Coss Ear2
lakbima.lk
COSS Ear 1

රූපවාහිනියේ (අ)යථාරූපය

විද්‍යාව සහ ගුප්ත විද්‍යාව අතර ඇත්තේ නොනිමි මත ගැටුමකි. භෞතික විද්‍යානුකූලව තහවුරු නොවනා සියලු දේ මිථ්‍යාව ලෙසින් හැඳින්වීම නිසා හටගත් මෙකී මතගැටුමේද බොහෝ විද්වතුන් වෘත්තිකයන් විද්‍යාව වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. භෞතික විද්‍යානුකූලව තහවුරු කළ නොහැකි යන්ත්‍ර, මන්ත්‍ර, යාගහෝම වැනි දේ වෙනුවෙන් විද්වතුන්, රට සුපතළ චරිත කලාතුරකින් හෝ පෙනී සිටියේ නම් ඒ රහසිගතවය. එහෙත් ප්‍රකට ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු වන ආර්.එන්.ජේ. රාජපක්ෂ ඊට ඉඳුරාම පටහැනි ස්ථාවරයක පිහිටමින් පහත ලිපිය අප වෙත එවා ඇත. 

ප්‍රකට රූපවාහිනී වැඩසටහනකදී සිදුවූ අකටයුතුකමක් ඉලක්ක කර ලියවෙන මේ ලිපිය සංවාදයට විවෘතය.
 
2017.4.27 දින රාත‍්‍රියේ ජාතික රූපවාහිනියෙන් විකාශනය වුණු යථාරූප වැඩසටහන වෙනත් කිසිම මාධ්‍යයකින් මෙතෙක් නොකළ ආකාරයේ අයථා ක‍්‍රියා රාශියක් සිදුකරන ලදී. එබැවින් ඒ පිළිබඳ තවදුරටත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම නුසුදුසු යැයි හැඟු‍නු බැවින් මෙය ලිවීමට සිත් විය. 
මූලික වශයෙන් මෙහිදී සිදුකිරීමට ගියේ අභියෝගයක් පිළිගත් ගුප්ත ක‍්‍රියා සිදුකරන ශාස්තරකරුවෙක්  ගෙන්වා එම ගුප්ත ක‍්‍රියාවන් සිදුකිරීමට ඉඩලබා දීමත්  දෙවෙනුව විද්වත් මණ්ඩලයක් මගින් කිසිම ගුප්ත බලයක් නොමැතිව එම ක‍්‍රියාවන්ම විද්‍යාවේ පිහිටෙන් සිදුකර පෙන්වීමත්ය. එම අභියෝග තුන සැකැවින් මෙසේය.
 
1.කෙසෙල් කොළයක මැද දිගු නාරටිය ගෙන එය දෙකට පලා, දෙදෙනෙක් එය දෙපසට කර අල්ලා සිටින විට මන්තරකරු මන්තර බලයෙන් ඒ නාරටි දෙක ළං කිරීම 
2. පුද්ගලයෙක් දිගු හෙල්ල දෙකක් තම අත් දෙකෙන්  හරිමැදින් අල්ලා සිටින විට මන්තර බලයෙන් එම හෙල්ලවල තුඩු එකට ළං කිරීම
3. විද්වත් මණ්ඩලයේ සිටින වෛද්‍යවරයාව ගොළු කිරීම.
මෙයින් තුන්වන  අභියෝගය හැර ඉතිරි දෙක බාධක රැසක් මැද ඔහු ඉටුකළ බව මම දුටුවෙමි. තුන්වන අභියෝගය ඔහු උත්සාහ නොකරම සිටියේ එල්ල වුණු අපහාස හා බාධක නිසාය. හැරත් මෝහන කිරීම මගින් එවැනි දෙයක් සිදුකළ හැකි නිසා එය එතරම් ගුප්ත විද්‍යා අභියෝගයක් ලෙස මම නොදකිමි.
විද්වත් මණ්ඩලය ඔවුන්ද මේ අභියෝග ඉටුකළා යැයි කටින් කීවාට ඒවා බාගෙට කළේ විද්‍යාවෙන් නොව වංචාවෙන් බව විද්වතෙක් වශයෙන් පෙන්වාදීම මගේ අරමුණයි.
මුල් අභියෝග දෙක ශාස්තරකරු මනාව ඉටුකළත්  මුලදී නොකී අලූ‍ත් කතාවක් ගෙනැවිත් වංචාවකින් එය බිඳීමට සූදානම්වී පැමිණි, මණ්ඩලයේ වෛද්‍ය වේරගම නැවත එය කර පෙන්වීමට කියා සිටීමෙන් ශාස්තරකරුට සිත එකඟ කර ගත නොහැකිවීම නිසා ඔහු එයට අපොහොසත් විය. එවිට මුලදී ඔහු සාර්ථකව  සිදුකළ දෙය අමතක කර ඔහු පැරදුනු පුද්ගලයෙක් බව නිවේදක මහතා අපහාසාත්මකව පවසා සිටියේය.
වේරගම හා ඔහුගේ ගුරුතුමා මේ ගුප්ත ක‍්‍රියාව බොරු බව විද්‍යාත්මකව පෙන්නා දී වංචාවෙන් එය සිදු කර පෙන්නුවේ  මෙසේය.
 
1. කෙසෙල් නාරටි ළං කිරීම,
විද්වත් මණ්ඩලය පෙන්වා දුන්නේ කෙසෙල් කොළ නාරටිය පිටත දෘඪ ස්ථරයකිනුත් ඇතුළත ජලය හා වාතය සහිත මෘදු ස්ථරයකිනුත් සෑදී ඇති බැවින් එය පැලූවිට වාතය හා ජලය පිටවී ගොස් එම නාරටිය නිකම්ම ඇතුළට නැමෙන බවත් ඊට බලයක් අනවශ්‍ය බවත්ය.
කතාව ටිකක් ඇත්තය. එසේ නම් ඊළඟට එම අභියෝගය විද්‍යාත්මකව ඔප්පු කරන්න ගිය මණ්ඩලය විසින් තෝරාගත් දෙදෙනා එම කපා දැමූ නාරටි දෙකම ඔවුන්ගේ වැඬේට ගත්තේ ඇයි? දැනටමත් ඒවා වාතය හා ජලය පිටවී නැවී ඇති ඒවාය. ඔවුන්  දැන් කළ යුත්තේ බට ටිකක් බුරුල් කිරීම පමණි. එවිට ඒවා ළංවනු නො අනුමානයි මෙම විද්‍යාව නොදන්නා ශාස්තරකරු මෙම පරණ නාරටි දෙකම ඔවුන්ද ගන්නවාට මුලදී විරුද්ධ වුණේ නැත. දැනටම නැවී ඇති නමුත් තවත් හොඳට ළං කිරීමට ඒ ගෝලයා දකුණතේ දබරඟිල්ල ඔසවා මැද ඇඟිල්ල බටයට පිටුපසින් දමා දමා තල්ලූ‍වක් දමන අයුරු එතන විශාලනය කර ඇති ඡායාරූපයෙන් පෙනේ. 
E අකුර හැඳි ටීෂට් එක  හැඳි මණ්ඩලේ තේරූ කෙනා ඔහුය. ඔහුගේ  හිස වමට ඇළවී ඇති අයුරු බලන්න. ඔහු තම දකුණු මැදැඟිල්ලෙන් බටය තල්ලූ‍ කරනු පෙනෙයි. ඔහුගේ දබරැඟිල්ල බටය උඩට ගොස් ඇත. 
ඇඟිල්ල තල්ලූ‍ කරන අතට ඔළුව ඇලවීම ඉබේ සිදුවන දෙයකි.
මොවුන් ගේ ලොකුම විහිළුව නම් මොවුන්ගේම න්‍යාය අනුව කවුරු මෙය කළත් බට දෙක ළං විය යුතුය.  නමුත් ශාස්ත‍්‍රකරුට අභියෝග කළ ඊළඟ පියවරේ මොවුන් බටදරා සිටින විට ඒවා ළං නොවුණි. එසේනම් න්‍යාය වැරදිද?. නැත. න්‍යාය ටිකක් හරිය, නමුත් ඇතුළට  ඇඟිලි දමා බට දෙක පිටතට  තල්ලූ‍ කර ඒවා ළං වීම වැළැක්වීමෙන් ඔවුන් ශාස්තරකරුට එය කිරීමට නොහැකි බව ඔප්පු කරන්න යන විට නොදැනුවත්වම ඔවුන්ගේ න්‍යායම එයින් බොරුවුණි.
 
2. හෙල්ල දෙක ළං කිරීම
හෙල්ල තුඩු ළං වීම විද්‍යාත්මකව පහදා දුන්නේ මෙසේයි. අත්ල උඩට එනසේ අත් දෙක හරවා දිගටම  බරක් ඔසවා සිටින විට සුළු‍වේලාවකින්  අත්ලේ පේශී වෙහෙසට පත්වී අත්ල දෙක මඳ වශයෙන් ඇතුල් අතට නැමී අත් විවේක ආකාරයට පත්වේ. හෙල්ල  තුඩු ළං වන්නේ ඒ නිසයි. කතාව ටිකක් ඇත්තයි. මා ටිකක් යැයි කීවේ මේ  නිසා හෙල්ල ළං වන්නේ ටිකක් නිසයි. ඒ බව වෛද්‍යතුමාගේ සගයන්ගේ හෙල්ල සෙල්ලමෙන් ලොවටම මනාව පැහැදිලි වුණි.
ශාස්තරකරු හෙල්ල තුඩු දෙක සෙ.මි.1ක් තරමට ළංකෙරුවත් එය නොසැලකූ නිවේදක මහතා මණ්ඩලේ සගයන් අතින් යන්තම් ඇතුළට හෙල්ල නැමුණු විට එය හරියට වුණා කියමින් ඔහුම සිනහ උපදවන සේ තීන්දුවක් දී කඩිනමින් ඊළඟ පියවරට ගිය බව හැමෝම  දුටුවෝය.
ඉන්පසු ඊළඟ විහිළුව නම් වෛද්‍ය මහතා හෙල්ල ඔසවා සිටින විට එය ශාස්ත‍්‍රකරුට ළංකර පෙන්වන්න කියා අභියෝග කිරීමයි. මෙහිදී හෙල්ල තුඩු ළං නොවීමට වෛද්‍යවරයාට ස්ථීරවම අවශ්‍ය වුණු නිසා කපටිකමක් ලෙසට ඔහු ප‍්‍රති බලයක් හෙල්ල තුඩු ඉවතට යනසේ මුලදීම යෙදුවේය. මෙයට කදිම සාක්ෂිය නම් හෙල්ල දෙක පිටුපසින් නම්  ළං වෙන බව නිවේදක මහතාම (මෝඩකමට) ඔහුට විරුද්ධ සාක්ෂිය ලොවටම  හඬගා  පැවැසීමයි. හෙල්ල පිටුපසින් ළං වීමට ඉදිරිපසින් එය ඈත් වීමට ප‍්‍රතිබලය යෙදිය යුතුම  බව මෙයින් ඔප්පු නොවන්නේද?
ඔහු අතින් එය බිංදුවක් වත් ළං නොවුණේ මේ නිසයි. මෙහිදී ඔහුගේ න්‍යාය බිඳ වැටීමට යන බව ඉවෙන් දැනී වහාම ඔහු පැවසුවේ ඔහු මනා ව්‍යායාමකරුවෙක් නිසා ඔහුගේ අත් වෙහෙස වීම පමා වෙන බවයි.
වැඩසටහන ආරම්භයේදීම නිවේදක මහතා පැවැසුවේ  ගුප්ත විද්‍යා වැනි ව්‍යාජ දේවල්  ඔප්පු කරන්නට මෙතෙක් කවුරුත් ඉදිරිපත් නොවුණත් දැන් එක් පුද්ගලයෙක් පැමිණ ඇති බවය. ඔහු එම සාස්තර බොරු බව මුලදීම පිළිගෙන හමාරයි. එනිසා ඔහු මෙම වැඩසටහන කිරීමට නුසුදුසු පක්‍ෂක්ග‍්‍රාහී පුද්ගලයෙකු නොවන්නේද?
මෙම වැඩසටහනේ මාතෘකාව දැනසිටි නිසා මණ්ඩලේ සියල්ලෝම හොඳ හැටි පුහුණුවී ආ හැටි පෙනෙයි. කෙසෙල් ඉස්ම ගෑවෙනවාට වෛද්‍ය තුමා ටිෂූද රැගෙනවිත් තිබුණි. ශාස්ත‍්‍රකරුට ඔහු සූදානම් වී ආ දෙයට වඩා අමතරව කරන්න කියූ දේ දැන්නුවාද? ඔහුව අපසුතාවට පත්කර සමච්චල් කිරීම හා ඉන් වින්දනයක් ලැබීම මෙහි අරමුණ වූ බැවින් පැහැදිලිවම එය හෙළිකර නැති බව පෙනුණි.
එමෙන්ම ශාස්තරකරු උදව්වට නරඹන්නන් අතරින් තෝරාගත් සිසුන්ගෙන් අන්‍යනතාව ඇසුවත් මණ්ඩලේ එලෙස  තෝරාගත් අයගෙන් එ් බව ඇසුවේ නැත. සමහරවිට එතැන ඔවුන්ගේ හෙංචයියෝ සිටිය හැකිව තිබුණි.
විද්‍යාව යනු ස්වභාව ධර්මයේ සංසිද්ධි අපි පැහැදිලි කරන ක‍්‍රමයයි.
මේ සියලූ‍ සංසිද්ධි අපි තවම හරියට නොදන්නෙමු. අපි අද හරි යැයි කියන දෙය හෙට  වැරදි බව විද්‍යාවෙන්ම හෙළිවේ.  එදා කැමරාවට හෝ පියවි ඇසට හසු නොවුණු බොහෝ දේ අද අධෝරක්ත කැමරාවලට පෙනේ.. මෙයටත් වඩා අඩු සංඛ්‍යාතවලට සංවේදී  කැමරා නිපදවූ දිනෙක  භූතයෝ සිටීනම් ඔවුන්ද බලාගත හැකි වෙනු ඇත.
ජීවයේ උපත  අදටත් රහසකි. ඒ ගැන උපකල්පන රාශියක් ඇත. අන්තර්ජාලයේ මේ පිළිබඳ ගවේෂණ කරන කෙනෙකුට සාගරයක් තරම් කරුණු අණුක ජීව විද්‍යාවෙන් දැනගත හැක. එවිට දැනුම නමැති මහා සාගරයේ ඔවුන් අතරමං වෙනු නො අනුමානයි. රසායන විද්‍යා නොබෙල් ත්‍යාගලාභී මෙල්වින් කැල්වින් හා ඇලෙක්සැන්ඩර් ඔපාරින් වැනි විද්වතුන් මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණවලටද ගැටලූ‍ ඇතිවී ඇත. ගුප්ත දේ හා මිථ්‍යා මත ගැන මෙවැනි සරල පක්‍ෂක්ග‍්‍රාහී  සාකච්ඡාවකින් නිගමනවලට එළැඹී  ඒ ගැන තීරණවලට පැමිණීම මොනතරම් අනුවණ කමක්ද? ඒ ගැන ශාස්ත‍්‍රීය සාකච්ඡාවකට සුදුසු කෙනෙකු එදා ඔතැන නොවීය.
 
ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී.රාජපක්ෂ
 
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 546

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1417

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3252

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2618

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 3791

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 4788

Please publish modules in offcanvas position.