Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලක්බිමට ශ්‍රමාභිමාණි මාධ්‍යසූරී සම්මානය

ශ්‍රමාභිමානී ජාතික සංවිධානය මෙහෙයවන ශ්‍රමාභිමානී සම්මාන උළෙල කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුරේදී පැවැත්විණි.
පේ‍රෟඪ ඉතිහාසයක් තුළ අභිමානවත් රටක සංවර්ධනයේ පෙර ගමන්කරුවන් ලෙස තම ඥානය බුද්ධිය හා නිර්මාණ හැකියාවන් දායාද කරමින් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ විවිධ පැතිකඩ ඔස්සේ සිදුකරන සේවය අගයමින් ශ්‍රමාභිමානී ජාතික සංවිධානය විසින් වසරේ දක්ෂතම ‍ලේඛිකාව ලෙස තේරී පත්වූ ලක්බිම පුවත්පතේ පද්මිණි මාතරගේ මහත්මියට ශ්‍රමාභිමානි මාධ්‍යසූරී සම්මානය පිරිනමනු ලැබිණි.
මෙහි සම්මාන ප්‍රදානයට පැමිණි කම්කරු වෘත්තීය සබඳතා පිළිබඳ අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවැසුවේ වෘත්තීය සමිති නායකයන් අසීමිතව දුක් ගැහැට විඳිමින් නිර්භීතව වැඩකරන  ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීමට කටයුතු කරන බවයි. තම වෘත්තීය සමිති වෙනුවෙන් කටයුතු  කිරීමේදී ඔවුන්ට නොයෙක් දෝෂාරෝපණ එල්ලවුවත් ඔවුන් ජනතාවට විශාල සේවාවක් කරන බවද අමාත්‍යවරයා පැවැසීය.
මෙම සම්මාන උත්සවයේදී මාධ්‍ය, වෘත්තීය සමිති, ව්‍යාපාරික, ඉදිකිරීම්,ව්‍යවසායක ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක විශිෂ්ටයන් රැසකට සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි.

තනූජා නානායක්කාර
ඡායාරූපය : තුෂාර අතපත්තු

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2145

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3107

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3390

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1377

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3294

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2426

Please publish modules in offcanvas position.