Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා 25 ක කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම පිළිබඳ ජාතික ප්‍රවර්ධන වැඩසටහනේ එක් අංගයක් ලෙස පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද ඇයට බලයක් - රටට වෙනසක් පා ගමන ඊයේ (14) කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ විය.
කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කළ එම පා ගමනට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ඇතුළු මැති ඇමැතිවරු, දේශපාලන නියෝජිතවරියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
 
ඡායාරූපය: තුෂාර අතපත්තු

ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ ජාතික දියවැඩියා දින පා ගමන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන , ‍පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු විශාල පිරිසක්  එම අවස්ථාවට එක් වූ අතර ගාලු මුවදොර පිටියේ මදක් විවේක සුවයෙන් ගත කළ ජනාධිපතිවරයා ඡායාරූපවල වේ. 




ඡායාරූපය  - ජනාධිපති මාධ්‍ය අංශය 


ඡායාරූපයේ සිටින්නේ ජ.වි.පෙ. ලාල් කාන්තත් පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුවත්ය. කලක් එකට සිටි මේ දෙපිරිස වෙන්වූ පසු පසුවූයේ නයි මුගටි වෛරයෙනි. ඉතිහාසයේ ලියැවී තිබුණේ දෙපිරිස එකතු වූ තැන කෙළවර වූයේ ගැටුමකින් බවය. පසුගියදා මේ පස මිතුරු කඳවුරු දෙක සයිටම් විරෝධී දෙමාපිය රැස්වීමකට සහභාගි වූහ. එහිදී හදිසියේම වට මහ වැස්සෙන් ඔළුව බේරා ගන්නට ලාල් කාන්තත් නාගමුවත් එකම කුඩයක් යටට ගාල්වූ අයුරු අප ඡායාරූප ශිල්පී නිමල්සිරි එදිරිසිංහගේ කැමරාවේ සටහන් වී තිබුණේ මේ අයුරිනි.
 
ඡායාරූපය:නිමල්සිරි එදිරිසිංහ

රට තුළ පවතින තෙල් අර්බුදයට විරෝධය පළ කරමින් හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පා පැදිවල නැගී පාර්ලිමේන්තුවට පැමිණියහ.
අය වැය විවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුව ඊයේ සවස 3 ට රැස්වීමට නියමිතව තිබූ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් පාපැදිවල නැගී පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියහ.
පාර්ලිමේන්තු මාර්ගයට පිවිසෙන ‍පොල්දූව වටරවුම ආසන්නයේ සිට මන්ත්‍රීවරු ගොන් කරත්තයකින් හා පාපැදිවලින් ජයන්තිපුර පාර්ලිමේන්තු පිවිසුමට පැමිණි අතර එහිදී ‍පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරුන්ට පාපැදිවලින් හා කරත්තවලින් ඇතුළු විය නොහැකි බව දැනුම් දුන්නේය. දිනේෂ් ගුණවර්ධන මහතා කරත්තයෙන් පැමිණියේය.
එසේ නමුත් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම හා පිටවීමට බාධා කිරීමට කිසිවකුට නොහැකි බව දැනුම් දීමෙන් පසු ඉහළ ‍පොලිස් නිලධාරීන් පැමිණ ඔවුන්ට ඇතුළුවීමට ඉඩ සලසා දුන්නේය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාපැදිවලින් ඉදිරියට පැමිණෙද්දී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහි ඉදිරියෙන්ම ගමන් කරනු දක්නට ලැබුණි. කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද පාපැදිය පැදගෙන එනු ලැබිණි.
මන්ත්‍රීවරු කිහිප දෙනකු තවත් මන්ත්‍රීවරයකු විසින් බයිසිකලයේ ඉදිරියේ හිඳුවාගෙන පැදගෙන එනුද දක්නට ලැබුණි.

ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න

අග්නිදිග ආසියාතික රාජ්‍යයන්ගේ අන්තර්ජාතික නෞකා පිරික්සුම (ASEAN IFR 2017) සහ නාවික අභ්‍යාසයන්ට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව වන ශ්‍රී ලංකා සයුරළ නෞකාව අද (නොවැම්බර් 09) ත්‍රිකුණාමලය වරායෙන් තායිලන්තය බලා පිටත් වන ලදී.

මෑතකදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ මෙම නෞකාව මෙවන් විදේශ අභ්‍යාසයක් සඳහා සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙය ලෙස සනිටුහන් වේ. මේ සඳහා නිලධාරීන් 18 දෙනෙකුන් සහ නාවිකයන් 109 දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් සහභාගී ‍වේ.

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට වසර 50 ක් සපිරීම නිමිති කර ගනිමින් 2017 නොවැම්බර් මස 18 වන දින සිට 21 වන දින දක්වා තායිලන්තයේ පට්ටයා මුහුදු ප්‍රදේශයේදී එම නෞකා දැක්ම පැවැත්වීමට නියමිතව ඇත. මෙම නෞකා දැක්ම සහ නාවික අභ්‍යාසයන් සඳහා අග්නිදිග ආසියාතික රටවල් 19 ක් නියෝජනය කරමින් ‍යුද නෞකාවන් 26 ක් සහභාගී වීමට නියමිතයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යාංශ ‍ලේකම් ආර් එස්.එච්. සමරතුංග මහතා සමග 2018 අයවැය අවසන් අදියරේ කටයුතු ඊයේ (08) සිදුකරමින් සිටි අයුරු.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.