Coss Ear2
lakbima.lk
COSS Ear 1

රුපියල් කෝටි ගණනක් බලාපොරොත්තුවෙන් රුපියල් විස්සක් ගෙවා ලොතරැයියක් මිලදී ගැනීම සමාජයේ සුලබ සිදුවීමකි. එහෙත් ඊට බෙහෙවින් සමාන මේ අප්‍රකට සිදුවීම අපගේ නෙත ගැටුණේ මීගමු කලපු ඉහත්තාවේ මැටිවලබොක්ක නම් ස්ථානයේ දීය.



ජා ඇල දෑලතුර ‍ ප්‍රදේශයෙන් එන ධීවරයන් ඔරු වලින් අල්ලා ගන්නා කුඩා ඉස්සන් පන පිටින් මිලදී ගැනීමට මීගමුවෙන් මුහුදු යන මීගමුව, පිටිපන ප්‍රදේශයේ ධීවරයෝ ‍බෝට්ටු වලින් පැමිණෙති. එසේ පැමිණෙන ඔවුන් බෝට්ටුවේ එල්ලා ඇති දියෙහි බහාලූ දැල් කූඩ වලින් එම ඉස්සන් රැගෙන යනුයේ සමුද්‍ර ධීවර කර්මාන්තයේ දී උන් ඇම පිණිස යොදා ගැනීම සඳහාය.

එම ඇම මඟින් පරා මාළුන් අල්ලා ගත හැකි යැයි ඔවුහු කියති. කුඩා ඉස්සෙකු ඇමට තබා පරා මාළුවෙකු අල්ලා ගැනීම ම නොවුනත් ඊට සමාන ක්‍රියා අප සමාජයේ නිතර දෙවේලේ සිදුවනු දැකිය හැක.

සටහන සහ ඡායාරූප - ප්‍රසංග පෙරේරා - ජා ඇල

 

 

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුව ඊයේ (14) පස්වරුවේ පැවැත්විණි. ටෝකියෝ නුවර පිහිටි ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත අද පස්වරුවේ ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති ෂින්සෝ අබේ මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත් අයුරු.

 
ඡායාරූපය - මංජුල පෙරේරා

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (14) පෙරවරුවේ ටෝකියෝ නුවර ෂිනගාවාහි පිහිටි නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින්, ඉතා පරිසර හිතකාමී අන්දමින් මෙහි කටයුතු සිදු කෙරෙන අතර එම කටයුතු ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

කසළ කළමනාකරණ ක්‍රියාවලියේ අතුරු ඵලයක් ලෙස ජනනය වන තාප ශක්තිය විදුලි බලය බවට පත්කර, එම විදුලිය අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ භාවිතයට ගැනීමෙන් අනතුරුව ඉතිරිවන ප්‍රමාණය ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම ද මෙහි විශේෂත්වයකි.

පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා ( Kenichi Suganuma) ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක,  පාර්ලිමේන්තු මන්ත්‍රිමහාචාර්ය ආශු මාරසිංහ, යන මහත්වරු ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



ඡායාරූප : සුදත් සිල්වා

වාසනාව උරගා බැලීම නරක දෙයක් නොවේ. ළඟ ළඟ එන සිංහල අළුත් අවුරුද්දේ බර පහසුවෙන් දරා ගැනීම සඳහා අතිරේක මුදල් වාසියක් තිබීම හොඳ දෙයකැයි යමෙකුට සිතීමේද අරුමයක් නැත.

එහෙත් වාසනාව උරගා බැලීමකදී ඊට පෙර තමන්ගේ සහ අනුන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳවද අප සිතා බැලිය යුතුය.

ගණේමුල්ල නගර මධ්‍යයේ පදික මංතීරුවක නවතා ඇති මෙම ලොතරැයි අලෙවි රථය වටා රොක් වන මෙම පිරිස වාසනාව උරගා බලනුයේ රථ වාහන සිය ගණනක් යනෙ'න මහා මාර්ගයේ ධාවන තීරුවක්ද අවහිර වන ලෙසිනි.

මෙසේ අනාරක්ෂිත පසුබිමක සිට වාසනාව උරගෑමට යාමෙන් කිසියම් අනතුරක් සිදුවිය නොහැකිද යන්න මොවුනට නොසිතෙන්නේ දිනෙන් දින හිස මතට පැටවෙන ආර්ථික බරෙන් මිදීම ජීවිතය රැක ගැනීමට නොදෙවෙනි කරුණක් සේ මොවුනට හැඟී යන නිසාද?



සටහන හා ඡායාරූප - සහන් සංකල්ප සිල්වා

ජපාන අධිරාජ්‍යයාගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක් දීර්ඝ කාලයක් පුරා පවතින ජපාන - ශ‍්‍රි ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ජපාන අධිරාජ්‍යයා වන අකිහිතෝ අධිරාජ්‍යයා අතර හමුව අද (13)  පෙරවරුවේ සිදුවිය.

ටෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මන්දිරය වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය අකිහිතෝ අධිරාජ්‍යයා සහ මිචිකෝ රැජිණ විසින් ඉතා උණුසුම් හා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.

අනතුරුව නායක දෙපළ සුහද කතා බහක නිරත විය. මෙම හමුවෙන් අනතුරුව ඉම්පීරියල් මන්දිරයේ අසිරිය නැරඹීමට ද ජනාධිපතිවරයා  සහ අකිහිතෝ අධිරාජ්‍යයා එක්විය.





 

ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට සහභාගිවීමට ඉන්දියාවට සැපත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ඩ් (Sri Ram Nath Kovind) මහතා ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හි හමුවිය.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.