Coss Ear2
lakbima.lk
COSS Ear 1

රවි ඉල්ලා අස්වෙයි

රවි ඉල්ලා අස්වෙයි විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (10) සිය තනතුරෙන් ඉල්ලා අස්විය. ඒකාබද්ධ විපක්ෂය කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට ඔහුට ජනාධිපතිවරයාගෙන්ද ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන්ද බලපෑම් එල්ල වී තිබිණ.

මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වන පර්පචුවෙල් ටෙසරීස් සමාගමේ අර්ජුන් ඇලෝෂියස් මහතාගේ මුදලින් කරුණානායක මහතාගේ පවුල නිවසක් කුලියට ගැනීම හා ඔහුට එම නිවස මිලට ගැනීම සම්බන්ධයෙන් බැඳුම්කර කොමිසමේදී අනාවරණය වූ තොරතුරු  පදනම් කොට ගෙන ඒකාබද්ධ විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කොට තිබුණේය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බැඳුම්කර කොමිසම කරුණානායක මහතාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් විය.

මෙරට දේශපාලනයේ නව දේශපාලන සංස්කෘතියක් උදෙසා සිය තනතුර කැප කරන බවට පාර්ලිමේන්තුවේදී ඊයේ (10) විශේෂ ප්‍රකාශයකත් කරමින්  අනතුරුව සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ රවි කරුණානායක මහතා සිය අසුනෙන් ඉවත්  වී පසු පෙළ ආසනයක අසුන් ගත්තේය.

මෙම තීන්දුව ගත්තේ කිසිදු දුකකින් නොව ආඩම්බරයකින් බව සිය ප්‍රකාශයේදී අවධාරණය කළ අමාත්‍යවරයා බැඳුම්කර කොමිසම තමාගෙන් ප්‍රශ්න කිරීමෙන්ම යහපාලන රජයේ ප්‍රජාතන්ත්‍රවාදයත්්, නීතියේ ආධිපත්‍යය ස්ථාපිත වී ඇති ප්‍රමාණයත් පැහැදිලි වන්නේ යැයිද කීය.

සිය ලිපිගොනු රැගෙන පසු පෙළ ආසනය වෙත රවි කරුණානායක මහතා යද්දී ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් අත්‍පොළසන් දෙමින් ප්‍රසාදය පළකළ අතර විපක්ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කරන්නට වූහ.

ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.