Coss Ear2
lakbima.lk
COSS Ear 1

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුඑවට සහභාගී වීමට ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) ලන්ඩන් නුවර බෞද්ධ විහාරයේ දී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සදහා එක්විය.
 
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක සහ ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක ස්වාමීන් වහන්සේ විසින් මෙහිදී ජනාධිපතිතුමා ඇතුඑ පිරිස වෙත චාරිත්‍රානුකූලව හිසතෙල් ගල්වා ආශිර්වාද පළකළහ.
අනතුරුව විහාරස්ථානයේ පැවති ආගමික වතාවත් සදහා ද ජනාධිපතිතුමා එක්විය.
 
ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද විහාරස්ථානය වෙත පැමිණ සිටි අතර ඔවුන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමා, උදාවූ අලූත් අවුරුද්දට ශූභාශිංසන පළකළේය.
 
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුඑ ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙම අවස්ථාවට එක්විය.
ඡායාරූප : සුදත් සිල්වා

විල්බැරෝ සෙල්ලම අයිති පුංචි උන්ට මිස වැඩිහිටියන්ට නොවේ. ඒත් පසුගියදා කරදඬු උස් වූ මේ හැඩි දැඩි තරුණයෝ කොළඹ නගරය මැද්දේ පුංචි උන් මෙන් විල්බැරෝ සෙල්ලම කළේ විනෝදයට මිස දිනන්නට නොවේ. ඒ බස්නාහිර පළාත් නගර සංවර්ධන අමාත්‍යාංශය සංවිධානය කර තිබූ සිංහල අවුරුදු උත්සවයේදීය. අලුත් අවුරුද්ද පුංචි උන්ගේය. අලුත් අවුරුද්දක වැඩිහිටියන්ද පුංචි උන් බවට පත් කරන්නේ යැයි කියන කතාවට තවත් සාක්ෂි ඕනෑ නැත්තේය. 
 
ඡායා: ලක්රුවන් වන්නිආරච්චි

මීන රැස හැර මේෂ රැස වෙත දිනිති කුමරිය ළඟා වෙන්නයි
බතින් බුලතින් පිරී අටු කොටු සෞභාග්‍යය උදා වෙන්නයි
මිනිස්කම් සැම සිතේ ඇති වී සතුට සම්පත ඉතිර යන්නයි
අලුත් අවුරුදු ලබන නැකතේ රටට ජය සංඛය පිඹෙන්නයි

- සගම අනෝමදස්සි හිමි

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ඊයේ (10) කොටුව දුම්රිය‍පොළ අසල සිට ජනාධිපති ‍ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පා ගමනක් ගියේය. ‍පොලීසිය මාර්ග බාධක යොදා ලෝටස් මාර්ගය අසලින් විරෝධතාකරුවන් නවතා ගැනීමෙන් අනතුරුව සිය නියෝජිතයින් ජනාධිපති ‍ලේකම් කාර්යාලයට ගොස් පැමිණෙනතුරු අනෙක් පිරිස විඩාව නිවාගැනීමට අයිස්ක්‍රීම් වෙළෙන්දා වටා රොක් වූයේ මෙසේය.
 
ඡායාරූපය - ලක්මාල් වසන්ත

ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කෞශල්‍යයන් විදහා දැක්වීමට පහසුකම් සලසන සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය සතු කෘත්‍රිම ධාවන පථ නවීකරණය කර විවෘත කිරීමේ සමාරම්භක උළෙල සඳහා ඊයේ (9) එක්ව සිටි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක යන මහත්වරු විශ්වාසභංග යෝජනාවේදී විවිධ මත දැරුවෝ වෙති. කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතා හා රවි කරුණානායක මහතා මෙසේ එක්වී සිනහසෙන්නේ කාටද, කුමකටද කියා දන්නේ මේ දෙන්නාම පමණි.

ඡායාරූපය: තුෂාර අතපත්තු

හෙළයේ මහා ගොවි පිළිවෙත, ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ජයශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී ඊයේ (8) පෙරවරුවේ පැවැත්විණි.
මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජයශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍යය අටමස්ථානාධිපති ආචාර්ය පල්‍ලේගම සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් 51 වන වරටත් සංවිධානය කර තිබුණි.
 
පානුක රාජපක්ෂ

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.