Coss Ear2
lakbima.lk
COSS Ear 1

වෙසක් මංගල්‍යය යනු නූතනයේ වෙසක් උත්සවය හැඳින්වෙන ජනප්‍රිය නමකි.

නූතන ආකෘතියේ වෙසක් උත්සවයේ සමාරම්භය සනිටුහන් කරනුයේ 1880 වසරේ ශ‍්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු ජාතික සෙන්පති හෙන්රි ස්ටිල්  ඕල්කට්තුමන් විසිනි. ඒවන විට ඉංග‍්‍රීසි අධිරාජ්‍යවාදීන් යටතේ යම් පසුගාමීත්වයකට පත් කොට තිබූශ‍්‍රී ලාංකීය බුදු සමය නැවත නගා සිටුවීමට එතුමන් විසින් ගනු ලැබූ පියවරසුවිශිෂ්ට ය. 1889 වසරේ එවකට ශ‍්‍රී ලංකාණ්ඩුකාර ධුරය හෙබවූ හැමිල්ටන්ගෝර්ඩන් විසින් වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන ලදී. වර්තමාන ආකෘතියේ වෙසක් උත්සවයන්හි සමාරම්භය එය බව  නිසැක ය. ඊට පෙර යුගයන්හි පැවැතිවෙසක් උත්සවයන්හි පොදු ආකෘතියක් පිළිබඳ පැහැදිලි චිත‍්‍රයක් මවා ගතනොහැක්කේ එය එක් එක් යුගවල දී විවිධ ස්වරූපයන්ගෙන් යුක්ත වූ බැවිනි.

නමුත්මතුපිටින් සැනකෙළියක ස්වභාවයක් පෙන්නම් කරද මෙය ආධ්‍යාත්මික හා සදාචාරඋත්සවයක් බව නැසැකය. එහිදී ශීලයට හිමිවන්නේ මුල් තැනකි. වෙසක් උත්සවයමුල්කොට පේවීම යන වදන අද භාවිතා නොවන තරම්ය.

පෙහෙ (වස්) යන්නෙන් ශීලසමාදානය හැඟවෙන අතර පේවීම, යන්නෙන් සැරසීම, සූදානම් වීම යන අරුත් පළවේ. ඒහැරුණු කොට දේව වන්දනාවන්හි යාමේ දී කිලිකුණු ආදියෙන් තොරව ඒ සඳහා වනපවිත‍්‍රත්වයකට පත් වීම ද පේවීම ලෙස හඳුන්වන අතරේ පිරිත් දේශනාරම්භය ද, පිරිත් පේ කිරීම වශයෙන් හඳුන්වනු ලබයි.  මෙහි දී බෞද්ධ අර්ථකථනය අනුව මෙමපේවීම හෙවත් පවිත‍්‍ර වීම දෙයාකාරයෙන් සිදු කළ හැක. එනම් සිත, කය, වචනය යනතුන් ෙදාරින් පිරිසිදු වීම සහ තමන් ජීවත් වන ගේ ෙදාර සහ අවට පරිසරයපවිත‍්‍රව තබාගැනීම වශයෙනි.

වෙසක් පුර පෑලවිය දිනයේ ඇරඹෙන වෙසක්මංගල්‍යය මුල් කොට වෙසක් උත්සවය මුල් කොට ගත් මෙම පේවීම තුළින් ලෞකිකත්වයේ, ආත්මාර්ථයේ සීමාව ඉක්මවිය හැක. එනම් වෙහෙර විහාර ස්ථාන සුද්ධ පවිත‍්‍රකිරීම, පිළිසකර කිරීම ආදී වශයෙනි. ඊට අමතරව තමන් ජීවත් වන පරිසරය මනාවසංරක්ෂණය කිරීම, රුක් රෝපණය, මංමාවත් ආදිය තැනීම ආදී පරිසර සංරක්ෂණයසම්බන්ධ සාමූහික ක‍්‍රියාවන් ද මෙම පේවීමේ කාලය තුළ සිදු කළ හැක. සංයුක්තනිකායේ වනරෝප සංයුක්තයේ නිරතුරු පින් වැඩෙන ක‍්‍රියා වශයෙන් හඳුන්වා දී ඇතික‍්‍රියාවන්ට මෙහි දී ප‍්‍රමුඛත්වය ලබා දිය හැක. පරිසර සංරක්ෂණයේ ඇතිවැදගත්කම සම්බන්ධයෙන් බුදු දහමෙහි දැක්වෙන කරුණු ලොව අන් කිසිදු ශාස්තෘදේශනාවක නොමැති බව ඒකාන්ත සත්‍යයකි.

මේ අතර වෙසක් පුර පොහොයටපළමු එළැඹෙන වෙසක් පුර අටවක පොහොය දිනයේ ඉඩ ප‍්‍රස්ථා ලැබෙන පරිදි ශීලසමාදානා දී කටයුතුවල යෙදීම ද චාරිත‍්‍රයක් ලෙස සංවර්ධනය කරගත හැක.

එමෙන්මරැකීරක්ෂා ආදිය සඳහා පවුල්වලින් දුරස්ව සිටින පිරිස් තම පවුලේ ඥතීන් සඳහාතෑගි බෝග ද රැගෙන සිය ගම් බලා පැමිණීමේ සිරිතක් දැන් කලක සිට පවතී.විශේෂයෙන් තම මාපියන් සඳහා එලෙස තෑගි බෝග ගෙනවුත් සිංහල අලුත් අවුරුද්දේඔවුන්ට බුලත් හුරුළු දී වඳින දූදරුවන්ට ඊළඟට එළැඹෙන වෙසක් සමයේ යළි එලෙසමාපියන් දැකීමට එ්මට කාලය, මිල මුදල් ආදී සාධකවලින් අවකාශයක් නොලැබේ. එනිසාපසුගිය කාලය තුළ ඔවුන් බොහෝවිට කරන ලද්දේ එලෙස දුරබැහැර සිටියදීම බටහිරසංස්කෘතිය මගින් අපට සින්න වූ වෙසක් සුබ පැතුම් පතක් මගින් සිය මව, පියාඇතුළු පවුලේ ඥතීන්ට තැපෑලෙන් සුබ පැතීම පමණි. එහෙත් මෙම සුබ පැතීම නම්සංකල්පය බෞද්ධ සංස්කෘතියට සම්බන්ධ වූවක් ද නොවේ.

බෞද්ධයාගේ ගිහි විනයනමින් හැඳින්වෙන දීඝ නිකායේ සිඟාලක හෙවත් සිඟාලෝවාද සූත‍්‍රයේ බෞද්ධයන්විසින් අනුගමනය කළ යුතු සදිසා නමස්කාරයක් හෙවත් ගිහි ආචාරධර්ම පද්ධතියක්දක්වා තිබේ. ඒ;

පෙරදිග දිසාව - මාපියන්

දකුණු දිසාව - ගුරුවරුන්

බටහිර දිසාව - අඹු දරුවන්

උතුරු දිසාව - හිතමිත‍්‍රයන්

යට දිසාව - දාස කාරකාදීන්

උඩ දිසාව - ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් වශයෙනි.

මෙමපාර්ශ්වයන් සය සම්බන්ධයෙන් යමකු සිය යුතුකම් නොපිරිහෙළා ඉටු කරත් ද එවිටඑම පාර්ශ්වයන්ගෙන් ද සිය යුතුකම් එපරිද්දෙන්ම ඉටුවන බව එම සූත‍්‍රයේ මනාවවිස්තර කෙරේ. එවන් පසුබිමක් යටතේ ඉහත සඳහන් සියලූ පාර්ශ්වයන්ට තම යුතුකම්ඉටු කළ හැකි උත්තරීතරම සමයේ සැබෑ වටිනාකම වටහා නොගැනීම ජාතික ඛේදවාචකයකි.

තිලක් සේනාසිංහ

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.