Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය “ටිබෙට් සංස්කෘතිය” යන මැයෙන් සංවිධානය කළ ඡායාරූප ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවූ බුද්ධ ශාසන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සහභාගී විය. මීට සමගාමීව ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය විසින් දහම් පාසල් දූ දරුවන්ට සුදු රෙදි බෙදා දීමක්ද සිදු කෙරිණි.  

චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ ප්‍රධානි ලියු ‍ඩොන්, බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ, ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති සුමති ධර්මවර්ධන, ප්‍රධාන ලේකම් කර්නල් සුගත් මඩුගල්ලේ, අනුශාසක ප්‍රණීත් අබේසුන්දර, උප භාණ්ඩාගාරික මේජර් චන්ද්‍රසිරි විජේරත්න යන මහත්වරු ද මීට සහභාගී වූහ.








ඡායාරූප - තුෂාර අතපත්තු

කොටුව ජනාධිපති මන්දිරයේ විශේෂ නත්තල් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම නත්තල් උත්සවය සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ප්‍රමුඛ රදගුරුතුමන්ලා පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් ද එක්ව සිටියහ. කැරොල් ගීත ඇතුළු විචිත්‍රාංග රැසකින් නත්තල් උත්සවය වර්ණවත් විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැති පිරිසක් ද මීට එක්ව සිටියහ. 
 
ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය

වොලිබෝල් ක්‍රීඩාව තුළින් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිත ගතකර ජාත්‍යන්තර තරග සදහා ඉදිරිපත් කිරිමේ අරමුණින් 12 වන වරටත් අඛණ්ඩව පවත්වන ලද ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ සමාප්ති උළෙල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (18) පස්වරුවේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මෙදින මෙම තරගාවලිය කාණ්ඩ 04 ක් යටතේ විවෘත අංශයේ පිරිමි/ කාන්තා සහ වයස අවුරුදු 22 ක් පහළ පිරිමි/කාන්තා වශයෙන් පැවැත්විණි.


ඒ අනුව විවෘත අංශයේ පිරිමි ශූරතාවය දිනූ කටාන ඒකාබද්ධ ක්‍රීඩා සමාජයට සහ  කාන්තා ශූරතාවය දිනූ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයට රුපියල් එක් ලක්ෂ පනස්දහස බැගින් චෙක්පත්, රන් සම්මාන සහ සහතිකපත් ජනාධිපතිතුමා අතින්  ප්‍රදානය කෙරිණි.


එමෙන්ම වයස අවුරුදු 22 න් පහළ පිරිමි අංශයේ ශූරතාවය දිනාගත් යුනයිටඩ් ක්‍රීඩා සමාජයට සහ කාන්තා ශූරතාවය දිනූ ගලිගමුව සිරි පැරකුම් ක්‍රීඩා සමාජයට හිමි රුපියල් ලක්ෂයක චෙක්පත්, රන් සම්මාන හා සහතිකපත් ප්‍රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලයේ සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උප සභාපතිනි  රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පා.ම. අශෝක ප්‍රියන්ත, වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ.එස්. නාලක යන මහත්ම මහත්මීන් ඇතුඑ පිරිසක් මේ අවස්ථාවට එක්විය.

( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )

තෙදිනනිල සංචාරයක් සදහා මෙරටට පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මැලේසියා අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.

ආචාර වෙඩි මුර 21 ක් සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භකර වසර හැටක් සපිරීම සමරමින් මැලේසියා අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදුවන අතර, දෙරටේ මිත්‍රත්වය විදහා දක්වමින් මැලේසියා අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන්කෙටි උත්සවයක් ද ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබුණි.

නායකයින් අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය.






ඡායාරූප :සුදත් සිල්වා 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ආරාධනයෙන් තෙදින නිල සංචාරයක් සඳහා මැ‍ලේසියානු  අග්‍රාමාත්‍ය මොහොමඩ් නජීබ් බින් තුන් අබ්දුල් රසාක් මහතා ඊයේ (17)  දිවයිනට පැමිණියේය. විදේශ කටයුතු හා සංවර්ධන  කාර්යයන් පිළිබඳ අමාත්‍ය  තිලක් මාරපන මහතා විසින් කටුනායක ගුවන්තොටුපළේදී ඒ මහතා පිළිගත් අතර අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. මැ‍ලේසියානු අග්‍රාමාත්‍යවරයා විසින් ගුවන්තොටුපළේ විශේෂ අමුත්තන්ගේ  සමරු සටහන් ‍පොතේ අත්සන් තැබූ අයුරු.
 
ඡායාරූපය - මලිත් ගමගේ 

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් සංවිධානය කරන ලද සහසක් නිමැවුම් - 2017 ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය පසුගිය 8 වැනිදා සිට 10 දක්වා තායිවානයේදී පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකික යොවුන් නව නිපැයුම්කරුවන් රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් ලබාගැනීමට සමත් විය.
මෙම ප්‍රදර්ශනය සඳහා රටවල් 26 ක් නියෝජනය කරමින් නව නිපැයුම්කරුවන් 399 ක් සහභාගි වී ඇත. මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර මහමායා බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් ජේ. එම්. ලහිරු කාවින්ද සහ ජේ. එම්. අයේෂා දේවින්දි විසින් ඉදිරිපත් කරන ලද ජීව අඟුරු සහ ප්ලාස්ටික් මිශ්‍රණය නව නිපැයුමට රන් පදක්කම සහ හොඳම ජාත්‍යන්තර නව නිපැයුම් සම්මානය හිමිවිය. ඔවුන් විසින්ම ඉදිරිපත් කරන ලද සුර ශාක විෂ, සත්ව විෂ සහ ශාක හඳුනා ගැනීමේ නාමකරණ පද්ධතිය සඳහා රන් පදක්කමද, නාය යෑම් වළක්වන ජීව ඉන්ධන අමුද්‍රව්‍ය සපයන ජීව වැට සඳහා රිදී පදක්කමද, මාර්ග හා පරිසර නීති ක්‍රියාත්මක කිරීමට උපකාරී වන බහුකාර්ය තත්ත්ව පරීක්ෂණ උපකරණය සඳහා රිදී පදක්කමද, සෞක්‍ය අවදානම් පෙර දැනුම් දීමේ පද්ධතිය සඳහා ලෝකඩ පදක්කමද හිමිවීම මෙහි විශේෂත්වයකි.
මේ සඳහා මාත‍ලේ හින්දු ජාතික පාසල නියෝජනය කරමින් ඉදිරිපත් වූ විජේකුමාර් කේශාන් කුමාර සහ විජේකුමාර් විජිත් කුමාර් කැමරා සවිකරන ලද අඹ කඩන උපකරණයට රන් පදක්කම සහ කේ‍රාඒෂියානු විශේෂ සම්මානය ලැබිණි.
කොළඹ මියුසියස් විද්‍යාලයේ තිවින්යා රවීන්දි ප්‍රේමරත්න ඉදිරිපත් කළ දෙමහුන් ගෑස් කුහරය සඳහා රන් පදක්කම හා මැකාඕ රාජ්‍යයේ විශේෂ සම්මානය හිමිවිය. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය නියෝජනය කරමින් එල්. ඊ. කේ. එම්. රත්නවීර ඉදිරිපත් කළ ද්වි කාර්ය දොර අගුල සඳහා රන් පදක්කම හිමිවිය. මෝටර් සයිකල් සඳහා ස්වයංක්‍රීය පැති ආධාරකය ඉදිරිපත් කළ කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ ආර්. සඳළු රංසික සෙනෙවිරත්නට රිදී පදක්කම සහ ඉන්දුනීසියානු විශේෂ සම්මානය හිමි විය. ගම්පහ යශෝධරා දේවී බාලිකා මහා විද්‍යාලයේ කාවින්දි හිරුණි අධිකාරි සහ කේ. ජී. සචින්තා එරින්දි ඉදිරිපත් කළ ගංවතුර දොර ආවරණයට රිදී පදක්කම හිමිවූ අතර කැලණිය ගුරුකුල විද්‍යාලයේ ජේ. ඩබ්ලිව්. තිමින් නවෝද්‍යා ඉදිරිපත් කළ රෝල්ස් සාදන යන්ත්‍රය සඳහාද රිදී පදකකමක් හිමිවිය.
මෙම නව නිපැයුම් ප්‍රදර්ශනයට සහභාගි වූ මහියංගණය බ/ඔරුබැඳිවැව ද්වතීයික පාස‍ලේ ඩී. එම්. ඒ. සඳමාලි දිසානායක සහ බි. ඩබ්. එම්. ඩී. ලක්මාල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ බස් රථ පාපුවරු ආරක්ෂණය සඳහා රිදී පදක්කම හිමිවිය. මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ වී. විශාන්තන් ඉදිරිපත් කළ සනීපාරක්ෂකව මුත්‍රා කිරීමට අදාළ සරල උපකරණය සඳහා ලෝකඩ පදක්කම හිමිකරගෙන තිබිණි.
ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනයේදී පාසල් අංශයේ ජයග්‍රහණය කරන ලද නව නිපැයුම් 13 ක් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ පූර්ණ අනුග්‍රහය සහ මගපෙන්වීම යටතේ තායිවානයේදී පැවැති Kaohsiung International Invention and Design EXPO (KIDE)- 2017 ප්‍රදර්ශනයට සහභාගි විය.  සියලු නව නිපැයුම්කරුවන් සඳහා ලියාපදිංචි ගාස්තු, ගුවන් ටිකට් පත් සඳහා වියදම සහ අනෙකුත් සියලු වියදම් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ සංගමය විසින් දරන ලදී.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් ආචාර්ය මහේෂ් එදිරිසිංහ මහතා විසින් හොබවනු ලැබිණි.

තනුජා නානායක්කාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.