Coss Ear2
lakbima.lk
COSS Ear 1

වසරේ හොඳම ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියා රුක්මාල් ගමගේ  සංස්කෘතික  හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කළ රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙල නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී පැවැත්විණි. එහිදී වසරේ හොඳම ක්‍රීඩා හා ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වූ ‍ලේක්හවුස් ආයතනයේ ඡායාරූප ශිල්පීි රුක්මාල් ගමගේ මහාචාර්ය සමන්ත හේරත් අතින් සම්මානය ගත් අයුරු. සංස්කෘතික කටයුතු ඇමැති එස්.බි. නාවින්න මහතාද ඡායාරූපවේ.

නව නාවික හමුදාපතිවරයා ලෙස වැඩ බාරගත් වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයිය මහතා ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. මෙහිදී ජනාධිපතිවරයා නව නාවික හමුදාපතිවරයා සමග සුහද කතාබහක නිරත වූ අතර සම්ප්‍රදායානුකූලව සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. 
 
ඡායාරූපය - සුදත් සිල්වා

ශිඝ්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගයට පිළියමක් වශයෙන්  ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය ‘සුව දිවියට පැන් දෝතක්’ වැඩසටහන යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල තිරියාය හංදියේ ගෝමරන්කඩවල විහාරස්ථානය හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹැව වහමල්ගොල්ලෑවේ ශ්‍රී බෝධි රුක්ඛාරාම විහාරස්ථානය මුල්කර ගනිමින් රුපියල් ලක්ෂ 50ක පමණ වියදමින් ඉදිකළ ජල පවිත්‍රාගාර දෙකක් ජනතා අයිතියට පත් කිරීම අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ හා චීන මහජන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ ප්‍රධානී ලියූ ඩොන් මහාතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (19) සිදු කොරිණි. සේයාරුවෙන් දැක්වෙන්නේ අමාත්‍යවරයා සුභ මොහොතින් ජල පවිත්‍රාගාර ජනතා අයිතියට පැවරූ අයුරුයි.

චීනයේ ජින්ස විහාරස්ථානයේ ජේ කියුන් ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති සුමති ධර්මවර්ධන, උප සභාපතිවරුන් වන අජිත් ධර්මවර්ධන, සුසන්ත බාලපටබැඳි, ප්‍රධාන ‍ලේකම් කර්නල් සුගත් මඩුගල්ලේ, නියෝජ්‍ය භාණ්ඩාගාරික මේජර් චන්ද්‍රසිරි විජේරත්න, කාරක සභිකයින් වන නාලක සේනානායක, මේජර් හිරාන් විමලරත්න, දයානන්ද කුකු‍ලේවිතාන, ශිරාන් නන්දසේන යන මහත්ම මහත්මීහු මීට සහභාගි වූහ.






සටහන හා ජායාරූප - තුෂාර අතපත්තු

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඊයේ 20 දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3014කදී පැවැතුණි. ඒ සඳහා අයැදුම්කරුවන් 356728 පෙනී සිටි අතර විභාගය නිමවී කොළඹ අශෝක විද්‍යාලයේ විභාග ශාලාවෙන් පිටතට පැමිණි සිසුන් පිරිසක් සිය දෙමාපියන් සමග විභාගය නිම කළ සතුට සැමරූ අයුරු.
 
ඡායාරූපය - ෆ්‍රෑන්ක් ද සොයිසා

බිත්තියේ එල්ලා ඇති සේයාරුවේ ඉන්නේ තරුණ මෛත්‍රී වික්‍රමසිංහ හා රනිල් වික්‍රමසිංහ යුවළය. මේ ඡායාරූපයේ වාඩිවී සිටින්නේ මැදිවිය පසු කරමින් සිටින මෛත්‍රී වික්‍රමසිංහය. ඇය ඉදිරිපිට වාඩිවී සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන ආපසු හැරී බිත්තියේ සිටින වික්‍රමසිංහ යුවළගේ සේයාරුව බලමින් කල්පනා කරන්නේ කාලය මැව් වෙනසක අරුමයද?

ප‍්‍රංශයේ ලබුර්ෂේ නගරයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී බුදු දහම පිළිබඳ අවාබෝධයෙන් යුත් ප‍්‍රංශ ජාතික මහතෙකු පසුගියදා පැවිදි බිමට පත්වූයේ පූජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ආචාර්යත්වයෙනි. ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දායකත්වය දරණ විවිධ ජාතික පින්වතුන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම පැවිදි කිරීමේ පිංකමට ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යසථානයේ වැඩවසන පූජ්‍ය බොරැල්ලේ කෝවිද, පූජ්‍ය අළුත්ගම සුමේධ, පූජ්‍ය මාපලගම ජීනානන්ද සහ පූජ්‍ය කැන්දවින්නේ රාහූල යන හිමිවරුද සහභාගී වූහ.

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 927

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1707

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3498

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2829

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 4051

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 5025

Please publish modules in offcanvas position.