Coss Ear2
lakbima.lk
COSS Ear 1

සූදානම් ශරීරේ

මීට වසර කිහිපයකට පෙර පෙළපාළි, උද්ඝෝෂණ, විරෝධතා මේ සියල්ල තිබුණේ ලිප්ටන් වටරවුමේය. ලිප්ටන් වටරවුමේ ඒ අභිමානය අද වන විට කොල්ලුපිටිය වටරවුම උදුරාගෙන හමාරය. සයිටම් විරෝධතා හේතුවෙන් මාස නවයක් තිස්සේ වසා දමා ඇති රජයේ වෛද්‍ය පීඨ සිසුවෝ හැමදාමත් උද්ඝෝෂණ පෙළපාළිි හමාර කළේ අගමැති සිටිනා අරලියගහ මන්දිරය පිහිටි මේකී කොල්ලුපිටියෙනි. මේ නිසාම දැන් ඒ ප්‍රදේශයට සටන්පාඨ, කඳුළු ගෑස්, ජලප්‍රහාර හොඳහැටි හුරු පුරුදුය. ඒ නිසාම දැන් ඒ අවට ජනතාව සිටින්නේ කඳුළු ගෑස්, ජල ප්‍රහාරවලට සූදානමිනි. පසු ගිය 10 වැනිදා ද සයිටම් විරෝධී රැලියක් එහි පැවැත්විනි. කොල්ලුපිටිය හන්දියේම  ඇති ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ආරක්ෂක නිලධාරීන් පෙර සූදානමින් යුතුව කඳුළු ගෑස් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ගෑස් මුහුණු පැළඳ සිටියේ මේ අයුරිනි.

ඡායාරූප: මලිත් ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.