Coss Ear2
lakbima.lk
COSS Ear 1


අලුත් තාලයට පැවැත්වෙන පුංචි ඡන්දය ගැන රට්ටු නොදන්න දේ කියා දෙන්නට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත්වූයේය. මේ දිනවල රටේ බලවතා ඔහු වුවත් පුරුදු සැහැල්ලු ගතිය නම් පහව ගොස් තිබුණේ නැත.

ඡායා: ප්‍රියන්ත ගමගේ

සංචාරක පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) පසුගියදා සපුගස්කන්ද පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සංචාරයක නිරත විය.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය වෙත සපැමිණි පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) එම විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායකතුමන් විසින් සිදුකරන ලද කෙටි පිළිගැනීමේ දේශනය අවසානයේ දී පකිස්තානු සන්නද්ධ හමුදා නිලධාරින් වෙත මේ දක්වා කාලය තුල ලබාදී ඇති පුහුණුවීම් අවස්ථාවන් සබැඳිව සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කාර්යභාරයන් පිළිබඳවත් සංචාරක පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී දැනුවත් කළහ.

දෙරට අතර පවත්නා මිත්‍ර සබඳතාවයන් සහ පකිස්තානු හමුදා නිලධාරින් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අඛණ්ඩව පවත්වනු ලබන පුහුණු වැඩසටහන් පිළිබඳවත් මෙහිදි සිහිපත් කරන ලදි.

සංචාරක පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් නික්මයාමට ප්‍රථම ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණයක් ද එතුමන් වෙත පිරිනමනු ලැබීය.

සංචාරක පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානී ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් නික්මයාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි ද සමරු සටහනක් තැබීය.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය ඊයෙ (17) ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත විය. ලංකා විදුලිබල මණ්ඩලය 2015 වර්ෂයේ විදුලිබල මණ්ඩල පාලන අධිකාරිය විසින් අසීමිත ලෙස කරනු ලැබූ නීති විරෝධී වැටුප් වැඩිකිරීම වහාම අහෝසි කරන ලෙසත්, මේ වන විට ජනතාව මුදල් කෝටි 200 ක් පමණ ඒ වෙනුවෙන් වැය කර ඇති බවත් එම බලධාරීන් එම මූල්‍ය වංචාව නීත්‍යානුකූල කිරීමට හා හොරු ආරක්ෂා කිරීමට දරන උත්සාහයට එරෙහිවත්, විදුලිබල සේවකයන් බහුතර පිරිසක් උපකාරක සේවා (Support Services) යනුවෙන් නම්කර වැටුප් වැඩිකිරීමෙන් හා වෙනත් හිමිකම් ලබාදීමේ දී කප්පාදුවකට ලක් කිරීමත් ඇතුළු හේතු ගණනාවකට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්විණ.

 

ඡායාරූපය - මලිත් ගමගේ

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස එල්.ටී.බී දෙහිදෙණිය මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
 
අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ද මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඡායාරූප :සුදත් සිල්වා

මෙවර තෛ‍පොංගල් දිනය වතුකරයේ ජනතාව හින්දු ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් උත්සවශ්‍රීයෙන් ඊයේ (14) පෙරවරුවේ සමරනු ලැබූහ. මස්කෙළිය හා කොටගල ප්‍රදේශයේ ජනතාව ශ්‍රීමුත්තුමාරි අම්මන් හින්දු කෝවි‍ලේදී තෛයි‍පොංගල් දිනය සමරනු ලැබූ අයුරු.
 
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - මස්කෙළිය

ඉස්සර නම් වැල්වල වැනුවේ රෙදිය. ඒත් දැන් දැන් රෙදි වැල්වල රෙදි වෙනුවට ලන්ච් ෂීට්ද වනති. ඒ මීට දවස් පහළොවකට පෙරදී මෙන් නොව දැන් ලන්ච් ෂීට් ගණන් නිසාය. ලන්ච් ෂීට් ගණන් ගියේ පසුගිය පළමුවැනිදා සිට නොදිරන ‍පොලීතින් භාවිතය නීතියෙන්ම තහනම් කළ නිසාය. කොළඹ සේදවත්ත පැත්තේ මේ යුවතිය තමන් වරක් පාවිච්චි කළ කෑම කොළය ඉස්සර මෙන් ඉවත නොදා සෝදා වැ‍ලේ වනන්නේ යළිත් හෙට දවසේත් ප්‍රයෝජනයට ගැනීම සඳහාය.

ඡායා: ප්‍රියන්ත ගමගේ

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.