Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී.බු.ව.2562 වෛශාඛ මංගලය වෙනුවෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධාලෝක වෙසක් උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ සම්මේලන මුලස්ථානයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.

මෙම සාමාරම්භක උත්සව සඳහා සම්භාවනීය බෞද්ධ ප්‍රභූන් රැසක් එක්ව සිටි අතර සම්මේලන ගරු සභාපති ජගත් සුමතිපාල මහතා ඇතුළු බෞද්ධ සම්මේලන ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝද මීට එක්ව සිටියහ.

මෙවර බෞද්ධාලෝක වෙසක් උත්සවයේ තේමාව වනුයේ බුදු දහමින් ඉගැන්වෙන අහිංසාව යන්නය.

මෙම බෞද්ධා ලෝක වෙසක් උළෙල මැයි 4 වෙනිදා දක්වා පැවැත්වෙයි.





ඡායාරූප - තුෂාර අතපත්තු

සම්බුදු තෙමඟුල නිමිත්තෙන් කොළඹ නගර සභාව සංවිධානය කළ සාමණේර හිමිවරුන් 150 නමකගේ පිණ්ඩපාත චාරිකාවක් ඊයේ (25)දා කොළඹ නගරයේ ස්ථාන තුනකින් ආරම්භ වීය. කොළඹ නගර සභා භූමියට වැඩම කළ සාමණේර හිමිවරුන්ට නගර සභා භූමියේදී දානය පූජා කළ අයුරු මෙහි දැක්වේ.
 
ඡායාරූප - ලක්මාල් වසන්ත

ත්‍රිරෝද රථ සඳහා නියමිත ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීමකින් තොරව ත්‍රිරෝද රථ සඳහා මීටරය අනිවාර්ය කිරීම ත්‍රිරෝද රථ රියැදුරන්ට මගී ජනතාව ගසා කෑමට රජය විසින් ලබා දෙන මහඟු ඉඩ ප්‍රස්ථාවකැයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය අවධාරණය කරයි.

ඔවුන් මෙසේ ප්‍රකාශ කරනුයේ ත්‍රිරෝද රථ මීටරය අනිවාර්ය කිරීම තුළ ත්‍රිරෝද රථ මීටර් ආනයනය කරන තම හිතෛයිශීන්ට රුපියල් කෝටි ගණනක කොමිස් මුදලක් ලබා දීමේ අභිලාෂය විනා ජනතාවට යහපතක් කිරීමේ කිසිදු උවමනාවක් රජය සතුව නොමැති බවකි.

මෙසේ හිතු හිතු ගාස්තු වලට සැකසූ මීටර් සවි කරගෙන ත්‍රිරෝද රථ ධාවන කිරීම නිසා මහජනතාවට ත්‍රිරෝද රථය පිළිකුල් සහගත වන නිසා එමඟින් ඉතා නුදුරේදීම සමස්ත ත්‍රිරෝද රථ කර්මාන්තයේම කඩා වැටීමේ පහසු හැකියාවක් ඇති බව එම සංගම පෙන්වා දෙති.

එමෙන්ම නගරබද තත්වය කෙසේ වුවත් ඇතැම් දුෂ්කර ගිරිදුර්ග සහිත මාර්ග වලද ත්‍රිරෝද රථ ධාවන කරන අතර අප රටේ සෑම මාර්ගයකටම කිලෝමීටරයක් සඳහා එකම ගාස්තුවක් නියම කිරීම අතිශය අසාධාරණ බව පෙන්වා දෙන එම සංගමය මෙබඳු අදූරදර්ශී ක්‍රියා මාර්ග වලින් වත්මන් යහපාලන ආණ්ඩුව පිළිබද ජනප්‍රසාදය ශීඝ්‍රයෙන් ක්ෂයවීම යාම කිසිවෙකුටත් වැලැක්විය නොහැකි බව ද සංගම පෙන්වා දෙයි.

මේ ත්‍රිරෝද රථ සඳහා මීටරය අනිවාර්ය කිරීමට එරෙහිව එම සංගමය විසින් අද(25) පස්වරුවේ රත්මලාන බෙලෙක්කඩේ හන්දියේ දුම්රිය පොළ පාර අද්දර බුද්ධ ප්‍රතිමාව ඉදිරියේ පැවැත්වූ උද්ඝෝෂණයයි.

ඡායාරූප - දිලංකා ගෝමස්

මැලේසියාවේ පැවැත්වෙන 16වන ආසියානු ආරක්‍ෂක සේවා ප්‍රදර්ශණය සහ සමුළුව - 2018සඳහා සහභාගි වී සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක,ක්වාලා ලාම්පුර් නුවර පිහිටි මැලේසියානු ජාත්‍යන්තර වෙළඳ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ (Malaysia's International Trade and Exhibition Centre)පැවති සමුළුවේ අවසන් සැසියේ දී මැලේසියානු යුද්ධ හමුදා ප්‍රධානිජෙනරාල් ඩාටෝ ශ්‍රී සුල්කිපල් බින්හජ්කසීම් (General Dato’ Sri Zulkiple bin HjKassim) හමුවිය.

යුද්ධ හමුදාවේ වාර්ෂිකව පැවැත්වෙනප්‍රධාන අංගයක් වන ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2018’ සඳහා සහභාගි වන ලෙස ද එහිදි යුද්ධ හමුදාධිපතිතුමා මැලේසියානු හමුදා ප්‍රධානි වෙත ආරාධනා කරනු ලැබීය. තවද මැලේසියානු යුද්ධ හමුදා ප්‍රධානි විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ත්‍රස්තවාදය තුරන්කිරීමට දැක් වූ කාර්යභාරය මහත්සේ පැසසුමට ලක් කළ අතර,එමඟින්මැලේසියානු යුද්ධ හමුදාවට ද එම අත්දැකීම් ප්‍රයෝජනවත් වන බව පැවසූහ.

තවද මෙහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධානි මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික පුහුණු වැඩසටහන් පැවැත්වීමේ වැදගත්කම ද පෙන්වා දුන්හ.තවද එහිදි ලුතිනන් ජෙනරාල් සේනානායක විසින් ජාත්‍යන්තර අවධානය දිනාගෙන තිබෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘දියකාවා’ වැනි යුද අභ්‍යාසය සඳහා ඉදිරියේ දී භට පිරිස් සහභාගි කරවන ලෙස ද මැලේසියානු හමුදා ප්‍රධානි වෙත ඉල්ලීමක් කළහ. එමෙන්ම දෙරටේ යුද්ධ හමුදාවන්ට අනාගතයේ දී වැදගත්වන අනෙකුත් පුහුණු වැඩසටහන් පිළිබඳව ද එම සුහඳ හමුවේ දී සාකච්ඡාවට බඳුන්විය.

මෙම හමුව අවසානයේ දෙපිරිස අතර හොඳ හිත සහ සුහඳත්වය වර්ධනය කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

පසුගියදා නැගෙනහිර පළාතේ හෙන්නානිගල පැවැති පාරම්පරික ආදි වාසින්ගේ අවුරුදු උත්සවයකට සහභාගි වූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට ආදි වාසියෙකු පාරම්පරික දුනු හරඹ ගැන විස්තර කළ අයුරු. මෙම අවස්ථාවට ආදි වාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝද සහභාගි වූහ. 
 
ඡායාරූපය- යුද හමදා මධ්‍යස්ථානය 

ලන්ඩන් නුවර සිටින ඵල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිස් පසුගියදා එහි ‍පොදුරාජ්‍ය මණ්ඩලීය ශාලාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ. ඒ ‍පොදුරාජ්‍ය මණ්ඩලීය විසිපස් වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා එහි ගිය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට විරෝධය පළකරමිනි. ඔවුන්ගේ ප්‍රමුඛතම සටන් පාඨ වූයේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුය, උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් ආපසු දිය යුතුය යන්නයි. එරට සිටින දෙමළ කොටස් මෙසේ වීදි බසින්නේ සැබවින්ම මෙරට වෙසෙන සිය සහෝදර ජනතාවගේ ප්‍රශ්න නිසාද නැත්නම් තමන්ට තවදුරටත් එංගලන්තයේ සිටින්නට නම් ලංකාවේ ප්‍රශ්න ඇති බව එරට බලධාරීන්ට මෙසේ ඒත්තු ගැන්වුවහොත් පමණක් නිසාමද?

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.