Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින් සංවිධානය කළ විරෝධතා පෙළපාලියක් ඊයේ (16)  රාත්‍රි ගාල්ල නගරයේදී පැවැත්වීණී.

උද්ඝෝෂකයින් පන්දම් හා මුහුණු ලාම්පු දල්වා ගනිමින්, බෙර, දවුල් වාදනය කරමින් සටන් පාඨ කියමින් ගාල්ල ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුහ. මෙම අවස්ථාවට සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනයේ සභාපති රත්ත ගමගේ මහතා ඇතුළු ධිවරයින් රෑසක් සහභාගි වුහ.


අනුර ලියනගේ - හබරාදුව

සරසවි විෂය මාලාෙවන් බෞද්ධ දර්ශනය කප්පාදු කිරීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනක් ඊයේ (16) පස්වරුවේ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ විය. 
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිටට ගොස් නැවත පුරහල වෙත පැමිණ ඔවුහු බැස්ටියන් දේවස්ථානය අසල උපවාසයක් පැවැත්වීම සඳහා අට්ටාලයක් හදන තෙක් බිම වාඩි වී රැඳී සිටි අයුරු.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය හමුදා ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) මහතා පෙරේදා (14) දින සවස අරලියගහ මන්දිරයේදී හමුවී සාකච්ඡා පැවැත්වූහ.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු (Taranjith Singh Sandhu), ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඉන්ධන මිල වැඩි කිරීමට විරෝධය දක්වමින් බෝපේ ‍පෝද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ සභාපති දිල්රුක් අබේකෝන් මහතා ඇතුළු මන්ත්‍රීවරු කළු පටි පැළඳ විරෝධතා පුවරු  ප්‍රදර්ශනය කරමින් පාපැදිවලින් ඊයේ (15) පැවැති බෝපේ ‍පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීමට පැමිණියහ.
මෙකී මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරියන් පාපැදිවලින් ප්‍රාදේශීිය සභාව වෙත පැමිණෙද්දී ප්‍රාදේශීය සභාවේ එ.ජා.ප. මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරියන් තණකොළ හා පිදුරු මිටි රැගෙනවිත් මොවුන් ප්‍රාදේශීය සභා කාර්යාලය අසලදී පිළිගනු ලැබිය.  ක‍ලේගානේ හන්දියේ සිට ‍පොහොට්ටුවේ සභාපතිවරයා ඇතුළු  මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන් කළුපටි පැළඳ විරෝධතා පුවරු  ප්‍රදර්ශනය කරමින් රතිඤ්ඤා  පත්තුකරමින් සභා රැස්වීමට සහභාගිවීමට පැමිණියහ. රනිල්ගේ පාලනය දැන් රටම කළුවරේ. මහ බැංකුව කාලා සුද්දා, තෙල් ටැංකිය දැම්මා ඉබ්බා සටන් පාඨ ලියූ පුවරු ප්‍රදර්ශනය කරමින් ‍පොහොට්ටුවේ මන්ත්‍රීවරු පැමිණියහ.
මේ අතර එ.ජා.ප. මන්ත්‍රීවරුද මෙයට විරෝධතා පළ කරමින් සභා කාර්යාලය ඉදිරිපිට රැඳී සිටියහ.
 
කමල් විජේහේවා -  ගාල්ල

පසුගියදා තම ඇමැතිධුරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම පසුගිය 11 වනදා පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක සුහද සාකච්ඡාවක නිරතවීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
 
ඡායාරූපය - නිමල්සිරි එදිරිසිංහ

ඉරානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ එරට ජනාධිපති හසත් රොහානි මහතා විසින් ටෙහෙරානයේ ඉතා උණුසුම් අයුරින් පිළිගත් අයුරු.


ඡායාරූපය - සුදත් සිල්වා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.