කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ගාලුමුවදොර පිටිය ඉදිරිපිට ඉදිකෙරුණු ෂැන්ග්‍රිලා හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි.
ලොව පුරා ව්‍යාප්තව ඇති ෂැන්ග්‍රිලා හෝටල් සමූහයට අයත් 101 වැනි හෝටලය ලෙස විවෘත කෙරුණු කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය අති නවීන පහසුකම් සහිතව ඉදිකර තිබෙන අතර, සේවා නවාතැන් 41ක් සහ අධි සුඛෝපභෝගී කාමර 34ක් ඇතුළු කාමර 541කින් සමන්විතය.
පීත්තපටිය කපා හෝටලය විවෘත කළ ජනාධිපතිවරයා අනතුරුව සමරු ඵලකය ද නිරාවරණය කළේය.
එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබූ ජනාධිපතිවරයා 32 වැනි මහලේ පිහිටි නැරඹුම් මැදිරියේ සිට අවට පරිසරය නිරීක්ෂණය කළේය.
ෂැන්ග්‍රිලා ආසියා සමාගමේ සභාපති හූයි කුඕක් මහත්මිය ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක්ද පිළිගැන්වූවාය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, මංගල සමරවීර, ෂැන්ග්‍රිලා ආසියාහි ප්‍රධාන විධායක නිලධාරී ලිම් බෙන්ග් චී , ෂැන්ග්‍රිලා ශ්‍රී ලංකා හෝටල් සමූහයේ අධ්යක්ෂ සාජාඩ් මව්සුන් යන මහත්ම මහත්මීහු සහ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.