Coss Ear2
lakbima.lk
COSS Ear 1


කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ නියඟයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලු සොයා බැලීමට  කිසිවෙකුටත් නොකියා එහි සංචාරයක යෙදුන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉරිතලා ගිය බිම් ප්‍රදේශයක් නිරීක්ෂණයක යෙදුණු අයුරු.

හම්බන්තොට මාගම්පුර වරාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඓතිහාසික ගිවිසුමට ශ්‍රී ලංකා පාර්ශ්වය වෙනුවෙන් වරාය  හා නාවික අමාත්‍යාංශයේ ‍ලේකම් එල්.පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති  පරාක්‍රම දිසානායක  යන මහත්වරු හා චීන රජය වෙනුවෙන් චයිනා මර්චන්ට් සමූහයේ විධායක උප සභාපති ආචාර්ය ඩ්භ - ණඪචදඩභච  විසින්  වරාය නාවික කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කිරීමෙන් අනතුරුව එම සුවිශේෂ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික  කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ, උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර , විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන් සහ චීන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කඪ.ඔඪචදතඪචදඨ, චයිනා මර්චන්ට් සමාගමේ විධායක උපසභාපති ච්ප. ඩ්භ බ්ඪචදඩභච, චීන රජයේ කොන්සල් ජනරාල් කචදඨ ඛභධ කභචද යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් සහභාගි විය. 
දෙපාර්ශ්වය අතර අත්සන් තැබූ ගිවිසුම් පත්‍ර හුවමාරු කරගන්නා අවස්ථාව මෙහි දැක්වේ.
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ‍ගෝවා නැව් තටකාංගනයේ නිෂ්පාදනය කරනලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (ජූලි 28) උදෑසන 09.30 පමණ කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

නවීන යුද නෞකාවක් වන මෙය ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට අලුතින්ම මිලදී ගත් ප්‍රථමඅධි තාක්ෂණික නෞකාව ලෙස සනිටුහන් වනු ඇත. එහි පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 66.55 කි.නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් (මාලිමා) නිශාන්ත අමරෝසා මහතා කටයුතු කරනු ලබන අතර, නිලධාරීන් 18 දෙනෙකුගෙන් සහ නාවිකයන් 100 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ.

මෙම නෞකාව අගෝස්තු මස 02 වන දින කොළඹ වරාය පරිශ්‍රයේදී, සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ වශයෙන් අධිකාරියට පත් කිරීමට ද නියමිතව ඇත.

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ජනාධිපතිනීතිඥවරුන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් ඊයේ (26) පස්වරුවේ ජනාධිපතිමන්දිරයේදී පැවැත්විණි.

නීතික්ෂේත්‍රයේ දැනුම සහ අත්දැකීම් වලින් රටට වඩා ඉහළ සේවාවක් ලබාගැනීම අවශ්‍යබව එහිදී සදහන් කළ ජනාධිපතිවරයා සිය වෘත්තීමය කටයුතු ස්වාධීනව සිදුකරගෙනයාම වෙනුවෙන් තම ආශිර්වාදය පළකරන බව ද සදහන් කළේය.

ජනාධිපති නීතිඥවරුන් ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා සහ ජනාධිපති නීතිඥවරුන් අතර මෙම සුහද හමුව සිදුවිය.

මෙම අවස්ථාවට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද එක්විය.

ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “ජනමාධ්‍ය විශිෂ්ටතා 2016 සම්මාන උළෙල 18 වැනි වරටත් පෙරේදා  (25) ගල්කිස්ස මහ හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙරට මුද්‍රිත මාධ්‍යයෙහි වෘත්තීයභාවයට පිළිගැනීමක් ලබාදීම සඳහා වාර්ෂික අංශ 14ක් ඔස්සේ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.
එහිදී වසරේ හොඳම පුවත්පත් කලාවේදියාට පිදෙන මර්වින්ද සිල්වා සම්මානය රාවය පුවත්පතේ කේ. සංජීව හිමිකරගත්තේය. 
වසරේ හොඳම තරුණ වාර්තාකරු ලෙස ඩෙන්සිල් පීරිස් සම්මානය රාවය පුවත්පතේ තරිඳු උඩුවන්ගෙදර විසින් දිනා ගන්නා ලදී. හොඳම තරුණ වාර්තාකරු වෙනුවෙන් ඩෙන්සිල් පීරිස් සම්මානය දිනාගත් තරිඳු උඩුවන්ගෙදරට විදෙස් ශිෂ්‍යත්වයක්ද පිරි නැමිණි.
මෙහිදී ලක්බිම පුවත්පතටද විශිෂ්ටතා සම්මාන 3ක් හිමි විය. සමාජ ප්‍රශ්න පිළිබඳ හොඳම වාර්තාකරණය සුබ්‍රමනියම් චෙට්ටියාර් සම්මානය සිංහල මාධ්‍යයෙන් ඉරිදා  ලක්බිම පුවත්පතේ ධර්මා මොහොට්ටාල මහත්මිය දිනාගත් අතර වසරේ හොඳම විශේෂාංග ‍ලේඛකයා ලෙස උපාලි විජේවර්ධන සම්මානය සිංහල අංශයෙන් ලක්බිම පුවත්පතේ පීටර් කැනියුට් පෙරේරා දිනා ගත්තේය. හොඳම පාරිසරික වාර්තාකරණයට හිමි සම්මානය ලක්බිම පුවත්පතේ අරුණ ලක්ෂ්මන් විසින් දිනාගත්තේය.
වසරේ හොඳම ගවේෂණාත්මක ජනමාධ්‍යවේදියා ලෙස සිළුමිණ පුවත්පතේ තාරක වික්‍රමසේකර විසින් දිනාගැනීමට සමත් විය. දෙමළ අංශයෙන් හොඳම විශේෂාංග ‍ලේඛකයාට හිමි සම්මානය වීරකේසරී පුවත්පතේ දොරේසාමි නඩරාජා හිමිකර ගත්තේය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ස්‍රතී ඩැනියල් සහ ඉසුරි කවිරත්න විසින් දිනාගැනීමට සමත් විය.
වසරේ හොඳම තීරු ලිපි රචකයාට හිමි බි.ඒ. සිරිවර්ධන සම්මානය සිංහල මාධ්‍යයෙන් රාවය පුවත්පතේ එස්.ජී. පුංචිහේවා දිනාගත් අතර දෙමළ මාධ්‍යයෙන් වීරකේසරී පුවත්පතේ රාම් කුමාර් හිමිකර ගත්තේය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ඩොන් මනු විසින් දිනාගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම සඳහා කැපවීම වෙනුවෙන් පිරිනැමෙන සේපාල ගුණසේන සම්මානය දී අයිලන්ඩ් පුවත්පතේ කර්තෘ ප්‍රභාත් සහ බන්දු විසින් දිනා ගන්නා ලදී.
සිය සගයන්ගේ ඇගයීමට ලක්වන පුවත්පත් කලාවේදියාට හිමි ඩී.ආර්. විජයවර්ධන සම්මානය සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නාමනී විජයදාස විසින් දිනා ගැනීමට සමත් විය.
ව්‍යාපාර හා මුදල් පිළිබඳ හොඳම වාර්තාකරණය දෙමළ මාධ්‍යයෙන් වීරකේසරී පුවත්පතේ රොබට් ඇන්ටනී, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඩේලි මිරර් පුවත්පතේ චන්දීප වෙත්තසිංහ කුසලතා සම්මානය දිනාගැනීමට සමත් වූහ.
මීට අමතරව මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 45කට අධික කාලයක් සේවයේ නිරත වූ ඩබ්ලිව්.ජී. ගුණරත්න, ලක්ෂ්මන් ජයවර්ධන, ගැස්ටන් ද රොසයිරෝ, පන්හීර් සෙල්වම් හා එස්.ඒ.සී.එස්. කුවල්ඩීන් මහත්වරු ජීවිතයට එක් වරක් පමණක් පිදෙන දීර්ඝ සේවා7 රන් සම්මානයෙන් පිදුම් ලැබූහ.
පැතුම් වික්‍රමරත්න

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය ‍හේතුවෙන් අඩාල වී ඇති තෙල් බෙදාහැරීමට සහාය දක්වන ලෙස ශ්‍රී ලංකා පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඊයේ (25) රාත්‍රී සිට යුද හමුදාවේ භටපිරිස් ඒ සඳහා යෙදවීමට කටයුතු කර තිබුණි.

ඛනිජ තෙල් බෙදාහැරීමේ සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට රජය ඊයේ (25) රාත්‍රී ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණය සහ කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙහි තෙල් බෙදාහැරීමේ කාර්යයයේ නියුතු ඒ වන විටත් සේවයේ යෙදී සිටි කාර්ය මණ්ඩලයට අවැසි සහය ලබාදීමට සහ අදාල සංකීර්ණයන්හි ආරක්ෂාව තහවුරු කිරීමට යුද හමුදා භටපිරිස් යොදවා තිබුණි.

අද (26) පස්වරු 01.00 වන විට කොලොන්නාව තෙල් පිරිපහදු මධ්‍යස්ථානයෙන් ඉන්ධන රැගත් බවුසර් 15 ක් යුද හමුදා ආරක්ෂාවත් සමඟ බෙදාහැරීමේ කටයුතු සඳහා පිටත්ව ගිය අතර පස්වරු 03.00 ට ගුවන් යානා ටර්බයින් ඉන්ධන රැගත් ඉන්ධන ප්‍රවාහන දුම්රියක් කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙන් පිටත්විය.










 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.