Coss Ear2
lakbima.lk
COSS Ear 1

මා දැල් හිමිකරුවන් රැසක ගේ ධන උල්පත වූ තංගල්ල මා දැල් තොටුපල ට මේ වන විට හිමිව ඇත්තේ කණගාටුදායක තත්වයකැයි ධීවරයෝ කියති. සංචාරක හෝටල් හිමි කරුවන් විසින් මුහුදු වෙරළ ආක්‍රමණය කොට මා දැලක් අදින්නට දැන් එහි ඉඩ කඩක් නැතැයි ඔවුහු මැසිවිලි නගති. මේ  නිසාම මා දැල් කරුවෝ සිය ජීවන වෘත්තියෙන් ඈත් වි බහු දින යාත්‍රා හිමි කරුවන් ගේ කුලී කරුවන් වී ඇත.

ඉඳ හිට මා දැලක් මහ සයුරේ එලුවද එය ඇද ගැනීම සදහා දැන් කාත් කවුරුවත් නැත. ඒ අඩුව පුරවන්නට විදේශීය ජාතිකයන් කිහිප දෙනෙකු තංගල්ල මා දැල් තොටුපලේ මා දැලක් අදින්නට වෙහෙස වූ අයුරු ලක්බිම කැමරාවේ සටහන් වූයේ මෙසේය.

තංගල්ල චන්ද්‍ර සේන ගමගේ




 

එක්සත් ජාතික පක්ෂ මැයි දිනය එහි නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. එම අවස්ථාවේදී පැමිණ සිටි පාක්ෂිකයන්ට රනිල් වික්‍රමසිංහ මහතා ආචාරය කළ අයුරු. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, මහ‍ලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුන් හා මන්ත්‍රීවරුන් සිය නායකයා සමග එක්ව සිටි අයුරු.
 
ඡායා - නිමල්සිරි එදිරිසිංහ 

කොළඹ මාතර දුම්රිය මාර්ගය කතරගම දක්වා දීරිඝ කිරීම මීට දශක කිහිපයකට පෙර සිට බොහෝ රාජ්‍ය නායකයන් දුටු සිහිනයකි. පසුගිය කාලයේ එම සිහිනය මඳින් මද සැබෑ වන ලකුණු පෙන්නුම් කළ අතර අද වන විට එම සිහිනයෙන් කොටසක් ශිඝ්‍රලෙස ඵල දරමින් තිබෙනු දක්නට තිබේ.

මේ මාතර කතරගම දුම්රිය මාර්ගයේ මුල් අදියර වන මාතර බෙලිඅත්ත කොටස තව මාස කිහිපයකින් විවෘත කිරීම සඳහා බෙලිඅත්ත සහ වැවුරුකන්නල දුම්රිය ස්ථාන ශීඝ්‍රයෙන් ඉදිවෙමින් පවතින අන්දමයි.







සටහන හා ඡායාරූප - සහන් සංකල්ප සිල්වා

අභාවප්‍රාප්ත  සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු ඊයේ (02) රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුවිය. එහිදී ඒ මහතාගේ බිරිඳ සුමිත්‍රා පීරිස් මහත්මිය දරාගත නොහැකි ශෝකයෙන් හඬා වැලපුන අයුරු. 










 
ඡයාරූප - තුෂාර අතපත්තු

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැළිය ඊයේ (01) කොළඹ කොටුවේදී පැවැත්විණි. එම රැළිය සඳහා වවුචර් එපා ඇඳුම් ඕන යැයි සඳහන් පුවරු එල්ලාගෙන කුඩා ළමුන් සහභාගි වී සිටි අයුරු හා තවත් මවක දැරියක අත දරා පෙළපාලියේ ගමන් කළ අයුරු.
ඡායාරූප - ප්‍රියන්ත ගමගේ

ශ්‍රී.බු.ව.2562 වෛශාඛ මංගලය වෙනුවෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධාලෝක වෙසක් උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ සම්මේලන මුලස්ථානයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.

මෙම සාමාරම්භක උත්සව සඳහා සම්භාවනීය බෞද්ධ ප්‍රභූන් රැසක් එක්ව සිටි අතර සම්මේලන ගරු සභාපති ජගත් සුමතිපාල මහතා ඇතුළු බෞද්ධ සම්මේලන ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝද මීට එක්ව සිටියහ.

මෙවර බෞද්ධාලෝක වෙසක් උත්සවයේ තේමාව වනුයේ බුදු දහමින් ඉගැන්වෙන අහිංසාව යන්නය.

මෙම බෞද්ධා ලෝක වෙසක් උළෙල මැයි 4 වෙනිදා දක්වා පැවැත්වෙයි.





ඡායාරූප - තුෂාර අතපත්තු

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.