Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය විසින් 17 වන වරට සංවිධානය කරන ලද Construct - 2017 ප්‍රදර්ශනය වෙනුවෙන් Wates Edge හි පවත්වන ලද "Construct - 2017" Exhibition" සඳහා සහභාගි වූවන් ඇගයීමේ සම්මාන උළෙ‍ලේදී හොඳම විශේෂ පුවත්පත් අතිරේකය සහ මාධ්‍ය ආවරණය වෙනුවෙන් ප්‍රදානය කරන ලද සම්මානය මෙවරද ලක්බිම දැන්වීම් අංශයට හිමිවිය. 2012 සිට අඛණ්ඩව වසර පහක් හිමිකරගත් මෙම සම්මානය මෙවරද දැන්වීම් කළමනාකරු නිශ්ශංක කුරුකුලසූරිය මහතා ලබාගත් අයුරු.

ගලේවෙල අධ්‍යාපන කොට්ඨාශයට අයත් පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වූ බී.ඩී. දුලාංජලී  මදුමාලී ප්‍රේමරත්න  ශිෂ්‍යාව ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුූවූවාය.

හිසට නිසි සෙවණක් මෙන්ම පිය රැකවරණය ද අහිමිව ආර්ථීක අපහසුතා රැසක් මධ්‍යයේ දිවි ගෙවූ දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව ලකුණු 168ක් ලබා ගනිමින් මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් ලෙස සමත්වූ අතර, සිසුවියගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු නිමවන තුරු මසකට රුපියල් තුන්දහස බැගින් මුදලක් ලබාදීමට ද පොරොන්දු විය.

එමෙන්ම දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙන බවට මෙම අවස්ථාවට එක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොරොන්දු විය.

දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාවට වර්ෂයකට සරිලන පාසල්  පොත් සහ ත්‍යාග රැසක් ද ජනාධිපතිවරයා අතින් පිරිනැමිණි.

පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලය ආරම්භ කර මේ වන විට  වසර 45 ක් වන අතර, එහි වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාවන් 96 කි. එදා මෙදා තුර කාලයේ මෙම පාසලෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් එකම ශිෂ්‍යාව  බී.ඩී. දුලාංජලී මදුමාලී ප්‍රේමරත්නයි. 

විදුහල්පති සෝමසිරි අත්තනායක, ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයෝමි හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ද, දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න සිසුවියගේ මව ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


 

ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ‍පොළොන්නරුව බුද්ධි  මණ්ඩපයේදී පැවැත්විණි. එහිදී ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය නිමිත්තෙන් නිකුත් කරන ලද නව මුද්දරය සහ මුල් දින කවරය  තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් මහතා විසින් ජනපතිවරයා වෙත පිළිගන්වනු ලැබූ අයුරු.

ඡායාරූපය : ප්‍රියන්ත බණ්ඩාර - ‍පොළොන්නරුව

කොළඹ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේ පසුගිය 6 වනදා රාත්‍රී පැවැති 5 වන දෙරණ සිනමා සම්මාන උළ‍ලේදී සුමති චිත්‍රපට වෙනුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අධ්‍යක්ෂණය කළ පත්තිනි චිත්‍රපටයට 2016 වසරේ වැඩිම ආදායම ලැබූ චිත්‍රපයට හිමි සම්මානය ලැබිණ. එම චිත්‍රපටයේ නිෂ්පාදක, සුමති සමූහ ව්‍යාපාරයේ සභාපති ජගත් සුමතිපාල මහතා එම සම්මානය ලබාගත්තේය. හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වෙනුක වික්‍රමආරච්චි මහතාද, හොඳම ගායනයට හිමි සම්මානය නිරෝෂා විරාජිනි මහත්මියද, හොඳම සහය නිළියට හිමි සම්මානය අරුණි රාජපක්ෂටද පත්තිනි චිත්‍රපටය වෙනුවෙන් දිනාගැනීමට සමත් විය.
 
ඡායාරූපය - නිමල්සිරි එදිරිසිංහ


පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වසර හැත්තෑව සපිරුණේය. ඒ වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබුණි. මේ උත්සවය සඳහා සාක් කලාපීය රටවල කථානායකවරුන්ටද ආරාධනා කර තිබුණි. නේපාලයේ පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායිකාව වන ඔනසාරි ගාර්ට් ද එසේ පැමිණි විශේෂ ආරාධිතයන් අතර වූවාය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී ගාර්ට් මහත්මිය කථානායක කරු ජයසූරිය සමග සුහද කතාබහක නියැළී සිටින අතර එම සුවිශේෂී අවස්ථාව නේපාල කොමියුනිස්ට් පක්ෂයේ ‍ලේකම්වරයා මෙන්ම ඇගේ සැමියාද වන බර්සා මැන්පූන් සිය කැමරාවේ සටහන් කරගත්තේ මෙසේය.

උතුම් වප් පුර පසළොස්වක ‍පොහෝ දා (5) ‍පොළොන්නරුව ශ්‍රී උප්පලවන්නාරාම සිල් මාතා ආරාමයේදී නව යොවුන් දියණිවරුන් දෙදෙනකු සියලු කම් සැප අතහැර සසුන්ගතව දස සිල් මාතාවෝ වූහ. මෙසේ දස සිල් මාතාවන් බවට පත්වූයේ හිඟුරක්ගොඩ දිවුලන්කඩවල විජේකෝන් මුදියන්සේලාගේ නවෝද්‍යා සෙව්මිණි (14) දියණිය මෙතැන් සිට දිවුලන්කඩවල ආසංසා සමාධි දසසිල් මාතාව ලෙසත් කන්ත‍ලේ සේරුවිල ජයසූරිය  අලංකාරලාගේ සයුරි සාරංගා (12) සේරුවාවිල නිසේවි සර්ධා දසසිල් මාතාව ලෙසත්ය.

ප්‍රියන්ත බණ්ඩාර - ‍පොළොන්නරුව

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.