Coss Ear2
lakbima.lk
COSS Ear 1

මෙන්න රනිල්ගේ ප්‍රතිසංවිධාන

යූඑන්පීය ප්‍රතිසංවිධානය කිරීමට හැමෝම කරන යෝජනාවලට රනිල් වික්‍රමසිංහ ද කැමති වූ බව ඔබ දනී. කාටවත් නොකියා වෙස්වලා රටපුරා ඇවිද නව නායකත්වය සොයා ගැනීමට ඔහු තීරණය කළේය. ටයිකෝට් වෙනුවට සරමකින් හා කමිසයකින් සැරසුණු රනිල් ගම්දනව් සැරිසරන්නේ, වෙළක් අයිනේ ළිඳක් ළඟ සිටි තරුණයෙකු දැක නතර වී බුරුල්ව තිබූ සරම යළි හැඳ ගත්තේය.
සිය අත්පා සෝදමින් සිටි තරුණයා වෙස් වලාගත් රනිල් දැක එකත්පස්ව හිට ගත්තේය.
“මං ගෙදර දුවල එන්නද සර්?” ඔහු ගැමියෙකු සේ සැරසී සිටි රනිල්ගෙන් ඇසුවේය. “රනිල් වික්‍රමසිංහ මහත්තය අපේ ගමට ඇවිත් කියල කට්ටියව එක්කන් එන්නම්.”
රනිල්ගේ මුහුණේ වෙනදා නැති හිනා මලක් පිපුණේය.
“මල්ලි වගේ දක්ෂයො හොය හොයා තමයි මම රට වටේ ඇවිදින්නෙ” රනිල් කියා සිටියේය. “වෙස්වළාගෙන ඉඳිද්දිත් ඔයා කොහොමද දැන ගත්තෙ මම කවුද කියල.”
තරුණයා ලැජ්ජාවෙන් සිනාසුණේය.
“සමාවෙන්න සර්” ඔහු ඔළුව කසමින් කියා සිටියේය. “සරම අඳින්න පුරුදු නැති නිසා මං එකත් එකටම දැන ගත්ත මේ නම් අපේ පක්ෂෙ නායකතුමා තමයි කියල.”
රනිල් සිනාසී යළි වරක් සරම ඇන්දේය.
“මල්ලි වෙළේ වැඩ කරල නේද ආවෙ?” රනිල් ගම ගැන සිය දැනුම ප්‍රදර්ශනය කරමින් විමසුවේය.” මඩ හෝදගෙන කෝපි කඩේ ළඟ දාං අදින්න යන්නද හදන්නෙ?”
තරුණයා යළිත් හිස කැසුවේය.
“නෑ සර්, පක්ෂෙ නායකත්වයට ගැමි තරුණයො අවශ්‍ය නිසා මම කොළඹ එන්නයි හැදුවෙ“ ඔහු කියා සිටියේය. “අපේ පක්ෂෙ අලුත් නායකත්වයක් ඇති කරනව කියන්නෙ ඇත්තමද සර්?”
රනිල් හිස වනා එකඟත්වය පළ කළේය. 
“සම්පූර්ණ ඇත්ත” ඔහු නැවත වරක් බුරුල් වූ සරම හඳිමින් කියා සිටියේය. “අපි ඊළඟ ඡන්දෙ දිනන්න නම් අලුත්ම මුහුණුවරකින් රටට එන්න ඕනනෙ.”
තරුණයාගේ මුහුණ සිනාවකින් ඔකඳ වී ගියේය.
“සර් ඔය ගමන් අර පක්ෂෙ අල්ලගෙන ඉන්න රාජකීය විද්‍යාලෙ මාෆියාවටත් වැඩේ දෙනවද?” ඔහු ඇසුවේය. “සර්රුත් ගියේ ඒ කොලීජියටම නිසා කොහොමද ඒ වැඩේ කරන්නෙ?”
රනිල් කට කොණකින් හිනාවුණේය.
“මම ඉගෙන ගත්ත කියල නෑ මල්ලි, රෝයල් කොලෙජ්ජෙකේ කාලෙ දැන් ඉවරයි” ඔහු කියා සිටියේය.  “අපි ඩිජිටල් ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න නම් තැන දෙන්න ඕන ඉන්ටනැෂනල් ස්කූල්ස්වල ඉගෙන ගත්ත බෝයිස්ලටයි, ගර්ල්ස්ලටයි.” 
තරුණයාගේ මුහුණ හැකිළී ගියේය.
“එහෙනම් මං හිතුව වැරදියිනෙ සර්” ඔහු අසරණ හඬකින් කියා සිටියේය. “පක්ෂෙ අල්ලන් ඉන්න ටයි කෝට් කාරයින්ගෙ යුගේ ඉවර කරනව කියලනෙ ආරංචිය ආවෙ.”
රනිල් හිස වනමින් යළිත් වරක් සරම ඇන්දේය.
“ඔෆ්කෝස්, ඔෆ්කෝස්” ඔහු තරුණයාට කියා සිටියේය. “ටයිකෝට් කාරයින්ගෙ කාලෙ ඉවර කරනව තමයි.”
තරුණයා කට ඇරගෙන රනිල් දෙස බලා සිටියේය.
“දැන් ටයිකෝට් අඳින්නෙ ඕල්ඩ් ෆැෂන් මිනිස්සුනෙ මල්ලි. අපි උන්ව පක්ෂෙන් එළවන්න ඕන තමයි” ඔහු කියා සිටියේය. “ටයි එක වෙනුවට කළිසම් කෝට් ඇඳල බෝ එකක් දාන අයගෙ අතට අපි පක්ෂෙ බාර දෙන්න ඕනෙ.”
 
(මේ අද මානිගෙ තීරුව යැයි ඔබ සිතුවේ නම් ඒ වැරදිය.  යළි උපුටා පළ කරනු ලැබූ මේ මානිගෙ තීරුව 2004 මැයි 16 වැනිදා පළ වූවකි. අවුරුදු 14ක් පරණ තීරුවක් මේ සතියේත් පළ කරන්නේ මන්දැයි කරුණාකර මගෙන් නොඅසන්න.) 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1086

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2201

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2701

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1103

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2797

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2085

Please publish modules in offcanvas position.