Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉන්ධන හිඟයට විරෝධය පළකරමින් ගොන් කරත්තයකින් අද (7දා) පෙරවරුවේ වයඹ පළාත් සභාව වෙත පැමිණි එහි ඒකාබද්ධ පිල නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිස, සභා  රැස්වීමේදී රජයට එරෙහිව සභාව තුළ සටන් පුවරු හා බැනර් ප්‍රදර්ශනය කොට, ඉන්ධන හිඟයට විරෝධය පා සභාවෙන් පිටවී ගියහ. ඒකාබද්ධ පිලට අයත් මන්ත්‍රීවරුන් රජයට එරෙහිව හඬනගමින් සභාවෙන් පිටව යන අවස්ථාවෙහි ආණ්ඩු පක්ෂ වෙනුවෙන් සභාව තුළ රැඳී සිටියේ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ප්‍රමුඛ ඇමැතිවරුන් දෙදෙනකු පමණි.
ඊයේ සභාව රැස්වූයේ සභාපති ටිකිරි අධිකාරි මහතාගේ ප්‍රධානත්වයෙනි. න්‍යාය පත්‍රයට අදාළව සභාවේ වැඩකටයුතු කරගෙන ගියද මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ යටතේ එහිදී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම ඉදිරිපත් කරන ලද්දේ පෞද්ගලිකව තමන්ට අදාළ වූ කරුණුවලට වඩා රජයට එරෙහි ප්‍රකාශයන්ය. 
සන්ධ්‍යකුමාර රාජපක්ෂ, සමන්ප්‍රිය හේරත්, ඩී.බි. හේරත්, ආර්.එම්.එම්. රත්නායක සහ සුමිත් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් එහිදී කරුණු දැක්වූයේ රජයේ වත්මන් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඔවුන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමිනි. සුමිත් රාජපක්ෂ මහතා කතා කරමින් සිටියදී ඩී.බි. හේරත් මහතා ප්‍රමුඛ ඒකාබද්ධ කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිස බැනර් හා සටන් පුවරු ඉහළට ඔසවා ගනිමින් රජයට එරෙහිව හඬනගන්නට වූහ.
මෙහිදී විපක්ෂ නායක ශමල් ප්‍රසන්න සේනරත් මහතා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමද එහිදී ඒකාබද්ධ කණ්ඩායමට එරෙහිව හඬ නගන්නට වීම නිසා සභාව තුළ පැවැතියේ මහත් වූ ගාලගෝට්ටියකි. එහිදී මුලසුන හෙබවූ සභාපති ටිකිරි අධිකාරි මහතාටද සභාව පාලනය කිරීම අසීරු විය. ඒකාබද්ධ පි‍ලේ කණ්ඩායම මෙහිදී රජයට අප්‍රසාදය පළකරමින් බැනර් හා පුවරු ඔසවාගෙනම සභාවෙන් එළියට යාම නිසා මුලසුනෙහි සිටි සභාපඵතිවරයා සභාවේ කටයුතු සුළුවේලාවකට අත්හිටුවීය.
 
කුරුණෑගල ජේ.එම්. මහරුෆ්/ බි.ටී.ආර්. රොඩ්රිගෝ - කුරුණෑගල/ කමලා අතරගල්ල - දොඩම්ගස්ලන්ද

ශ්‍රී ලංකාවේ පැවැති සත්වන ලෝක බෞද්ධ මහා සමුළුව සදහා සහභාගීවූ එම සමුළුවේ උත්තරීතර උපදේශක අතිපූජ්‍ය ආචාර්ය කියුස් එන්ෂින්ජෝ ( Dr. Kyuse Enshinjoh) හිමිපාණන් වහන්සේ අද (07) මහනුවර සංචාරයක නිරතවූහ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි උන්වහන්සේ සිය සංචාරය සනිටුහන් කරමින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේදී මුරුත පැලයක් රෝපණය කිරීමට එක්විය.

ශ්‍රී ලංකාවේදී පැවැති එම සමුළුව නිමිත්තෙන් මෙම පැළය රෝපණය කළ අතර උන්වහන්සේ ඇතුලු දූත පිරිස පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ කෙටි සංචාරයක ද නිරත වූහ.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා, නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය, පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි නානායක්කාර මහතා  ද ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වුහ.

නදීක දයා බණ්ඩාර - මහනුවර

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ, හත්වැනි බෞද්ධ සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයෙන් මෙවර මෙම සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, සාමාජික රටවල් 47 ක ප්‍රධාන සංඝනායක හිමිවරු තුන්සිය නමක් ප්‍රමුඛ ගිහි පැවිදි නියෝජිතයෝ රැසක් මීට එක්ව සිටිති.
 
ලෝක බෞද්ධ මහා සම්මේලනයේ, හත්වැනි බෞද්ධ සමුළුව නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.
 
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් ද දෙස්, විදෙස් ගිහි පැවිදි සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.















ඡායාරූප - සුදත් සිල්වා

ඉදිරිෙය්දි පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී අඹගමුව ප්‍රාදේශීය සභාව  කොට්ඨාශ ක්‍රමය අනුව කොටස් තුනකට වෙන් කිරිමේදී සිංහල ජනතාව බහුතරයක් ජීවත්වන අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ශ්‍රීපාදස්ථානය පිහිටි භුමිය වෙන් කිරීමට එරෙහිව අද (31) පෙ.ව. 10.30 ට පමණ ගිනිගත්හේන නගරයේ ප්‍රධාන බස් නැවතුම්පලේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

මෙම උද්ඝෝෂණය සංවිධානය කළ කන්ද උඩරට ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරයේ සභාපති හා අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී හෙළප්‍රිය නන්දරාජ් මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, බහුතරයක් සිංහල ප්‍රජාව ජීවත්වන අඹගමුව ප්‍රාදේශීය සභාව, මස්කෙළිය, නෝර්වූඩ් හා අඹගමුව වශයෙන් සභා 03 කට කඩා වෙන් කිරිමෙන් බහුතර බෞද්ධ ප්‍රදේශයෙන් ඉවත්වන ශ්‍රීපාද භූමිය හා  මෙතෙක් කල් පැවති ජාතීන් අතර සැබෑ සංහිඳියාව රැක ගැනීම අරමුණු කරගෙන මෙම විරෝධතාව පවත්වන බවය.

මෙයට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට සූදානම් බවත් හෙතෙම වැඩිදුරටත්  අවධාරණය කර සිටියේය.මෙම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.  ගිනිගත්හේන නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක


නව ව්‍යවස්ථා කෙටුම්පතට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරයක් ඊයේ (30) පාර්ලිමේන්තු සංකීර්ණය අසල පැවැති අයුරු. මේ හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගය ද වසා දැමීමට සිදු විය.

කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කටාර් අග්‍රාමාත්‍ය අබ්දුල්ලා බීන් නසර් කලීෆා අන් තානී මහතා අතර නිල හමුව අද (26) පෙරවරුවේ සිදු විය.

ජනාධිපතිතුමා නවතැන්ගෙන සිටින දෝහා නගරයේ හෝටලය වෙතම පැමිණි අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමා හමුවීම විශේෂත්වයකි.

ඡායාරූප : සුදත් සිල්වා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.