Coss Ear2
lakbima.lk
COSS Ear 1

අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය දවස්වල ප්‍රශ්න දෙකකට මැදිව සිටියේය. ඒ ප්‍රශ්න අතරින් එකක් වූ විශ්වාසභංගය ජය ගත්තත් පක්ෂයේ පසු පෙළ තවමත් කියන්නේ දැන් ඉත්න ඔය පුටුවෙන් නැගිට තරුණ නායකයෙකුට පුටුව දෙන්න කියාය.
පක්ෂයේ ආරම්භකයා මෙන්ම පක්ෂය රැකගත් නායකයන් සිවුදෙනකු පිටුපස බලා සිටියදී සජිත් අහන, රනිල්ගේ මුහුණ ඇඹුල් කරන ප්‍රශ්නය කුමක්ද? හම්බන්තොටින් එළියට ආවොත් නායකත්වයට මම සුදුසුද කියා විය නොහැකිද?

ජාත්‍යන්තර කීර්තිධර මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ 99 වන ජන්මදිනය අදට යෙදී තිඛෙන අතර, ඒ නිමිත්තෙන් අද (05) උදෑසන තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජන්ම දින සුබපැතුම් පිළිගැන්වීය.

අනතුරුව ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ සුවදුක් විමසමින් සුහද කතා බහක නිරතවූ ජනාධිපතිතුමා ඒ මහතා වෙත නිදුක් නිරෝගි සුවය  ප්‍රාර්ථනා කළේය.

එමෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සහ සුමිත්‍රා පීරිස් මහත්මිය සමග එක්ව කේක් කපා ජන්ම දිනය සැමරීමට ද ජනාධිපතිතුමා එක්විය.

දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා ඉටුකළ මෙහෙවර අගයමින් ඒ මහතාගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු ඇතුළු සෙසු වියදම් සදහා විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ජනාධිපතිතුමා පසුගියදා කැබිනට් අනුමැතිය ලබාගන්නා ලදී.

යුගමෙහෙවරක් ඉටුකළ යුග පුරුෂයෙකුට පමණක් පිරිනැමෙන මෙම විශේෂ මාසික දීමනාවට අදාළ ලිපි ලේඛන සහ ඊට අදාළ පළමු චෙක්පත ද මෙහිදී ජනාධිපතිතුමා අතින් ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා වෙත පිළිගැන්විණි.

අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ආචාර්ය සෝමරත්න දිසානායක, රේනුකා බාලසූරිය යන මහත්ම මහත්මීන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය

කොතලාවල වෛද්‍ය පීඨයට ඒකාබද්ධ කර සයිටම් පවත්වාගෙන යාමට විරෝධය දක්වමින් සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය, සරසවි අනධ්‍යයන සේවක සංගමය හා ලංකා ගුරු සංගමය එක්ව ඊයේ කොළඹ සරසවියේ සිට කොළඹ කොටු දක්වා පා ගමනින් පැමිණ මාර්ගය අවහිර කරමින් විරෝධතාවේ නියැලුණ අයුරු හා එම ස්ථානයේ සිටි විදේශිකයකු සිය ජංගම දුරකථනයෙන් එම අවස්ථාව වීඩියෝ ගත කළ අයුරු.
 
ඡායාරූපය: ලක්මාල් වසන්ත

ජනපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙසේ හමු වූයේ ගිය සතියේ කොළඹදී පැවැති උත්සවයකදීය. ජනපතිවරයා ගෝඨාභය රාජපක්ෂ සමග සිනාසෙන විට අගමැති රනිල් වික්‍රමසිංහ මෙසේ කල්පනා කරන්නේ 2020 ජනපති අපේක්ෂකත්වයට සිය ප්‍රතිවාදියා ලෙස ගෝඨාභය රාජපක්ෂ එතැයි කියන පැතිරී ගිය කතාවද එසේ නැතිනම් ශ්‍රීලනිපයේ දෙවැනි නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත් කළ යුතු යැයි ශ්‍රීලනිප ඇමැතිවරු පිරිසක් කියූ කතාවද? 
 

පාකිස්ථානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මහතා අතර නිල හමුව පෙරේදා (24) පෙරවරුවේ ඉස්ලාම්බාද් නුවර ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.
 
ඡායාරූපය: සුදත් සිල්වා

කොළඹ නගරයේ මාර්ග බාධක දමා වාහන පරීක්ෂා කෙරුණේ යුද්ධය පැවැති කාලයේය. එනමුත් කොටි පරදවා නව වසරක් ගතවන මේ මොහොතේ දැන් යළිත් වරක් කොළඹදී හදිසි ක්ෂණික මාර්ග බාධක දමා වාහන පරීක්ෂාව ආරම්භ කර තිබේ. ඒ කොටි නිසා නොව කුඩු නිසාය. කොළඹ පාතාලය කේන්ද්‍ර කර ගනිමින් කෙරෙන කුඩු ජාවාරම මැඬලීම සඳහා ‍පොලිස් මාර්ග බාධකයේදී වාහන පරීක්ෂා කෙරුණේ මෙසේය.
 
ඡායා: ප්‍රියන්ත ගමගේ

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.