Coss Ear2
lakbima.lk
COSS Ear 1

කන්කසන්තුර සිට පේදුරුතුඩුව දක්වා වූ මාර්ගය 2018 පෙබරවාරි මස 6 ‍පොදු ප්‍රවාහන සේවා සඳහා ජනසතු කරන ලදී. මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ‍ලේකම් නාගලිංගම් වේදනායගම් සමගින් රාජ්‍ය නිලධාරීන් සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සමග 51 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න සහ ප්‍රදේශයේ සිවිල් ජනතාව සහභාගී විය.
 

දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දූෂණ විරෝධී පෙරමුණ ඊයේ ( 06) දින පාර්ලිමේන්තු වටරවුම හා පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අවහිරකරමින් උද්ඝෝෂණයක යෙදුණි. ඒ බැඳුම්කර විවාදය පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන අවස්ථාවේදීය. උලපනේ සුමංගල හිමි ඇතුළු දූෂණ විරෝධී පෙරමුණේ සාමාජිකයෝ පිරිසක් ද ඒ සඳහා එක්ව සිටියහ. 
 
ඡායාරූපය : මලිත් ගමගේ

''එකම දැයක්'' තේමාව යටතේ  70 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ගාලූ මුවදොර දී අභිමානවත් අයුරින් පැවැත්විණි. 
බ්‍රිතාන්‍යය රජ පවුල නියෝජනය කරමින් වෙසෙක්ස් හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරිය මෙම අභිමානවත් උළෙලට ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වූ අතර විදෙස් රටවල් නියෝජනය කරමින් රාජ්‍ය නියෝජිතයෝ රැසක් ද ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රවිනිශ්චකාරතුමා, මැති ඇමතිවරු, පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුඑ රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරු ඇතුඑ සම්භාවනීය ආරාධිතයෝ රැසක් සැමරුම් උළෙලට එක්ව සිටියහ.











ඡායාරූප :සුදත් සිල්වා

මහා බ්‍රිතාන්‍යයේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස නිදහස් දින ජාතික උත්සවයට සහභාගි වීම සඳහා එක්සත් රාජධානියේ එළිසබෙත් රැජින නියෝජනය කරමින් දින 6 ක නිල සංචාරයක් සඳහා රජ පවු‍ලේ එඩ්වඩ් කුමරු සහ සොෆි කුමරිය එමරේට්ස් ගුවන් යානයකින් අද (31) දින දහවල් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටු‍පොළින් දිවයිනට පැමිණියහ. විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා ගුවන් තොටු‍පොළේදී එම දෙපළ පිළිගත් අයුරු.

කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් ඊයේ(30) රාත්‍රියේ දී සිදුවිය.

කැලණිය පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත් වල නිරතව ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබාගැනීමෙන් අනතුරුව පංචතූර්ය වාදන හා පිරිත් සජ්ඡායනා මධ්‍යයේ සධාතුක කරඩුව මංගල හස්තිරාජයා මත තැන්පත් කළේය.

කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ඛෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ජෝන් සෙනවිරත්න, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, බස්නාහිරපළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැලණිය ආසන සංවිධායක තිලක් වරාගොඩ සහ කොළොන්නාව ආසන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුන් ද මෙම පූජනීය අවස්ථාවට එක්වූහ.  



ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය

ප‍්‍රවින සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (28) සවස මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදි දහසක් කලා කරුවන්ගේ සෝ සුසුම් මැද ඉතා චාම් අන්දමින් සිදුකෙරිණි.

පතිරාජ මහතා අධ්‍යාපනය ලැබු මහනුවර ධර්මරාජ විදුහලේ විදුහල්පතිවරයා ඇතුලූ ගුරු සිසුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ආචාර්ය ධර්මසේන පතිරාජයන් කර තිබු ඉල්ලිමක් මත ශෝක ප‍්‍රකාශ ගූණගායනා කිසිවක් නොමැතිව ඉතා චාම් අන්දමින් දේහය පිළිබඳව අවසන් කටයුතු සිදුකෙරිණි.

මෙම අවමංගල අවස්ථාවේදි ඩබිලිව්.ජයසිරි කලා කරුවා විසින් ඉතා කෙටි ස්තුති කතාවක් සිදු කිරිමෙන් පසු දේහය ආදාහනාගාරය  තුළට ඇතුළු කරනු ලැබිය.






 ගයා වන්නිආරච්චි

 

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.