Coss Ear2
lakbima.lk
COSS Ear 1


කොළඹ නගරයේ සුදු ඉර තිබියදී වෙනත් තැනකින් පාර මාරුවෙන පදිකයෙකුට ‍පොලීසිය විසින්ම පවත්වන මාර්ග නීති පිළිබඳ ටියුෂන් පන්තියකට සහභාගි වන්නට සිදුවන්නේය. පදික වේදිකාවේ බයිසිකලයක් පැදගියහොත් නවතින්නට වෙන්නේ උසාවියේය. ඒත් ‍පොලීසියට ඒ නීතිය බලනොපාන හැඩය. නිතර ජනතාව ගැවසෙන කොටුව ලෝටස් පාරේ පදික වේදිකාව දිගේ මෙම රථ වාහන අංශයේ ‍පොලිස් නිලධාරියා වගේ වගක් නොමැතිව බයිසිකලය පැද යන්නේ නීතිය නවන ආකාරය තම ප්‍රධානියා කියාදී ඇති නිසා විය යුතුය.  

ඡායාරූපය - ප්‍රියන්ත ගමගේ

එක්සත් ජාතික පක්ෂයේ 71 වන  සංවත්සරය එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) දින පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. එහිදී ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පිළිරුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්මාලයක් පළඳා පුෂ්‍පෝපහාර දැක්වූ අයුරු. 
පක්ෂයේ මහ‍ලේකම් අමාත්‍ය කබිර් හෂීම් මහතා ද පසෙකින් සිටී.

ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුළුණෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (5) පෙරවරුවේ එක් විය.
අදාළ ඉන්ජිනේරුවන් සමග සුහද කතාබහක නිරතවෙමින් පවතින අඩුපාඩු පිළිබඳ විමසා බැලූ ජනාධිපතිවරයා ව්‍යාපෘතියේ කටයුතු කාර්යක්ෂම කිරීමටද උපදෙස් ලබාදුන්නේය.


 


මේ ඡායාරූපයේ සිටින්නේ අපූර්ව එස්.පී. යුවළකි. අප එම යුවළ හැඳින්වීමට “අපූර්ව” යනුවෙන් භාවිතා කළේ මින් පෙර එවැනි යුවළක් ‍පොලිස් දෙපාර්තමේන්තුවේ නොසිටි බැවිනි. මේ දෙන්නාගෙන් දකුණේ සිටින්නේ ‍පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකරය. වමේ ඉන්නේ ‍පොලිස් අධිකාරි මධාරා ආරියසේනය. ඔවුන් දෙන්නාගේ ඇති අපූර්වත්වය වන්නේ ‍පොලිස් ඉතිහාසයේ එස්.පී. තනතුරට පත් මුල්ම එස්.පී. අඹුසැමි යුවළ වන නිසාය. රාජකාරියේදී එස්.පී. නෝනාත් එස්.පී.මහත්තයාත් එකට හමුවුණේ බම්බලපිටිය ‍පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේ පැවැති පුහුණුවකදීය.

ඡායාරූපය - මලිත් ගමගේ

දේශීය ඖෂධ නිෂ්පාදන ක්‍ෂේත්‍රය තුළ නවමු සංධිස්ථානයක් සනිටුහන් කරමින් නවෙස්ටා ෆාමසි යුටිකල්ස් ප්‍රතිජීවක එන්නත් නිෂ්පාදන කර්මාන්තශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණදී විවෘත කෙරිණි. නවෙස්ටා ෆාමසියුටිකල්ස් සමාගම විසින් රුපියල් බිලියන 1.4ක ආයෝජනයක් සිදුකරමින් මෙම කර්මාන්ත ශාලාව ඉදිකර තිබේ.
මෙම නවතම ඖෂධ නිෂ්පාදනාගාරය, වාර්ෂිකව ආසන්න වශයෙන් ඖෂධ කුප්පි මිලියන 50ක් රජයේ සෞඛ්‍ය අංශයට ලබාදීමට නියමිත අතර එමගින් විදේශයට ඇදීයන අතිවිශාල මුදලක් රට තුළ ඉතිරිකර ගැනීමට හැකියාව ලැබේ.
එමෙන්ම ෙජෙව රසායන, ඖෂධ විද්‍යාව, අණුක ජීව විද්‍යාව ආදී ඖෂධ නිෂ්පාදනයට අදාළ ක්‍ෂේත්‍රවල විශේෂඥ දැනුම සහිත ලාංකිකයන්ට රැකියා අවස්ථා උත්පාදනය කිරීමටද මෙමගින් සිදුකෙරේ.
අභිනව කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන ලද ප්‍රථම ඖෂධ නිෂ්පාදන කට්ටලය නවෙස්ටා ෆාමසියුටිකල්ස් පෞද්ගලික සමාගමේ සභාපති සංජය ජයරත්න මහතා මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු ආරාධිතයෝ පිරිසක්ද, නවෙස්ටා ෆාමසියුටිකල්ස් පෞද්ගලික සමාගමේ සභාපති සංජය ජයරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1230

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1067

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 1678

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3193

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4039

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4169

Please publish modules in offcanvas position.