Coss Ear2
lakbima.lk
COSS Ear 1

රුසියානු රුවල් නෞකාවක් කොළඹ වරායට පැමිණේ (Photos/Video)

රුසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් වන ‘නඩේස්ඩා’ සුහද සංචාරයක් සඳහා අද (14) කොළඹ වරායට සේන්දු විය.

තවද නෞකාවේ කාර්යය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ඡායාරූප ශිල්පය පිළිබඳ ප්‍රදර්ශණයක් පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා රුසියානු තානාපති අතිගරු ඇලෙක්සැන්ඩර් කර්චාවා මහතා විසින් විවෘත කිරීමට නියමිත වේ. ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල , රුසියානු ආරක්ෂක උපදේශක කර්නල් දිමිත්‍රි ඒ මිකායිලොවිස්කි හා තවත් නිලධාරින් මේ සඳහා සහභාගී වීමට නියමිතව ඇත.

මෙම නෞකාව මෙරට රැඳී සිටින අතරතුර මෙම මස 15,16 හා 17 වන තෙදින පුරා පාසැල් ළමුන් සඳහා විවෘත කිරීමට සූදානම් කර ඇත. තවද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සහ ක්‍රීඩා ඉසව් සඳහා මෙම නෞකා කාර්ය මණ්ඩලය සහභාගී වීමට නියමිතය.

මෙයට වසර 200කට පමණ පෙර රුසියානු නාවිකයන් වන ඉවාන් කෲසෙන්ෂ්ටර්න් සහ යූරි ලිසියෑන්ස්කි ගේ නායකත්වය යටතේ ලොව වටා සංචාරය කළ ‘නඩේස්ඩා’ නෞකාව සිහිවීම පිණිස එම නමින්ම කුඹ ගස් තුනකින් සමන්විත  මෙම නෞකාව නම් කර ඇත.




Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 546

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1417

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3252

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2617

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 3791

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 4788

Please publish modules in offcanvas position.