Coss Ear2
lakbima.lk
COSS Ear 1

සයිටම් ජන පවුර විසින් සංවිධානය කරන ලද ගිනි ගත් රාත්‍රිය උද්ඝෝෂණ මාලාව ඊයේ රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ ගනනාවක පැවැත් විණි. මේ එහි අවස්ථා කිහිපයක්.




ලක් ඉතිහාසයේ පළමු අධිකරණ ඇමතිවරිය වශයෙන් පසුගියදා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන් විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය අද (31) අධිකරණ අමාත්‍යංශයේදී සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව සිය ධූරයේ වැඩ භාරගන්නා ලදී.

මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර, අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරථි දුෂ්මන්ත මිත‍්‍රපාල, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ යන මහත්ම මහත්මීන් හා අධිකරණ අමාත්‍යංශයේ කාර්ය මණ්ඩයේ විශාල පිරිසක් එක්ව සිටියහ.


හිටපු අමාත්‍යවරයෙකු වු එ.එම්.එම් අස්වර්  මහතාගේ  දේහයට ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන  මහතා  අද  (30) පෙරවරුවේ අවසන් ගෞරව දැක්වීය.
කොළඹ  පිහිටි  අස්වර්  මහතාගේ  නිවසට ගිය ජනාධිපතිතුමා දේහයට  අවසන් ගෞරව දක්වා, අස්වර් මහතාගේ පවුලේ ඥාතීන් වෙත තම ශෝකය ප්‍රකාශ කළ අතර, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ද ජනාධිපතිතුමා සමග මේ අවස්ථාවට එක් විය.

ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන පක්ෂ සම්මේලනය ලබන සැප්තැම්බර් මස 03දා කොළඹ කැම්බල්පිටියේදී පැවැත්වීමට මේ වන විට ලහි ලහියේ කටයුතු සූදානම් කරන අයුරු.

ඡායාරූපය - තුෂාර අතපත්තු

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම පසුගිය දින ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය. කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ගොඩනැගිල්ල තුළ මෙම කාර්යාලය ආරම්භ කළ අතර තොරතුරු ‍පොතේ ප්‍රථම සටහන අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක රාජකීය පණ්ඩිත තිරිකුණාම‍ලේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ තැබිය.
රත්නපුරේ නන්ද ස්වාමීන් වහන්සේ, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන උප සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා ඇතුළු පැවිදි, ගිහි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය සිදු විය.

ජාතියේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේදී සිදු විය.

පණ්ඩිත් අමරදේවයන් ජීවත්ව සිටි කාලයේදී රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් මෙන්ම එතුමාගේ අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාදුන් පොරොන්දුවක් ඉටු කරමින් සමස්ත රටවාසීන්ගේම ගෞරවය හා ආදරය දිනාගත් අමරදේවයන් විසින් කළ සේවාව අනාගත පරපුර වෙත දායාද කිරීමේ අරමුණින් මෙම සංගීත අසපුව ඉදිකෙරේ.

ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා විසින් විශාරද නන්දා මාලනී මහත්මිය වෙත ද ඇරයුම් කිරීම සුවිශේෂි සිදුවීමක් විය.අමරදේව සංගීත අසපුව ඉදිකිරිමට අදාළ සිහිවටන ඵලකය ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ආසියාවේ නොඛෙල් ත්‍යාගය ලෙසින් සැලකෙන රමෝන් මැග්සසේ සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර එම සුවිශේෂී සම්මානය විමලා අමරදේවයන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබීය.ජනාධිපතිවරයා විසින් එම සම්මානය සහ සහතික පත් අදාළ සංරක්ෂණ කටයුතු සදහා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ඉදිරියේදී කෞතුකාගාර අධ්‍යක්ෂ සනූජා කස්තුරිආරච්චි මහත්මිය වෙත භාරදෙනු ලැබීය.

අමාත්‍යවරුන් වනමංගල සමරවීර, එස්.බී. නාවින්න, නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, ගාමිණි ජයවික්‍රම පෙරේරා, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලිගයන්න, කරුණාරත්න පරණවිතාන, රන්ජන් රාමනායක, යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුළු නිලධාරින් ද, කලාකරුවන්, විද්වතුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් සහ විමලා අමරදේව මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය)

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1232

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1068

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 1679

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3194

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4039

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4172

Please publish modules in offcanvas position.