Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව සිය බලප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සමගිය සඳහා නායකත්වය ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සර්ව ආගමික නියෝජිතයන්ගෙන් ඉල්ලයි. 
මහනුවර හා ඒ ආශ්‍රිතව පවතින නොසන්සුන්කාරී තත්ත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් (7) මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේදී පැවැති අතර එහිදී ජනාධිපතිවරයා ආගමික නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.
සුළු සුළු සිද්ධීන් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විට ජනතාව තුළ නිවැරදි නොවන චිත්‍රයක් මතුවන බව කී ජනාධිපතිවරයා, ජනතාව වෙත සත්‍ය තොරතුරු ගෙනයාමේදී ආගමික නායකයන්ට සුවිශාල මැදිහත්වීමක් මේ අවස්ථාවේදී කළ හැකි යැයි කීවේය.
ජනතාව ආරක්ෂා කරගැනීම හා සාමය ආරක්ෂා කරගැනීම සඳහා ජනාධිපතිවරයා මෙහිදී අදාළ ආරක්ෂක අංශ වෙත උපදෙස් දීමද සිදුවිය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි හිමි ඇතුළු මහා සංඝරත්නය ඇතුළු සෙසු ආගමික නියෝජිතයන්ද මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ සාකච්ඡාව සඳහා සහභාගි වූහ.
 
නදීක දයා බණ්ඩාර - මහනුවර

දඹුල්ල යනු නාගරික කැලි කසළ වලට අමතරව වෙළඳපොල කැලි කසළ බහුලවම එක්වන නගරයකි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මුල්කොට දිනකට කැලි කසළ ටොන් ගණනක් ඉවත දැමෙන අතර සමහර දිනවල නිසි මිලක් නියම නොවන එළවළු, පළතුරුද විශාල වශයෙන් කැලි කසළ වශයෙන් බැහැර කෙරේ.

මෙම නොවිධිමත් කැලි කසළ අපහරණය නිසා ඒවා ආහාරයට ගැනීමට පැමිණෙන සතුන් අතරින් වන අලින්ට හිමි වනුයේ ප්‍රමුඛ තැනකි. අවට ඇති වන කලාපයන් හි සිට දඹුලු පුරවරයට සංක්‍රමණය වන මෙම වන අලින් නිදහසේ එම කැලි කසළ බුක්ති විඳිනු මෙසේ දක්නට පුළුවන.

එහෙත් මේවායේ ඇති පොලිතින්, ප්ලාස්ටික් ආදී නොදිරන ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් ඉතා කෙටි කලක් තුළ මොවුන් අකල් මරණ වලට ලක්වන බව මෙම වන අලින් තබා වන මොවුන් භාරව සිටින වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්වත් නොදන්නා සේය.

සටහන - එස්.ටී.පී. සිල්වා

ඡායාරූප - අශෝක එරමිණිගම්මන - දඹුල්ල

 

දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට බලපාන ගැටලූ පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

දේශීය කර්මාන්තකරුවන් රැසක් ද මෙන්ම මලික් සමරවික්‍රම, රිෂාඩ් බදුර්දීන්, ලක්ෂ්මන් කිරිඇල්ල යන අමාත්‍යවරුන් ද, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ යන මහත්වරුන් ඇතුළු නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්වුහ.

ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය

අපවත් වී වදාල කොළඹ 07 සම්බෝධි විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසල ධම්ම හිමියන්ගේ දේහය මේ වන විට එම විහාරස්ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.

මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් අතිවිශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටිති. ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් කොළඹ 07 නිදහස් මාවතේ නිදහස් චතුරශ්‍රය අබියසදී ලබන බ්‍රහස්පතින්දා (08)  සිදුකිරීමට නියමිතය.


පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය පසුගිය මාර්තු 03 වන දින උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ඒ සඳහා යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන් හි වෙසෙන කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

මෙම මංගල්‍යය සාර්ථක ලෙස පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විශාල දායකත්වයක් සැපයූ අතර, උතුරු නාවික විධානය භාර ආඥාපති, මෙරිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එම කර්තව්‍යයන් සිදු කෙරිණි. මෙවර මංගල්‍යය සඳහා යාපනය, ඩෙල්ෆ්ට්, ගුරුනගර්, නවන්තුරෙයි, පස්සයිරූර්, පලෙයිපාඩු, ඉරනෙයිමතනගර්,පල්ලික්කුඩා, මන්ඩතිව්, මීගමුව, මන්නාරම යන ප්‍රදේශයන්හි කතෝලික බැතිමතුන් 10,000 පමණ සහභාගී වී සිටියහ. මංගල්‍යයේ ප්‍රධාන දේව මෙහෙය යාපනයේ ආචාර්ය පතිනාදර් ජෝශප්තාස් ජෙබරත්නම් පියතුමා ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.








 

2016 වසරේ අරණායක සාමසර කන්ද හා මාවනැල්ල ප්‍රදේශයේ සිදු වූ නාය යෑමෙන් උන්හිටිතැන් අහිමි වූ පවුල් වෙනුවෙන් අරණායක දඹදෙණිය අරකොටවැල්ල ප්‍රදේශයෙන් ලබාදුන් නිවාසවල පදිංචිව සිටි පවුල් 100කට අධික පිරිසක් පෙරේදා (3)දා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් හා සුළඟින් යළි ඔවුන්ගේ නිවාස උඩු සුළඟේ ගසාගෙන ගියේය. නිවාස 18ක පමණ වහළවල සෙවිලි තහඩු ගැලවී නිවාසවලට දැඩිව අලාභහානි සිදුව තිබූ අයුරු. 
 
ඡායාරූප - අරණායක - ප්‍රදීප් කුමාර ධර්මසේන

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.