Coss Ear2
lakbima.lk
COSS Ear 1

පොලිස් කොස්තාපල්වරුන් බඳවා ගැනීමේ අවසන් සම්මුඛ පරීක්ෂණ ඊයේ (20) දිනත් තිඹිරිගස්යාය ‍පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූල්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. 20/13 රජයේ ගැසට් නිවේදනයට අනුව උතුර නැගෙනහිර පළාත් ඇතුළු දිවයින පුරා 17,000ක් ඉල්ලුම් පත්‍ර ලැබි ඇත. එයින් අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා 3762 දෙනෙකු තේරී පත් වී ඇත. එයින්ද 492 උතුර- නැගෙනහිර පළාතෙන් වීම විශේෂත්වයක් බව නියෝජ්‍ය ‍පොලිස්පති (බඳවා ගැනීම් හා පුහුණු කිරීම්) සංජීව ධර්මරත්න මහතා පැවැසීය.
‍පොලිස් අධිකාරී (බඳවා ගැනීම්) ලලිත් උඩහවත්ත රාජ්‍ය පරිපාලන නිලධාරීන් හා රාජ්‍ය කොමිසම් සභාවේ නිලධාරීන් ඉදිරියේ මෙම අවසන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණි.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ උතුරු -නැගෙනහිර පළාතේ සිට අවසන් සම්මුඛ පරීක්ෂණයට පැමිණි ද්‍රවිඩ තරුණයින් ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක (බඳවා ගැනීම්) වයි.ඩී.එස්. පින්නදූව මහතා ඇතුළු නිලධාරීන් විසින් පරීක්ෂණයට යාමට පෙර ලියකියවිලි පරීක්ෂා කරන අයුරු.
 
නිමල්සිරි එදිරිසිංහ

හැටන් සිරිකුරුස දේවස්ථානය මගින් දීර්ඝ කාලයක් සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය දහම් පාසල සති ගණනාවක් තිස්සේ එම දේවස්ථානයට පිවිසෙන මාර්ගයේ හා ශාන්ත ජෝන් බොස්කෝ විදුහ‍ලේ එළිමහනේ පවත්වාගෙන යාමට සිදුව ඇත. ඒ ශාන්ත ජෝන් බොස්කෝ විදුහ‍ලේ විදුහල්පතිවරයා විදුහ‍ලේ ශාලාවල් විවෘත කර නොදීම හේතුවෙනි. 

ළමයි 400ක් පමණ එම දහම් පාස‍ලේ ඉගෙනුම ලබති. එම පාසල රජයට පවරා ගැනීමට පෙර දෙවස්ථානයට අයත්ව තිබූ බවත් රජයට පවරා ගැනීමේදී පාසල නොපවත්වන ඕනෑම දිනයක පාසල් ගොඩනැගිලි භාවිත කිරීමට හැකි වන පරිදි ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබියදී වත්මන් විදුහල්පතිවරයා පාසල් නිවාඩු දිනවල ශාලාවල් දොරගුළුලා වසා තබා යනබව ලෙස්ලි පෙරේරා පියතුමා පවසයි.
 
සටහන හා ඡායාරූප - හැටන් නීටා පත්ම කුමාරි

බස්නාහිර පළාත් සභාව සහ ගම්පහ පලාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ 'ආයු ලංකා 2018' දේශීය වෛද්‍ය සහ ගැමි සංස්කෘතික වෙළද ප්‍රදර්ශනය පසුගිය 16, 17 සහ අද (18) මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්විණි. මුළුමනින්ම පොල් අතු සෙවිලි කළ කුටි තුළ දේශීය වෛද්‍ය ක්‍රම, ජොතීෂ්‍ය, දේශීය හස්ත කර්මාන්ත, දේශිය ආහාර, සම්ප්‍රදායික සංස්කෘතිකාංග, ශරීරසුවතා විලාසිතාවන් සහ සාම්ප්‍රදායික ශාන්ති කර්ම අංග මෙහි ඉදිරිපත් කොට තිබිණ.

ගතවූ තෙදින තුළ දේශීය සේම විදේශික සංචාරකයන් රැසක්ද මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටියහ.

වාර්තාව සහ ඡායාරූප - එස්.ටී.පී.සිල්වා

මේ දොරටුවෙන් ඇතුළට එන්නේ සතියක් පුරා මුළු රටම කතා කරන චරිතයයි. ඡන්ද ප්‍රතිඵලත් සමග අගමැති රනිල් වික්‍රමසිංහට යන්නැයි ශ්‍රීලනිපය කියද්දී එජාපය කියන්නේ ඔහුට ඉන්නා ලෙසය. මේ වාද විවාද යන අතරේ රනිල් අරලියගහ මැදුරේ දොරෙන් ආවේ ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පෙරේදා (16) පැවැති සාකච්ඡාවට එන්නටය.
 
ඡායාරූපය :  නිමල්සිරි එදිරිසිංහ

ජපන් රජයේ අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් සංවිධානය කරන ජගත් තරුණ නෞකා වැඩසටහන යටතේ වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන නෞකා සංචාරයේ නිරත නි‍පෝන් මාරු ජගත් මිත්‍රත්ව තරුණ නෞකාව ඊයේ (15) කොළඹ වරායට පැමිණියේය. මෙම ලෝක තරුණ නෞකා වැඩසටහන යටතේ සංචාරය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11 ක තරුණ තරුණියන් 242 දෙනෙකු සහභාගි වී සිටින අතර ජපානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, මෙක්සිකෝව, මොසැම්බික්, ඕමානය, පේරු, ‍පෝලන්තය, දකණු අප්‍රිකාව, ස්පාඤ්ඤය හා ශ්‍රී ලංකාව එම රටවල් වේ. එම නෞකාව කොළඹ වරායේ නවතා ඇති අයුරු හා එහි භෝජන ශාලාව ඡායාරූපවල වේ.

ඡායාරූපය: ලක්මාල් වසන්ත

 

සුථ හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම් මහතා පත් කර තිබේ.
ඒ මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දෙනු ලැබීය.

ඡායාරූප :සුදත් සිල්වා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.