Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජාතික විරු ජන සම්මාන

තම දිවියට ඇති අවදානම නොතකමින් අනතුරට පත් ජීවිත බේරා ගැනීමට ඉදිරිපත් වීම ශ්‍රේෂ්ඨ මනුශ්‍යත්වයේ පරමාදර්ශයක් වනවා මෙන්ම අනතුරට පත්ව ජීවිතය සමග පොර බදන මිනිසුන් බේරා ගැනීමට ඉදිරිපත් නොවී එය පටිගත කර මුහුණු පොතේ (ෆේස් බුක්) දැමීමට නොඉවසිලිමත් වන අරුම පුදුම මිනිසුන් ද සිටින බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කථානායකවරයා මේ බව පළ කළේ 23 වන ජාතික විරු ජන සම්මාන උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

අරනායක සාමසර කන්ද නායයෑමේ ඛේදවාචකය සිදු වූ අවස්ථාවේ දී පළමු නාය යාමෙන් පසු පවුල් 70 ක් පමණ එම ප්‍රදේශයෙන් ඉවත් කරමින් දිවි බේරා දුන් නමුත්,  දෙවන නාය යාමට හසු වී සිය සොහොයුරා සමග ජීවිතය පූජා කළ එරංග විකුම්සිරි මහතා වෙනුවෙන් මෙවර ජාතික විරු ජන සම්මාන උළෙලෙහි ප්‍රධානතම ගෞරව සම්මානය වන වීර බුදල්නා ස්වර්ණ සම්මානය පිරිනැමුණු අතර,  1961 වසරෙහි දියගම ප්‍රදේශයේ දී ජලයේ ගසා ගෙන යමින් තිබූ ජීවිත 07 ක් බේරා ගත් වීර මැගිලින් නෝනා නමැති මාතාව ද විශේෂ ඇගයීමට ලක් කිරීම මෙහිදී සිදු වූයේ ඇයගේ සතුටු කදුළු මැදය.  

මඩකලපුව ප්‍රදේශයේ රාජකාරී කරමින් සිටියදී සිව් දෙනෙකු රැගත් ත්‍රිරෝද රථයක් ජලයට පෙරලී ගසාගෙන යත්දී සිය දිවි පරදුවට තබා ගැබිනි මවක, කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු ජීවිත 04 ක් බේරා ගත් ගුවන් හමුදා නිලධාරියෙකු වූ නවීන් ධනුෂ්ක බන්ඩාර මහතා සහ තවත් එවැනිම ක්‍රියාවන් පෙලක් උදෙසා  පොලිස් නිලධාරියෙකු වූ හේරත් සේනානායක,  ජීවිතාරක්ෂ නිලධාරියකු වූ නිහාල් සරත් කුමාර ,වෘත්තියෙන් රියදුරකු වූ බද්දේගම ධනුෂ්ක ලක්මාල් කුමාර, විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වූ එස්.ඩබ්. කරුණාදාස, බණ්ඩාරගම තරුෂි සුජානි රණසිංහ, දික්වැල්ල පොලිසියේ නිලධාරියෙකු වූ රුමේෂ් සයුරංග වන්නිගම, මහනුවර පොල්ගොල්ලේ සමන් ප්‍රියංකර බණ්ඩාර, වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු වූ රාජාංගනයේ පාලිත ආනන්ද ජයකොඩි, කටුකුරුන්දේ බැංකු ආරක්ෂක නිලධාරියෙකු වූ සමන් රෝහිත ජයසිංහ, පාදෙනිය වේපත් අංග ප්‍රදේශයේ පදිංචි ඊ.එම් කපුරු බණ්ඩා යන අයවලුන් ද ජාතික විරු ජන රජත සම්මානයෙන් පිදුම් ලැබූහ.   

ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හච්සන්, (Mr.Bryce Hutchesson) මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ජේ.බී දිසානායක ඇතුළු  විශාල පිරිසක්ද ජාතික විරුජන සම්මාන උළෙල සඳහා එක්ව  සිටියහ.

එමෙන්ම පසුගියදා ඇති වූ මහා ගංවතුර සහ නායයාම් විපතේ දී සිය රාජකාරිය ඉක්මවා මනුශ්‍යත්වයේ නාමයෙන් කැප වූ ශ්‍රේෂ්ඨ මිනිසුන් බොහොමයක් දැක ගැනීමට ලැබුණු බව ද කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

එහිදී අනතුරට පත් වූවන් බේරා ගැනිමට ගොස් දිවි පූජා කළ ගුවන් හමුදා නිලධාරියා පිළිබඳවද මී ළඟ විරු ජන සම්මාන උළෙලෙහිදී විශේෂ අවධානය යොමු කරන ලෙස කථානායකවරයා ඉල්ලා සිටියේය.

කථානායක කරු ජයසූරිය මහතා උළෙල අමතමින් මෙසේ ද පැවසීය.

මට මතකයි මීට දශක කිහිපයකට පෙර දියේ ගිලෙමින් තිබූ ජීවිත 07 ක් බේරා ගත් වීර මැගිලින් නම් පාසල් සිසුවිය ගැන අප තරුණ කාලයේ අහන්නට ලැබුණා.

1961 දී මුලින්ම අභ්‍යවකාශයට පය තැබීමේ මිනිසා ලෙස ගෞරවය හිමි කර ගත් යූරි ගගාරින් ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ ඔහු පිළිගැනීමේ ගෞරවය ඇයට හිමි කර දීමට සිරිමා බණ්ඩාරනායක අගමැතිතුමිය කටයුතු කළා.  එතුමිය අද මෙම අවස්ථාවට පැමිණ සිටීම ගැන අප සතුටට පත් වනවා.




 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1098

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2205

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2708

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1105

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2803

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2088

Please publish modules in offcanvas position.