Coss Ear2
lakbima.lk
COSS Ear 1

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඊයේ (21) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතා වෙත බාරදෙන ලදී. එම යෝජනාව බාරදීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස පැමිණි අයුරු.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ඊයේ (20) රාජගිරිය මංසන්ධියේ 
සිට පා ගමනින් ගොස් පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. එම අවස්ථාවේ විශ්වවිද්‍යාලයීය අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවිකාවන් දෙදෙනකු උද්ඝෝෂණයේ යෙදෙන අයුරු තම ජංගම දුරකථනයෙන් ඡායාරූපයට නැගූ අයුරු.
 
ඡායාරූපය: ප්‍රියන්ත ගමගේ

යාපනය, ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ හා උතුරු පළාතේ උපාධිධාරින් සදහා ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අද (19) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් එහිදී ජනාධිපතිතුව පිළිගනු ලැබීය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව  තාක්ෂණික මධ්‍යස්ථානය සිසු අයිතියට පවරාදුන් ජනාධිපති එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.ඉන් අනතුරුව පැවති උත්සව සභාවේ දී උතුරු පළාතේ උපාධිධාරින් 197 දෙනෙකුට ගුරු පත්වීම් ප්‍රදානය සංකේතවත් කරමින් 10 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීම ජනාධිපති අතින් සිදු විය.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, යාපනය රදගුරු අතිඋතුම් ජස්ටින් ඥානප්‍රගාසම් හිමිපාණන් ප්‍රමුඛ හිමිපාණන් වහන්සේලා ද, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන් සහ විද්‍යාලයේ විදුහල්පති තිරුමහන් පියතුමා ඇතුථ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය

කරන්දෙනිය කැකිරිය අශෝකාරාම ආශ්‍රමයේ අභිනවයෙන් ඉදිකරන ලද නව සංඝාවාස ගොඩනැගිල්ල වවෘත කිරීම ශ්‍රීලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක හිමියන් ඇතුළු මහා සංඝරතනයේ සහභාගිත්වයෙන් සිදු කෙරුණු අතර මෙම අවස්ථාවට ඉඩම අමාත්‍ය ගයන්ත කරණාතිලක මහතා ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

කරන්දෙනිය කැකිරිය අශෝකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කෙහෙල් පණ්ණල සුමනසීල හිමියන්ගේ 50වන උපන්දින සැමරුම නිමිතිකරගෙන මෙම මහත් පින්කම සිදු කෙරුණි,

මෙම අවස්ථාවට එක්වූ ගයන්ත කරුණාතිලක මහතා වෙත මහා සංඝරත්නය විසින් සෙත් පැතූ අයුරු .




මහනුවර නොසන්සුන්තාව හේතුවෙන් විනාශයට පත් දිගන නගරයේ මුස්ලිම් පල්ලිය යථා තත්ත්වයට පත් කිරීමේ ශ්‍රමදානයක් මහා සංඝරත්නයේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙහෙයවීමෙන් ඊයේ සිදුවිය.

නදීක දයා බණ්ඩාර

රුපියල් කෝටි ගණනක් බලාපොරොත්තුවෙන් රුපියල් විස්සක් ගෙවා ලොතරැයියක් මිලදී ගැනීම සමාජයේ සුලබ සිදුවීමකි. එහෙත් ඊට බෙහෙවින් සමාන මේ අප්‍රකට සිදුවීම අපගේ නෙත ගැටුණේ මීගමු කලපු ඉහත්තාවේ මැටිවලබොක්ක නම් ස්ථානයේ දීය.



ජා ඇල දෑලතුර ‍ ප්‍රදේශයෙන් එන ධීවරයන් ඔරු වලින් අල්ලා ගන්නා කුඩා ඉස්සන් පන පිටින් මිලදී ගැනීමට මීගමුවෙන් මුහුදු යන මීගමුව, පිටිපන ප්‍රදේශයේ ධීවරයෝ ‍බෝට්ටු වලින් පැමිණෙති. එසේ පැමිණෙන ඔවුන් බෝට්ටුවේ එල්ලා ඇති දියෙහි බහාලූ දැල් කූඩ වලින් එම ඉස්සන් රැගෙන යනුයේ සමුද්‍ර ධීවර කර්මාන්තයේ දී උන් ඇම පිණිස යොදා ගැනීම සඳහාය.

එම ඇම මඟින් පරා මාළුන් අල්ලා ගත හැකි යැයි ඔවුහු කියති. කුඩා ඉස්සෙකු ඇමට තබා පරා මාළුවෙකු අල්ලා ගැනීම ම නොවුනත් ඊට සමාන ක්‍රියා අප සමාජයේ නිතර දෙවේලේ සිදුවනු දැකිය හැක.

සටහන සහ ඡායාරූප - ප්‍රසංග පෙරේරා - ජා ඇල

 

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.