Coss Ear2
lakbima.lk
COSS Ear 1

මහින්ද ඇතුළු ඒකාබද්ධයේ මන්ත්‍රීවරු පාපැදියෙන් මැතිසබයට

රට තුළ පවතින තෙල් අර්බුදයට විරෝධය පළ කරමින් හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පා පැදිවල නැගී පාර්ලිමේන්තුවට පැමිණියහ.
අය වැය විවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුව ඊයේ සවස 3 ට රැස්වීමට නියමිතව තිබූ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් පාපැදිවල නැගී පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියහ.
පාර්ලිමේන්තු මාර්ගයට පිවිසෙන ‍පොල්දූව වටරවුම ආසන්නයේ සිට මන්ත්‍රීවරු ගොන් කරත්තයකින් හා පාපැදිවලින් ජයන්තිපුර පාර්ලිමේන්තු පිවිසුමට පැමිණි අතර එහිදී ‍පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරුන්ට පාපැදිවලින් හා කරත්තවලින් ඇතුළු විය නොහැකි බව දැනුම් දුන්නේය. දිනේෂ් ගුණවර්ධන මහතා කරත්තයෙන් පැමිණියේය.
එසේ නමුත් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම හා පිටවීමට බාධා කිරීමට කිසිවකුට නොහැකි බව දැනුම් දීමෙන් පසු ඉහළ ‍පොලිස් නිලධාරීන් පැමිණ ඔවුන්ට ඇතුළුවීමට ඉඩ සලසා දුන්නේය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාපැදිවලින් ඉදිරියට පැමිණෙද්දී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහි ඉදිරියෙන්ම ගමන් කරනු දක්නට ලැබුණි. කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද පාපැදිය පැදගෙන එනු ලැබිණි.
මන්ත්‍රීවරු කිහිප දෙනකු තවත් මන්ත්‍රීවරයකු විසින් බයිසිකලයේ ඉදිරියේ හිඳුවාගෙන පැදගෙන එනුද දක්නට ලැබුණි.

ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.