Coss Ear2
lakbima.lk
COSS Ear 1

දහවෙනිදට පස්සෙ ඔක්කොම හරිනෙ

මගේ ඥාති සොහොයුරෙක් දැන් දීර්ඝ කාලයක් තිස්සේ ලන්ඩනයේ පදිංචිව සිටී.
අද ඔහු මට ටැලිෆෝන් කළේය.
ඥාතියා බලවත් ප්‍රීතියෙන් සිටින බව ඔහු හලෝ කියන විටම මට තේරුණේය.
මට හිතෙනව මං දන්නව කියල තමුසෙගෙ හැපි මූඩ්ඩෙකේ රහස ඔහුගේ මම දන්නා ෙදෙනික පුරුද්දක් මතක් කරගනිමින් කීවෙමි. අන්තිමේ තමුසෙට ඔහේ ජාතික ලොතරැයිය ඇදුණ නේද?
ඥාති සොහොයුරා හයියෙන් හිනාවුණේය.
ලොතරැයිය ඇදුනට වැඩිය වාසනාවක්නෙ අයියෙ ඔහු මට සැනෙකින් කියා සිටියේය. ඔන්න එහෙනම් අපි 10 වෙනිද පාන්දරම කටුනායකට එනව, ඡන්ද ප්‍රතිඵල අහන්න එන්නෙ ඕගොල්ලන්ගෙ ගෙදරට.
නෑදෑයාගේ ඡන්ද උනන්දුව ගැන මට පුදුම සිතුණි.
මේකට මොකට දුවගෙන එනවද? මට ඔහුගෙන් නොඅසාම බැරි විය. මේක ආණ්ඩු පෙරළෙන ඡන්දයක් ‍නෙවෙයිනෙ.
මගේ කතාවෙන් ඥාති සොහොයුරාට කේන්ති ගියේය.
අයියල ලංකාවෙ වෙන දේවල් දැක දැක ඉඳල ගල්වෙලා. රටේ මොක වුණත් තේරෙන්නෙ නෑ ඔහු චෝදනාත්මකව කියා සිටියේය. තව දවස් කීපෙකින් රටේ මහා වෙනසක් වෙන්න යන එක ඕගොල්ලන්ට සන්තෝෂයක් ‍නෙවෙයිද?
මම ටැලිෆෝනය අතේ තබාගෙනම බිරිඳට කතා කළෙමි.
තව ටික දවසකින් ලංකාවෙ මොකක් හරි ලොකු විපර්යාසයක් වෙන්න යනවද?
බිරිඳ හිස දෙපැත්තටම වැනුවාය.
දන්නෑ.
සුනාමියක්, කුණාටුවක්, භුමි කම්පාවක් ගැන එහෙමත් ආරංචියක් නෑ නේද? මම බිරිඳගෙන් ඇසුවෙමි. නෑ, නෑ, එහෙම දෙයක් වෙන්න බෑනෙ, මේ මෑන් මාර සන්තෝෂෙකින්නෙ ඉන්නෙ.
මම නැවත ඥාතියා ඇමතුවෙමි.
මොකක්ද බං ඔය හැපි නිව්ස් එක?
නෑදෑයාට යළිත් වරක් කේන්ති ගියේය.
ඇයි අයියෙ අපි මුළු ජීවිත කාලෙම බලා‍පොරොත්තු වෙලා හිටපු සර්ව සාධාරණ රට හදන්න යනවා ඡන්දෙන් පස්සෙ, හොරකම්, මැරකම්, වංචා, දූෂණ, ඔක්කොම නවත්තලා. රටේ මිනිස්සු කරන දූෂණවලට එරෙහිව දේශපාලනඥයො සංවිධානය වෙනවා. ඔයැයි කියන්නෙ ඒකවත් දන්නෑ කියලද?
උඹ සීරියස්ද බං ඔය කියන්නෙ?
මම ඇසුවෙමි.
ඇයි අයියෙ ආරංචි නැද්ද ලෝකෙ පුරාම ඉන්න අපේ මිනිස්සු එයා‍පෝට්වලට එන්න අරගෙන ආපහු ලංකාවට එන්න, කිසිම රටකින් ඔහේට එන ෆ්ලයිට් එකක් බුක් කරගන්න ‍ලේසි නෑ මේ වෙලාවෙ ඔහු කියාගෙන කියාගෙන ගියේය. කොටින්ම එංගලන්තෙ ආණ්ඩුව ලොකු ප්‍රචාරක ව්‍යාපාරයක් කරනවා හරිම බැගෑපත්ව ලංකාවෙ මිනිස්සුන්ට අනේ ආපහු යන්න එපා කියල.
මම යළි ටැලිෆෝනය අතේ තබාගෙන බිරිඳ ඇමතුවෙමි.
මේ ඔයාට ආරංචිද තව ටික දවසකින් රට ගොඩ යනව කියල?
ඒ කතාව අසා බිරිඳ මට ගැස්සුවාය.
ඔයාගෙ විකාර අහ අහ ඉන්න වෙලාවක් නෑ මට ඕ කියා සිටියාය. මම මේ හතර වටේ ඇවිදිනව අපේ මුනුබුරාව ඉස්කෝලෙට දාගන්න ඕන සහතික හදාගන්න එක එකාට පගාව දිදී. ඔය රට ගොඩගන්න හදන එකෙකුට හරි කොල්ලව සාධාරණව ඉස්කෝලෙකට දාගන්න පුළුවන් ක්‍රමයක් කියන්නෙයි කියන්න ඉස්සෙල්ල.
මම ටැලිෆෝනය අතට ගතිමි.
හලෝ අයියෙ...
සොරි, වැරදි නොම්මරයක්.
මම ටැලිෆෝනය විසන්ධි කළෙමි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.