Coss Ear2
lakbima.lk
COSS Ear 1

අපි කුමක් කරමුද? අපි රට විකුණමු

අපේ ගෙදර කෑම මේසය ළඟ බිත්තියේ වෙනදා නොතිබූ රාමු කළ පින්තූරයක් එල්ලා තිබුණේය.
ඔය තාත්තෙ රනිල් චීනුන්ට හම්බන්තොට දීල ඩොලර් මිලියන 292 ක ඇඩ්වාන්ස් එක ගන්න පින්තූරෙ පුතා හැඟීම්බරව කියා සිටියේය. බලන්න චෙක් එක දිහා බලල හිනාවෙන සිරියාව.
බිරිඳද වහාම ඊට අගුල්පත් තැබුවාය.
මං හිතන්නෙ ඔය පුළුවන්කමකට හිනාවෙනව ‍නෙවෙයි ඕ බිඳුණු හඩින් කීවාය. ඒ මනුස්සය ඔය එක එක විකුණගෙන යන්නෙ රටේ ණය ගෙවන්නනෙ.
අපේ ‍ලේලිය නම් නැන්දම්මාගේ කතාවට එකඟ වූයේ නැත.
මම නම් කියන්නෙ කෑල්ල කෑල්ල දෙනවට වැඩිය එකපාරට ගෙඩිය පිටින් දීල දැම්ම නම් ‍ලේසියි කියල ඈ කියා සිටියාය. එතකොට ණයත් ගෙවල ඉතුරු සල්ලිවලින් පාටියකුත් දාතෑකිනෙ.
පුතා ඊට විරුද්ධ විය.
බැරිම වුණොත් මිස රනිල් ඒක කීයටවත් කරන්නෙ නෑ. කොටින්ම හම්බන්තොට දීපු දවස් ටිකේ මිනිහ හිතේ අමාරුවට හොඳටම බිව්වලු පුතා ශෝකයෙන් කියා සිටියේය. මහින්දල වගේ අඬබෙර නොගැහුවට මිනිහ මාර දේශප්‍රේමියනෙ. ට්‍රම්ප්ගෙනුත් එහෙම කියල චරිත සහතිකයක් හම්බවෙලා තියනවාලුනෙ.
එවිට ‍ලේලිට හිනා ගියේය.
ජේවීපීය ෆෝම් කරා නම් හරි නේද රට විකුණමු කියලා දැවැන්ත සටනක් පටන් ගන්න ඈ කියා සිටියාය. සයිටම් වැඩේ ඉවර වුණාට පස්සෙ මෑන්ලට ඉෂූ එකකුත් නැතුවනෙ ඇත්තෙ.
එවර හිනාවුණේ පුතාය.
ඒ වුණාට ජෙප්‍පො කියයිනෙ කොමියුනිස්ට් රටකටම විකුණන්න කියල ඔහු කියා සිටියේය. 1971 පරණ යාළුකමකුත් තියෙන නිසා උතුරු කොරියාවට දෙන්න කියල කිව්වොත්?
‍ලේලිය හිස වැනුවාය.
එහෙනම් ඒක අල්ලල දාන්න වෙනව ඕ කීවාය. අපි මෙහෙම කරමුද, සුද්දන්ට පණිවුඩයක් යවමුද අපිට දීපු නිදහස ආපහු ගන්න කියල. නිදහස හම්බු වුණාට පස්සෙ වුණේ ණය නැතිව හිටපු රට ලෝකෙට ණයවීම විතරනෙ.
බිරිඳද සන්තෝෂයෙන් සිය ‍ලේලියගේ අදහසට එකඟ වුණාය.
අනේ ෂෝක්නෙ. එතකොට අපිට එංගලන්තෙට යන්න වීසා ගන්න ඕනත් නෑ. හැරීල, මෙගාන් මාර්කල්ල, විලියම්ල කේට්ලත් අපේම කට්ටිය වෙනවනෙ ඕ කියා සිටියාය. චන්ද්‍රිකාගෙයි, මහින්දගෙයි ළමයි වගේද ඇත්තම රාජ කුමාරයො කුමාරියො ටිකක් ලැබුණාම.
එහෙත් පුතා ඊට අකමැති විය.
නේස්බි සාමි ඇරුණම එංගලන්තෙ ඉන්න සුද්දො ඔක්කොම කොටින්ට ස‍පෝට්නෙ ඔහු කියා සිටියේය. රටෙන් කෑල්ලක් ඉල්ලපු එවුන්ට මුන් රටම දීල දාන්නත් බැරි නෑ.
බැරිම තැන මමද කතාවට සම්බන්ධ වුණෙමි.
එහෙම නම් ඔය වැඩේට හරියන්නෙ ඇමෙරිකාව තමයි මම කියා සිටියෙමි. හිලරි ක්ලින්ටන් කොටින්ට ස‍පෝට් නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් ෂුවර් එකටම උන්ට විරුද්ධ ඇතිනෙ.
‍ලේලියද මගේ අදහසට කැමති වූවාය.
ට්‍රම්ප් ආවොත් මෛත්‍රීටයි, රනිල්ටයි වැඩියෙ අපිට මාර ආතල් එකක් දෙයිනෙ ඕ කියා සිටියාය. ඊශ්‍රායලයෙ අගනුවර ජෙරුසලම කියල පිළිගත්ත වගේ මිනිහ ලංකාවෙ අගනුවර කොහේ කියල කියයිද දන් නෑ.
එහෙත් මේ වන විට පුතාගේ මුහුණ නරක් වී තිබුණේය.
ඒ වුණාට ඒ යකාට මැන්ටල්නෙ තාත්තෙ.
මමද ඊට එකඟ වූයෙමි.
ඔව් ඔව් ඉතින් ඒකනෙ සුදුසුකම මැන්ටල් නැති එකෙක් නිකම් දුන්නත් මේක බාරගන්න එකක් නෑනෙ මම පෙන්වා දුනිමි. අනික රටේ ඡන්දදායකයින්ගෙ හැටියට සිහිබුද්ධිය තියෙන එකෙක් මෙහේට හරියන්නෙත් නෑනෙ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.