Coss Ear2
lakbima.lk
COSS Ear 1

SEA-ME-WE 5 ජනපති අතින් විවෘත කෙරේ

දකුණු ආසියානු කලාපයේ වැඩිම ඉල්ලුමක් ඇති දත්ත සම්ප්‍රේෂණ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවට හිමි ස්ථානය තවදුරටත් ඉහළ නංවමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී ආයතනය විසින් මාතර ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද SEA-ME-WE 5 මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ විවෘත කෙරිණි.

ශ්‍රීලංකාව වෙත 48 Tbps ක වේගයෙන් යුතු ගෝලීය බෑන්ඩ්විත් පරාසයක් හිමිකර දෙමින් අග්නිදිග ආසියානු, මැදපෙරදිග හා බටහිර යුරෝපීය කලාපයේ රටවල් 17 ක විදුලි සංදේශ සමාගම් රැසක සහභාගිත්වයෙන් ආරම්භකර තිඛෙන මෙම නවීන මුහුදු සංදාම පද්ධතිය ශ්‍රී ලංකා ආර්ථීකය ඩිජිටල් කරණ යුගයක් කරා පියවර තබමින් සිටින අවස්ථාවක ජාත්‍යන්තර සේවා සැපයූම් වඩා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක  සුවිශේෂී ව්‍යාපෘතියකි.

මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය මෙහිදී ගාල්ලේ සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණු අතර අනතුරුව ගාල්ලේ ස්ථාපිත රැහැන් ඩිපෝව සඳහා මුල්ගල් තැබීම ද ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිතුමා අතින් සිදුවිය.

අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු, මංගල සමරවීර, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය තාරානත් බස්නායක, දකුණු පළාත් අමාත්‍ය චන්දිම රාසපුත්‍ර යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු පිරිසක් ද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.