Coss Ear2
lakbima.lk
COSS Ear 1

බයියන්ට හොරකම්වත් පුළුවන්ද අපිට වැඩියෙන්?

බිරිඳත්, මමත් ටෙලිවිෂනය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමු.
ජනාධිපතිවරයා බැඳුම්කර කොමිෂන් වාර්තාවේ නිර්දේශ ප්‍රකාශ කරමින් සිටී.
ප්‍රකාශය අවසන් වූ වහාම කුස්සියට වැදුණු බිරිඳ කිරිබත් උයන්නට පටන් ගත්තාය.
කිරිබත් පිඟානක් අල්ලපු ගෙදරටත් ගිහින් දෙමු කිණ්ඩියටත් එක්ක මම බිරිඳට යෝජනා කළෙමි. ඕකුන් පට්ට යූඑන්පීකාරයොනෙ, දැන් විරවගෙන ඇති කටඋත්තර නැතුව.
බිරිඳත්, මාත් කිරිබත් පිඟාන උස්සාගෙන ගොස් අල්ලපු ගෙදර සීනුව නාද කළද කවුරුවත් ගේට්ටුව ළඟට ආවේ නැත.
ගෙතුළින් කන් අඩි පැලෙන තරම් හයියෙන් සිංදුවක් ඇසුණු නිසා ඔවුන්ට බෙල් ශබ්දය නෑසෙනවා ඇතැයි මම බිරිඳට කීවෙමි.
 
ජය අපටයි ලංකාවේ
අතන මෙතන කොතන ගියත් ලංකාවේ
ජය අපටයි//
ජය අපටයි ලංකාවේ
 
රේඩියෝව දාල තිබුණට ගෙදර කවුරුවත් නැතුව ඇති  බිරිඳ කියා සිටියාය. මේ වෙලාවට ගැලපෙන සිංදුවක් ‍නෙවෙයිනෙ ඒක.
එවිටම අපේ අසල්වැසියා ජය අපටයි සිංදුව උරුවම් බාමින් සරමද අඩක් ඔසවාගෙන එළියට ආවේය.
අම්මට සිරි ඕගොල්ලොත් කිරිබත් උයලනෙ අපේ පිඟාන වසා තිබූ රෙදිකඩ ඔසවා බැලූ ඔහු කියා සිටියේය. අපිත් මේ කිරිබත් කකා හිටියෙ.
බිරිඳත්, මමත් ඔහු පිටුපසින් ගෙතුළට ගියෙමු.
ඕගොල්ලො කිරිබත් ඉව්වෙ අද කාගෙද උපන් දිනේ? බිරිඳ අසල්වැසියාගේ බිරිඳගෙන් ඇසුවාය.
ඒ අසා අසල්වැසියා අත්පුඩියක් ගැසුවේය.
කාගෙවත් බර්ත් ඩේ ‍නෙවෙයි හලෝ ඔහු කියා සිටියේය. බැඳුම්කර කොමිසමේ නිර්දේශ අහල ඒ සන්තෝෂෙටයි අපි කිරිබත් ඉව්වෙ.
බිරිඳත්, මමත් ඇරුණු කටවල් වසා ගන්නට බැරුව ටික වෙලාවක් බලා සිටියෙමු.
ඇයි ඕයි තමුසෙල පට්ට යූඑන්පීකාරයොනෙ අන්තිමේ මම කියාගතිමි. තමුසෙලගෙ ලොක්කගෙ අඹ යාළුවයි, මිනිහගෙ බෑණයි පට්ට හොරු කියල කියවුණාමත් කිරිබත් උයන්න තමුසෙලට මඤ්ඤංද?
බොලා මාර ඊරිසියාකාරයො මචං තරමක අඩියක්ද ගසා තිබුණු බව පෙනෙන්නට තිබූ අසල්වැසියා අපට අමුවෙන්ම කීවේය. මං කොච්චරවත් කියනව අපේ ගෑනිට උඹල රට හදන්න කතා කරාට බොලාගෙ පපුව හොඳ නෑ කියල.
මම කිසිවක් කියාගත නොහී ලැජ්ජාවෙන් හා කේන්තියෙන් රතුවූ මුහුණින් යුතුව බලා සිටියෙමි.
මචං මේක අහපන් අසල්වැසියා මට කීවේය. අපේ ලොක්කගෙ හොඳම යාළුවෙකුගෙ බෑණා, ඒ මාමගෙත් හෙල්ප් එකෙන් ඓතිහාසික වංචාවක් කරාම ඒකට ෆන් ගන්න ඕන අපි නේන්නම්, නැතුව බොලාද?
අසල්වැසියාගේ කතාව මට තේරුණේ නැත.
මොකක්ද ඒ කතාවෙ තේරුම?
ඇයි යකෝ, අපේ එකා කෝටි එක්දාස් එකසීයකට කෙළියා, ඒකත් ආණ්ඩුව ඇවිත් මාස තුනක් යන්න කලින් අසල්වැසියා මට කීවේය. මහින්ද රාජපක්ෂගෙ කොයි එකාටද කියපං පුළුවන් වුණේ ඔච්චර සුළු කාලෙකදී ඔච්චර ලොකු ගාණකට විදින්න. යකෝ බයියන්ට මොන මඟුලද කරන්න පුළුවන් අපිට වැඩියෙ හොඳට?
ඒ කියන්නෙ ඔච්චර දෙයක් වෙලා තියෙද්දිත් තමුසෙල යූඑන්පිය අත අරින්නෙ නෑ?
මචං, ඉතිහාසය විකෘති කරල මහින්දව ලොකුම හොරායි, හොඳම මැරයයි කරාට මේකෙන් පස්සෙවත් බොලා අවංකව පිළිගන්න ඕන නේද ඒ තැන සාධාරණව බොලාට අයිති නෑ කියල අසල්වැසියා කියා සිටියේය. දැන් බලපන් ලසන්ත මැරුව කිය කිය තොපිවම අප් කරල තියනවා. ඒත් ඊට අවුරුදු විස්සකට කලින්නෙ අපි රිචඩ් සොයිසව මැරුවෙ. ඒත් අපිට නෑනෙ ඒකට නිසි පිළිගැනීම. අපේ වැදගත්කමට අපි ඕවට අඬ බෙර ගහන්නෙ නැති නිසා, අපේ කීර්ති නාමය නැතිවෙලා ගිහින්.
මෙවිට බිරිඳ මට පහත් හඩින් කතා කළාය.
මේ පිස්සත් එක්ක කතා කරල වැඩක් නෑ, අපි යමු ගෙදර.
අප ගේට්ටුව ළඟටම ගිය විට අසල්වැසියා වැනි වැනී එතනට දුව ආවේය.
මචං සිරා මාර ගේම් නේද මහින්දයට දෙන්නෙ? ඔහු මගෙන් ඇසුවේය. අන්තිමේ ලොකුම හොරා කියන එකත් මිනිහට නැති කරානෙ නේද?

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

අලුත් අවුරුද්දේ ගායකයෙකු නෑ වූ රූපලාවන්‍ය වේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 17

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 759

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 593

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 1782

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 1382

මහරජ කන්සාහි පුංචි ක‍්‍රිෂ්ණා කුමරු

IMAGE 2018 Apr 17 11:26
සෙල්ලම් කිරීමට මෙන්ම පුංචි පුංචි දග වැඩ කිරීමට ද, විහිළු තහළු කරමින් සැවොම සිනා ගැන්වීමට ද...
Views - 1068

Please publish modules in offcanvas position.