Coss Ear2
lakbima.lk
COSS Ear 1

දික්කසාද නොවීමට බුදුදහමෙන් මගපෙන්වීම

මෑත කාලීන සමාජයේ පවුල්  සංස්ථාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී අපට පෙනී යන්නේ පවුල් සංස්ථාවල ප්‍රශ්න, ගැටලු, අර්බුද රාශියක් පැන නැගී ඇති ආකාරයයි. විශේෂයෙන් නාගරික ප්‍රදේශ ආශ්‍රිතව වූ සාම්ප්‍රදායික විස්තෘත පවුල් සංස්ථාව කුඩා න්‍යෂ්ටික පවුල් සංස්ථාවක් බවට ක්‍රමිකව   විකාශය වී ඇත. අතීතයේ පියා පවු‍ලේ ප්‍රධාන උපයන්නා වුවත් අද වන විට එම තත්ත්වය ශීඝ්‍රයෙන් වෙනස්ව ගොස් ගෘහණිය ලෙස කටයුතු කළ මවද සිය දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල හෝ රඳවා මුදල් ඉපයීමට සම්බන්ධව ක්‍රියා කරයි. සාම්ප්‍රදායික ශිෂ්ට සමාජයේ දික්කසාදය පිළිබඳව ඉතා කලාතුරකින් අසන්නට ලැබුණද අද සමාජයේ දික්කසාදය මෝස්තරයක් විලාසිතාවක් බවට පත්වී හමාරය. පවුල තුළ ගෘහණියට අඩන්තේට්ටම් කිරීම දරුවන් අයථා ක්‍රියාවල යෙදවීම වැනි ගෘහස්ථ හිංසන සංකීර්ණ ගැටලු බවට පත්වෙමින් අතීතයේ පවුල් සංස්ථාව ‍පෝෂිත වූ හර වටිනාකම් හා සමකාලීන සමාජ රාමුව තුළ ඇති පවුල් සංස්ථාවන්හි විද්‍යාමාන වන වටිනාකම් හා සංසන්දනාත්මකව බලන විට එහි විශාල ණාත්මක පරිහානියක් ඇති බව මනාව පැහැදිලිවෙයි.
දිලිඳුකම්, අගහිඟකම් දොරට වඩිනවිට ආදරය, සෙනෙහස පෑල දොරින් පලා යන බව අප අසා ඇත. සත්‍ය වශයෙන්ම පවුල් සංස්ථාව තුළ සතුට සහ ආස්වාදය ස්ථාපිත කිරීමට නම් ධනවත් විය යුතු හෙවත් මිල මුදල් යහමින් තිබිය යුතුයැයි මතයක් සමාජයේ පවතියි. බුදු දහමට අනුව ඒ මතය ප්‍රතික්‍ෂේප කළ හැක. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “සංතුට්ඨි පරමං ධනං” ලෙසය. එනම් පරම ධනය මුදල් නොව සතුට යන්නයි. සතුට, සැනසීම ඇති ගෙදර මුදල් නැති වුවද සුවෙන් ජීවත්වීමට සුදුසු පරිසරයක් ගොඩනැගෙයි.
එසේ වුවද යහමින් මුදල්හදල් තිබෙන නිවසක වුවත් සතුට සැනසුම නොමැතිනම් එය සුවදායී දිවියකට යෝග්‍ය පරිසරයක් නොවෙයි. ගෘහ දිවියක් ගෙවන මිනිසාට සතුට සාමය උදාකර ගැනීමට හේතුවන ප්‍රධාන සාධක හතරක් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේදී දේශිතය.  ඒවා නම්
* උට්ඨාන සම්පදා
* ආරක්ඛ සම්පදා
* කල්‍යාණ මිත්තතා
* සමජීවිකතා
යනුවෙනි. මෙම කාරණා අතරින් ප්‍රධාන වශයෙන් සාධක තුනක් භෞතික අංශයට ජුවම සම්බන්ධ වෙයි. එහෙත් අවසාන සාධක දෙක මගින් ප්‍රකට වන්නේ භෞතිකමය වශයෙන් ලබන කුමන ආකාරයේ හෝ තෘප්තියක් හෝ ඇතිවීම කෙරෙහි ආධ්‍යාත්මික වශයෙන් ලැබිය හැකි සොම්නසද බෙහෙවින් උපකාරී වන බවයි.
ගෘහජීවිතයේ සුබසිද්ධිය උදෙසා බෙහෙවින් ප්‍රයෝජනවත් වන තවත් ධර්ම කරුණු හතරක් එක් අවස්ථාවකදී බුදුරජාණෝ අනේපිඬුසිටු පුත්‍රයාට දේශනා කළ සේක.
* අත්ථි සුඛ
* භෝග සුඛ
* අණන සුඛ
* අනවජ්ජ සුඛ
යනුවෙනි. මෙම කාරණා සතර වර්තමාන සමාජයට බෙහෙවින් වැදගත්වෙයි. අත්ථි සුඛය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඇතැයි යන සුවයයි. එනම් යමෙකුට කිසිවෙකුට අත නොපා ජීවත්වීමට අවශ්‍ය වන සාධක පවතින්නේනම් ඔහුට නැහැ බැහැ නොකියා සතුටින් ජීවත් වීමට හැක. ඒ සඳහා අවශ්‍ය මිල මුදල් ධාර්මිකව උපයා ගත යුතුය.
භෝග සුඛය ලෙස බුදුරදුන් අර්ථකථනය කළේ කෑමට බිමට අවශ්‍ය භවභෝග සම්පත් ආදියයි. ගොවිතැන් කිරීම ආදී ධාර්මික ක්‍රියාවලින් උපයාගත යුතුය.
අණන සුඛය පිළිබඳව නම් මෙම යුගයේදී කතා නොකරම බැරිය. අණන යනු ණය නොවී සිටීමයි. යමෙක් ණය කරුවෙක් වුවහොත් ඔහුට මානසික වශයෙන් සහනයක් නොලැබෙයි. නිතරම පසුතැවීමට පත්වීමට සිදුවෙයි. සමාජයට මුහුණදීමට නොහැකිව සැඟවී සිටීමට පවා සිදුවෙයි. සමහර පිරිස් යානවාහන මිලදී ගැනීමට ආදී හේතුමත නිවෙස් පවා බැංකුවලට උකස්කොට තමන්ට දැරිය නොහැකි වන ලෙස  ණය ලබාගනියි.  එක් ණයක් පියවීමට සමහර අවස්ථාවල කිහිප ස්ථානයකටම ණය වෙයි.  එයින් සිදුවන්නේ ඔහු අවුලෙන් අවුලට වියවුලෙන් වියවුලටම පත්වීමයි. එවිට මානසික සැනසීමක් සතුටක් ලැබිමට නොහැක. එනිසා ණය නොවී සිටීම සැපයකි.
අනවජ්ජ සුඛය ලෙස බුදුරජාණන් වහන්සේ අර්ථකථනය කළේ වැරදි වැඩවලින් දුරුවීමයි. නිදසුනක් ලෙස පංචශීල ප්‍රතිපදාව දැක්විය හැක. පංචශීල ප්‍රතිපදාව රැකීම සමාජයේ ආරක්ෂාව උදෙසා ප්‍රබල හේතුවක් වෙයි. මිනිස් තිරිසන් භේදයකින් තොරව නිර්භයව මානසික සුවයෙන් ජීවත්වීමට හැකියාව ලැබෙයි. මෙම කරුණු කාරණා මනාව පිළිපැදීම සැමගේ මෙලොව පරලොව ජීවිත යහපත් කරගැනීමට හේතුවෙයි.

ආචාර්ය බොකන්ඔරුවේ දේවානන්ද හිමි

සකස් කළේ රංජිත් කුමාර චන්ද්‍රසේකර


 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 546

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1416

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3251

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2616

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 3790

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 4787

Please publish modules in offcanvas position.