Coss Ear2
lakbima.lk
COSS Ear 1

2016 වසරේ අරණායක සාමසර කන්ද හා මාවනැල්ල ප්‍රදේශයේ සිදු වූ නාය යෑමෙන් උන්හිටිතැන් අහිමි වූ පවුල් වෙනුවෙන් අරණායක දඹදෙණිය අරකොටවැල්ල ප්‍රදේශයෙන් ලබාදුන් නිවාසවල පදිංචිව සිටි පවුල් 100කට අධික පිරිසක් පෙරේදා (3)දා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් හා සුළඟින් යළි ඔවුන්ගේ නිවාස උඩු සුළඟේ ගසාගෙන ගියේය. නිවාස 18ක පමණ වහළවල සෙවිලි තහඩු ගැලවී නිවාසවලට දැඩිව අලාභහානි සිදුව තිබූ අයුරු. 
 
ඡායාරූප - අරණායක - ප්‍රදීප් කුමාර ධර්මසේන

පසුගියදා කවුඩුල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දිව ආ පුංචි දියණියක් ජනාධිපතිවරයාගේ තුරුළට වී සුරතල් බස් දොඩමින් සිටිනු දක්නට ලැබිණි.

ජනපති හමුවීමට පැමිණි මෙම පුංචි අමුත්තිය නමින් දිනුල්‍යා චනාදි වූ අතර, සිය දෙමාපියන් සමග මැදිරිගිරිය, අමුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටී.

ඊයේ (01) මැදිරිගිරිය ප්‍රදේශයේ පැවැති වැඩසටහන් රැසකට සහභාගී වූ ජනාධිපතිවරයා මෙම සුරතල් දියණියගේ  නිවසට ද ගොඩවැදී ඇගේ සුවදුක් විමසීමට  අමතක නොකළ අතර, ඉතා කාර්යබහුල දෛනික කාලසටහනක් අතර වෙහෙස වී සිටියද, මහත් සෙනෙහසින් යුතුව දැරිය සමග කථා බහක නිරත විය.

දරුවන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමලා වූ දිනුල්‍යා චනාදි දැරිය බහ තෝරන වයසේ පටන් ජනාධිපතිවරයා රූපවාහිනියේ දකින හැම මොහොතකම සිනාසෙමින් සහ නොයෙකුත් දේ කියමින් එම වැඩසටහන් නරඹන බව ඇගේ දෙමව්පියෝ පවසයි.

පසුගියදා ජනාධිපතිවරයා මැදිරිගිරිය, කවුඩුල්ල ප්‍රදේශයට පැමිණෙන බව දැන ගැනීමත් සමග ජනාධිපතිවරයා බැලීමට යමු යැයි සිය පියාට ඇවිටිලි කළ දැරිය පියා සමග එම ස්ථානයට ගිය ද වේදිකාව අසළට යාමට ඔවුන්ට හැකියාවක් නොලැබිණි.

එහෙත් එකවර සෙනඟ අතරින් ජනාධිපතිවරයා වෙත දිව ආ දැරිය ආරක්ෂක නිලධාරින් විසින් නතර කිරීමට තැත් කළ ද, ජනාධිපතිවරයා විසින් එය වළක්වා එම සුරතල් දියණියට තමා වෙත ඒමට ඉඩ සැළැස්වීය.

මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිතුවරයා තුරුළට වී සුරතල් බස් දෙඩවූ දැරිය එම උත්සවය අවසන්වන තුරුම ජනාධිපතිවරයා අසළට වී සිටිනු දක්නට ලැබුණි.

එම මතකයත් සමග ඊයේ දින එම දැරියගේ නිවසට ගොඩවැදුණු ජනාධිපතිවරයා ඇයගේ සුවදුක් විමසූ අතර, එම නිවසේ තිබූ ජනාධිපතිවරයා සහ මෙම පුංචි දියණියගේ හමුවීම පිළිබද පළකෙරුණු පුවත් පත් වාර්තා කිහිපයක් මෙන්ම තම ඡායාරූප කිහිපයක් ද එහිදී ජනාධිපතිවරයා නෙත ගැටිණි.



 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වැල්ලවාය ආනපල්ලම තුනේකණුව කුරුමිණියාගල කඳු රක්ෂිතයේ පෙරේදා (28) සවස ඇතිවූ ගින්නෙන් අක්කර 200කට අධික ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇත. ඊයේ (01) උදෑසන වන විටත් එම ගින්න නිවා දැමීමට කිසිදු පාර්ශ්වයක් පැමිණ නොතිබුණු අතර යුද හමුදාව හා වැල්ලවාය ‍පොලීසියේ පිරිස් ගින්න නිවා දැමීමට ඊයේ දහවල් වන විට පැමිණියත් පැවැති සුළං තත්ත්වය හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීමට නොහැකි විය.

සටහන හා ඡායාරූප - වැල්ලවාය ඉන්දික රොෂාන් ගුරුසිංහ

ශ්‍රීදේවිගේ දේහය දැනට මුම්බාහි ලෝක්නන්ද්ලා උත්සව ක්‍රීඩා ශාලාවේ තැන්පත් කර ඇති අතර දහවල් 12.30 දක්වා එය මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කෙරෙනු ඇත.

මේ ඇගේ අවමගුල සම්බන්ධ මෙතෙක් ලැබී ඇති ඡායාරූප කිහිපයකි.




 
 

පවුල් 5000 ක් පමණ ගමන් ගන්නා වසර 70 ක් පැරණි මාවතුර නුගවෙල මහවැලි ගඟ හරහා ඇති ඔරුතොට වැල්ල සංගිලි පාලම වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය කර නැත. හරංගල ගම, තිස්පනේව, ඉලුක්තැන්න, අහස්වැව සහ රන්මලපිටිය ආදී විශාල ප්‍රදේශවලට යාමට ඇති පහසුම මාර්ගය මෙයයි. දැඩි ලෙස අබලන්ව ඇති මෙම පාලම පිළිසකර කර දෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මතෛක් කිසිදු පියවරක් ගෙන නැතැයි ජනතාව පවසති. ඉතා අසීරුවෙන් පාලම මතින් පුද්ගලයකු ගමන් ගන්නා අයුරු ඡායාරූපයේ දැක්වේ. 
 
ඡායාරූපය : ගම්‍පොළ එස්. ඩී. රාජනායක

ගාල්ල  මහින්ද   විද්‍යාලයේ  125   වෙනි   සැමරුම  වෙනුවෙන්  ආදී ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ලදවෙළඳ  ප්‍රදර්ශනය සහසැණකෙළිය පසුගිය දා ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

එහි අවසන් දිනයේදී ප්‍රධාන ආරාධිතයා ලෙස ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහභාගි විය.

මහින්ද විදුහලේ 125 සැමරුමට සමගාමිව විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයට ආධාර පිණිස විශේෂයන් නිර්මාණය කළ  සමරු  කාසි  125 ක් නිකුත් කළ අතර, එම සමරු කාසිමිලදී  ගත්  මහින්ද  විදුහල්  ආදී  සිසුන් වෙත  පිරි  නැමිම ද අමාත්‍ය  ගයන්ත  කරුණාතිලක   මහතා  අතින්  එදින සිදු  කෙරුණි.



 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.