Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජපන් රජයේ අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් සංවිධානය කරන ජගත් තරුණ නෞකා වැඩසටහන යටතේ වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන නෞකා සංචාරයේ නිරත නි‍පෝන් මාරු ජගත් මිත්‍රත්ව තරුණ නෞකාව ඊයේ (15) කොළඹ වරායට පැමිණියේය. මෙම ලෝක තරුණ නෞකා වැඩසටහන යටතේ සංචාරය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11 ක තරුණ තරුණියන් 242 දෙනෙකු සහභාගි වී සිටින අතර ජපානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, මෙක්සිකෝව, මොසැම්බික්, ඕමානය, පේරු, ‍පෝලන්තය, දකණු අප්‍රිකාව, ස්පාඤ්ඤය හා ශ්‍රී ලංකාව එම රටවල් වේ. එම නෞකාව කොළඹ වරායේ නවතා ඇති අයුරු හා එහි භෝජන ශාලාව ඡායාරූපවල වේ.

ඡායාරූපය: ලක්මාල් වසන්ත

 

සුථ හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම් මහතා පත් කර තිබේ.
ඒ මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දෙනු ලැබීය.

ඡායාරූප :සුදත් සිල්වා

ශ්‍රීමත් ඩී.බී.ජයතිලක සූරීන්ගේ 150 වන ජන්ම ශත සංවත්සර සැමරුම කොළඹ නව කෝර්ළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක දිවියාගහ යසස්සි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14 වෙනිදා) කොළඹ 07 බෞද්ධමහා සම්මේලන මූලස්ථානයේ දී පැවැත්විණ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අනුග්‍රහයද ඇතිව සංරක්ෂණය කළ අනුරාධපුර විජයාරාමය නම් පෞරාණික පබ්බත විහාරය මුල්කොට මහාචාර්ය ටී.ජී. කුලතුංගයන් විසින් රචිත අනුරාධපුර විජයාරාම නම් ගවේශන  කෘතිය යේ දෙවන මුද්‍රණය එළිදැක්වීම සහ බෞද්ධ සාහිත්‍ය සම්මාන ප්‍රදානයද මෙහිදී සිදුකරන ලදී.











ඡායාරූප - තුෂාර අතපත්තු

 

 

 

 

 

 

ලෝකවාසී හින්දු ජනතාවගේ උත්සව පූජා දිනයවන මහා ශිව රාත්‍රි දිනය ඊයේ (13)ට යෙදී තිබිණ. හින්දු ජනතාව මෙම දිනය උතුම් ලෙස සලකමින් උපවාසයේ නිරතවන අතර ශිව දෙවියන් හා ගණ දෙවියන් උදෙසා මධ්‍යම රාත්‍රියේදී පැවැත්වෙන පූජාවෙන් අනතුරුව උපවාසය අවසන් කරයි. කොළඹ ජම්පටා වීදියේ සිවන් කෝවිලට පැමිණි බැතිමතුන් පහන් දල්වා ආගමික වතාවත්වල යෙදුණ අයුරු ඡායාරූපයේ වේ.
 
ඡායාරූපය - ලක්මාල් වසන්ත

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී ඊයේ (13) පැවති පුවත්පත් සාකච්ඡාවට පැමිණි හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇතුළු පිරිසට සිය ජයග්‍රහණයේ සතුට ප්‍රකාශ කළ අයුරු.

ඡායාරූපය - මලිත් ගමගේ

එළැඹෙන පෙබරවාරි 10 වැනිදාට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි හා ඡන්ද පත්‍රිකා ඡන්ද මධ්‍යස්ථා වෙත බෙදාහැරුණ අතර කළුතර  ශාන්ත ජෝන් හා කළුතර ඥානෝදය විද්‍යාලවල ඡන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි හා පත්‍රිකා නිකුත් කිරීම සිවිල් ආරක්ෂක බළකා සෙබළුන්ගේ මැදිහත්වීමෙන් ඊයේ (8) දින සිදුවූ අයුරු.

ඡායාරූප - තාරක බස්නායක (කළුතර)

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.