටයුතු කරන විට ආහාර ගන්නා අවස්ථා වලදී දරුවා සමග කතා කිරීමට උනන්දු විය යුතුයි. අපි අද අලයි, බෝංචියි එක්ක බත් කමු
මේ ගස්ලබු ගෙඩිය හොඳට ඉදිලා කහ පාටයි
මේක තමයි ඉදල. අපි මේක අරගන මිදුල අතුගාමු
මෙවැනි කතාබහ හරහා දරුවෝ බොහෝ වචන ඉගෙන ගනිති.  දරුවන් සමග ගීත ගායනා කිරීම දරුවන්ට කතන්දර කියා දීම මෙන්ම ඔවුන්ටද කතන්දර හෝ තොරතුරු පැවැසීමට අවස්ථාව ලබා දීමද ඉතාම වැදගත්ය.
මේ සියල්ලටම සුදුසු නිදහස් පරිසරයක් නිවසේ ගොඩනගා ගත යුතුවේ. නිවසේ පරිසරය දරුවාට සතුටුදායක නොවීමද දරුවාගේ කතාබහ ප්‍රමාද වීමට බලපාන හේතුවකි. එම නිසා දරුවාට හිතකර, සතුටින් කාලය ගත කළ හැකි ආකාරයට නිවසේ පරිසරය සකස් කර ගැනීමටත් දරුවන් ඉදිරියේ අඬ දබර වාද විවාද වැනි තත්ත්වයන් ඇති කර නොගැනීමටත් වගබලා ගැනීම මව පියා හා අනෙකුත් වැඩිහිටියන් විසින් තරයේම මතක තබා ගත යුතුය.
එමෙන්ම නිවස තුළ ආගමික පරිසරයක් ගොඩනගා ගැනීමටත් දරුවන්ව ආගමික වතාවත්වල නියැළීමට හුරු කරවීමත් ඉතා අවශ්‍යවේ.
කුඩා දරුවෝ වුවද පියාගේ වාහනයේ නළා හඬ හඳුනති. රූපවාහිනී වැඩසටහන්වල ආරම්භක සංගීත ඛණ්ඩයෙන් එම වැඩසටහන හඳුනා ගැනීමට සමත් වෙති. ගීතවල මුල් සංගීත ඛණ්ඩය ඇසෙන විට එම ගීතයට ප්‍රිය කරන්නේ නම් ගුවන් විදුලිය හෝ රූපවාහිනිය අසළට දිව යන දරුවෝ සිටිති.
ඒ සියල්ලටම හේතු පාදක වන්නේ ඒවා ඔවුන්ගේ සවනට හුරු වීමයි. යමක් සවනට හුරු වන්නේ ඒවාට හොඳින් සවන් දීමෙනි.  දරුවකුට කතා කිරීමට නම් වචන දැනගත යුතුය. ඒ සඳහා දරුවාට ඒවා ශ්‍රවණය විය යුතුය.
එම නිසා දරුවකුගේ කතාබහ ප්‍රමාද වන විට, දරුවාගේ ශ්‍රවණ හා කථන ඉන්ද්‍රියයන්ගේ ආබාධ නොමැති බවද වෛද්‍යවරුන් තහවුරු කර ඇත්දැයි කළ යුතු වන්නේ දරුවාට වචන ඇසීමට සැලැස්වීමයි. එමෙන්ම දරුවා සමග නිතර කතාබහ කර දරුවාව කතාබහට හුරු කර ගැනීමය.
එසේ නොකර දරුවාගේ කතාබහ ඉක්මන් වීම පිණිස අනර්ථ දේ වෙනුවෙන් මුදල් ශ්‍රමය හා කාලය වැය කිරීම නොවේ.

ජලදිනී සේනානායක

  1. වෙසක් සුබ පැතුම් පතක් හදමු
  2. ඉවත දමන දේවල් වලින් කාඩ්පතක්
  3. දරුවා ඉගෙනීමේ දක්ෂයකු කරන්නට නම් යකඩ සපිරි ආහාර දෙන්න
  4. බුදු දහමින් ඉගැන්වෙන දරු සෙනෙහසේ මහිමය
  5. මතක ශක්තිය වැඩි කර ගැනීමේ උපක්‍රම
  6. සෙල්ලම් බඩු සමඟ සිඟිති දරුවන්ට ක්‍රියාකාරකම්
  7. දරුවන් කලහකාරී වීමට හේතු
  8. ශීත දේශගුණයට දරුවන්ගේ සම වියළීම වළකන බාත් ඔයිල්
  9. කුඩා දරුවන්ට වැඩිපුරම විෂ ශරීරගත වන්නේ කොහොමද?
  10. දරුවාට 'වදෙන් පොරෙන්' කෑම කවන්න එපා!
  11. ‍පොතපතින් පමණක් ළමා මනස සංවර්ධනය නොවේ
  12. පෙර පාසලට යන විට දරුවාට අරුමෝසම් ඇඳුම් සුදුසු නැත
  13. දරුවාගේ උපකරණ එක තැනක රඳවා තැබීමට උපකරණයක්
  14. දරුවන් ප්‍රිය කරන කෑම වර්ග කීපයක්
  15. සෙල්ලම් බඩු සමඟ දරුවන්ට ක්‍රියාකාරකම්

Page 1 of 18

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.